Naifmvlog

Naifm vlog Gossip and News

ආයේ කවදාවත් සොයා කන්න කලින් මේ ගැන හිතන්න.

සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරා ගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම ප‍්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා සම්බන්ධයෙන් මහත් පුනරුදයක් ඇති වුණු අතර මේ හා සබැඳි නිෂ්පාදන රාශියක් ඒත් සමගම වෙළඳපොළට පැමිණුනා. ඒත් දිගින් දිගටම සෝයාවලට ස්වකීය කීර්තිනාමය පවත්වා ගැනීමට වාසනාවක් නෑ. දැන්, දැන් පෝෂණවේදීන් සෝයා ආහාර බරපතල ලෙස ප‍්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ජගත් ව්‍යාප්ත සංවාදයක් පැවතුණත් ලාංකේය අප මේ සම්බන්ධයෙන් දැනුවත් නෑ. සෝයා සම්බන්ධයෙන් මෙකල පවතින විද්වත් කතිකාවත් ඇසුරේ ඔබේ දැණුම වපසරිය පුළුල් කිරීම අපේ මේ ලිපියේ එක් අරමුණක්. දැන් තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයා සෝයා ආහාර උපන්බිම පෙරදිග ආසියාවයි. ඒත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි හරියකට උරුම කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර නිෂ්පාදනය කළ සෝයාත් දැන් වවන සෝයාත් අතර ප‍්‍රධාන වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90 කටක් වැඩි ප‍්‍රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඞ්අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනවා. රවුන්ඞ්අප් වකුගඩු රෝගී කරන ප‍්‍රබල වල් නාශකයක්. එය පසුගියදා අපේ රටේ තහනම් කළා..

සුපිරි ආහාරයකැයි බෞතීස්ම ලැබූ සෝයා වල චරිත සහතිකයට කළු පැල්ලමක් එකතු වූයේ ඇයි ? ශරීරයට කෘත‍්‍රීමව ලිංගික හෝමෝන බෙදා හරින පයිටොඊස්ට‍්‍රජන වැඩි වශයෙන්ම අඩංගු ආහාරය සෝයා වෙයි. පයිටොඊස්ට‍්‍රජන යනු අප ශරීරයේ තිබෙන ඊස්ට‍්‍රජන් හෝමෝනයමයි. සෝයාවල වෙනසකට ඇත්තේ එකී ප්‍රෝටීන සම්භවයකින් යුක්ත වීමයි. පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණේ පයිටොඊස්ට‍්‍රජන වල ගුණ ගැනය. නමුත් ඒ පර්යේෂණවලට මුදල් වියදම් කළේ කවුද ? සෝයා කර්මාන්තයෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයන්ය.බාහිරින් මෙවන් හෝමෝන වලට සමාන රසායනයක් ලැබුණු විට ශරීරය එයට ප‍්‍රතිචාර දක්වයි. ලිංගික හෝමෝන කෘත‍්‍රීමව ලැබීම නිසා ස්වාභාවික ශරීරගත හෝමෝන ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම අති විශාලය. ඊස්ට‍්‍රජන් හෝමෝනය අධිකව ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵළයක් ලෙස ඇතිවන රෝග අතර පියයුරු පිළිකා, එන්ඩොමෙටි‍්‍රයෝසියාව, ෆයිබ්‍රොයිඩ, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බෙලහීනතාවය මූලික වෙයි. දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අද අලෙවි කෙරේ.සෝයා වට්ටෝරුවකින් සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නොදරුවාටද උපත් පාලන පෙති හතරක හෝමෝන ශරීරගත වන බව පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කළේය. අද කාලයේ ඇතැම් දරුවන් වයස අවුරුදු හතේ අටේදී වැඩිවිය පත් වීමට මේ බලෙන් පැටවූ සෝයා ආහාර සිරිතද එක් චූදිතයෙකි.

