Naifmvlog

Naifm vlog Gossip and News

තාත්තයි පුතයි එක්ක ලංකාවට රැගෙන ආ ගුවන් යානය..

මේ කියන්න යන්නේ අපේ රටේ සිටින අපේ රටේ පවුලක තාත්තයි පුතයි එක්ක ගෙදර අයත් එක්කගෙන ගුවන් යානයක් රැගෙන ලංකාවට පැමිණි අපුරු කතාවක්.. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පෙරේදා රාත්‍රිය අතිශයින්ම සුවිශේෂී විය.. ඒ අපේ රටට ගෞරවයක් අත්කර දුන් සහ මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසයේද කඩඉමක් සලකුණු කළ අපූර්ව සිදුවීමක් නිසාය.. මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පෙරේදා රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් මගී ගුවන්යානය ගොඩ බැස්සේය. ගුවන් යානයේ පැමිණි අය පිළිගන්නට ඔවුන්ගේ පවුලේ ඥාතීහු රැස්ව සිටියහ.. ඒ අතර මල්මිටක් අතැතිව සුවිශේෂී කාන්තාවක්ද මග බලා සිටියාය.. මේ ගුවන් යානයේ මගීන් අතර එකම පවුලේ බොහෝ දෙනෙක් සිටියහ.. ඒ අය සමගින් නියමු මැදිරියේ සිටි එකම පවුලේ දෙදෙනෙක්ද ගුවන් යානයෙන් බැස ඉදිරියට පැමිණියහ.. මේ ඇගේ ආදරණීය සැමියා සහ එකම පුතණුවන්ය.. එයාර් ඒෂියා ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවා වූයේ මේ පිය පුතු දෙදෙනාය.. උදිත දන්වත්ත කුඩා කල සිට මැව්වේ ගුවන් නියමුවෙකු වීමටය. සිහිනය සැබෑ විය. තමන් කුඩා වියේදී දුටු සිහිනයම තම එකම පුතණුවන්ද දකිමින් සිටින බව පියා දැන සිටියේය..

ඔහු පුතුගේ සිහිනයද සැබෑ කළේය.. පුතුටද ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීමට මග පෙන්වූ උදිත තමන් සේවය කරන මැලේසියානු එයාර් ඒෂියා ගුවන් සමාගමේම සේවයට එක්කර ගත්තේය.. මෙරට ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට විදෙස් මගී ගුවන් යානයක් තම පියා සමග එක්ව මව්බිම වෙත ගෙන එන්නට කවීෂ සමත් විය.. උදිත දන්වත්ත කොළඹ මහානාම විද්‍යාලයේ ආදි සිසුවෙකි. වසර 21 ක ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පසුව ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්හි නියමුවෙකු ලෙස සේවය කළ උදිත ඉන් පසුව එයාර් ඒෂියා සමාගමට එක් විය.. කවීෂ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.. කවීෂ පුතු ගැන පියා උදිත මෙසේ පවසයි.. පුතා කුඩා කාලයේදී දැකපු හීනය සැබෑ වීම සතුටක්.. අද ලංකාවට ආ මේ ගමන මට ඉතාම සුවිශේෂීයි.. අද මගේ සහායක ගුවන් නියමුවා වුණේ මගේ පුතායි.. පුතාට තවම අවුරුදු විසි දෙකයි.. එයා උසස් පෙළ ඉගෙන ගනිද්දී ගුවන් යානා පුහුණුවත් ලැබුවා.. පහුගිය ජනවාරි මාසයේ තමයි පුතා එයාර් ඒෂියා සමාගමේ සේවයට බැඳුනේ.. ජුනි මාසේ ඉඳලා ෆස්ට් ඔෆිසර් ලෙස සේවය කරනවා.. ඒ අතරෙදි තමයි අපි දෙන්නටම එකම ගුවන් යානයේ සේවය කරන්න අවස්ථාව ලැබුණේ.. පසුගිය 19 වැනිදා මමත් බිරිඳත් සිංගප්පූරුවට ගියා එහි ප්‍රතිකාර ලබමින් සිටින මගේ සහෝදරයා බලන්න.. ඒ වනතුරු අපි දැන සිටියේ නෑ අප ගමන් කරන ගුවන් යාන​යේ සහායක නියමුවා අපේ පුතා බව.. කවීෂද ඔහුගේ සතුට ප්‍රකාශ කළේ මෙලෙසිනි.. මම පුංචි කාලේ ඉඳන් දැකපු හීනය සැබෑ වුණා.. ඒ අවුරුදු විසි දෙකකට පස්සේ.. මේ තත්ත්වයට එන්න මට උදව් කළේ මගේ අම්මා සහ තාත්තා.. ඒ වගේම මගේ ගුරුවරුන්.. එයාර් ඒෂියා සමාගමේ ප්‍රධානී ටෝනි ප්‍රනාන්දු ගුරුතුමන්වත් සිහිපත් කළ යුතුයි.. මව්බිමට අභිමානයක් ගෙන ආ මෙම අවස්ථාව කවීෂගේ මවට, පියාට පමණක් නොව මුළු රටටම සතුටු විය හැකි කාරණයකි. ආදරණීය බිරිඳ, ආදරණීය මව තිළිණ කළ මල් මිටත් සමග ඇගේ ආශිර්වාදය රැගෙන මේ පියපුතු දෙපළ යළි රාත්‍රී 10.55 ට එම ගුවන් යානයේම මගීන් පිරිසක් රැගෙන ක්වාලාලම්පූර් බලා පියාසර කළහ..