සෝයා ඔබේ තයිරොයිඩ ග‍්‍රන්ථිය විනාශයට පත් කරයි.. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින් සිදු කරන අයඩින් සමායෝජනය අඩාල කරන ආහාර .ගොයිට්‍රොජිනික ආහාර. ලෙස හඳුන්වමු. තයිරොයිඞ් හෝමෝන ඝ‍්‍රාවයට අහිතකර බලපෑම් ඇති කරන ගොයිට්‍රොජිනික ආහාර රැුසක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ සියල්ලෙන්ම රජු ලෙස සැළකෙන්නේ සෝයා ආහාරයි.සෝයා ආහාර මගින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් කරන බව පසුගියදා මාධ්‍ය මගින් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූයේ සෝයා නිෂ්පාදන මහත් අභිරුචියෙන් ආහාරයට ගත් ඇමෙරිකාවේ ඔප්රා වින්ෆ‍්‍රිට සිදුවූ අකරතැබ්බයක් හේතුවෙනි. නිලියක්.. රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් දැවැන්ත මාධ්‍ය භුමිකාවකට පන පෙවූ ඔප්රා වින්ෆ‍්‍රි හිටි අඩියේ චප්පදෝරු ශරීරයකට හිමිකම් පෑවාය. ඇගේ ජීව ශක්තිය කෙමෙන් අඩුවන බවක් මෙන්ම මනෝභාවයන්හී පිරිහීමක්ද ඇතිවන බව ඇයට හැගී ගිය නිසා ඇය වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීමේදී අයඩින් හිගතාවය නිසා ඇතිවන හයිපොතයිරොඩිසම් රෝගයට ඇය ලක් වී ඇති බව වෛද්‍යවරුන් සොයාගන්නා ලදී. මෙයට බලපෑ ආසන්න හේතුව ලෙස ඇගේ සෝයා ආශක්තතාවය බව හෙළිදරව් වීමත් සමගම සෝයා ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිරෝධයක්ද බටහිර රටවල ඇති විය.

මේ හැරුණු විට සෝයා සතුව ඇති පහත දැක්වෙන අවගුණයන්ද පර්යේෂණාත්මකව සනාථ වී තිබේ.සෝයා වල ඇති විටමින් බී ප‍්‍රතිසම අවශෝෂණයක් සිදු නොවේ. සමස්ත ප‍්‍රතිඵලය වන්නේ ශරීරයේ බී 12 විටමින ඌණතාවයක් ඇති වීමයි.සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවෙයි.සෝයා ආහාර සැකසීමේදී විෂකාරක ලයිසිනොඇලනින් හා අධි පිළිකාකාරක මෙන්ම නයිට්‍රොසොඇමීන් උත්පාදනය වෙයි.ඔබ දැනටමත් හානිකර යයි සළකන නිදහස් ග්ලූටමික් අම්ලයද සෝයා ආහාර නිෂ්පාදනයේදී උත්පාදනය වෙයි. සෝයා වල ඇති අමු රසය නැති කිරීමට සැකසූ ආහාර වලට මේවා කෘත‍්‍රිමව එකතු කිරීමක්ද සිදුවේ.සෝයා වල අධික ලෙස ඇළුමිනියම් ඇත. මේවා ස්නායු පද්ධතියටත්.. වකුගඩුවලටත් හානිකර බව අමුතුවෙන් කිවයුතු නොවේ.සෝයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වැරදි විශ්වාසසෝයා ආහාර සම්බන්ධයෙන් වැරදි විශ්වාස විශාල සංඛ්‍යාවක් සමාජගත වී තිබේ. අප ඒවායේ සත්‍ය අසත්‍යභාවය විමසමු. නූතන සෝයා ආහාර ගැනීමෙන් පිළිකා විශාල ප‍්‍රමාණයක් වැළඳීමෙන් ඔබව ආරක්ෂා කරයි.. මෙයද වැරදි මතයකි. බි‍්‍රතාන්‍ය රජය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සෝයා ආහාර ගැනීමෙන් පිළිකා ඇතිවීම වළකින බවට ඇති සාක්ෂි එතරම් සවිමත් නොවන බව පෙන්වා දෙයි. ඇත්තෙන්ම මේ ගැන ගැඹුරින් විමසන කළ පිළිකා ඇතිවන අවස්ථා වැඩි කිරීමට නම් සෝයා හේතු වන බවට විද්‍යාත්මක කරුණු බොහෝ තිබේ. සෝයා ආහාර ඔබව හදවත් රෝග වලින් ආරක්ෂා කරයි.. ලොව පුරා සිදුවූ අධ්‍යයන වලට අනූව සෝයා ආහාර ගැනීමෙන් ඇතැම් ජන කොටස් වල කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සාක්ෂි පවතී. එහෙත් සෝයා ප්‍රෝටීන වලින් හදවත් රෝග ඇතිවීම මර්ධනය වන්නේද යන්න විමසිය යුත්තකි.