Naifmvlog

Naifm vlog Gossip and News

සේරටම කලින් හරියට දැනගන මී මැස්සාගේ විසදුම..

පිළිකාවක් කිවම සෑම කෙනෙක්ම බයයි.. ඒ වචනේ අහන්නත් කැමති නෑ.. ඇත්තටම ඒ ලෙඩේ ගැන නම් සෑම කෙනෙක්ම ඉන්නේ බයෙන් තමයි. ඒ අද වෙනකල් බෙහෙතක් සොයනොගත් නිසා.. හැබැයි ඕනෑම ලෙඩක් තියනවා කලින් හදුනාගැනීමෙන් අපිට එය මර්ධනය කරන්න හැකියාවක් තියනවා.. පිළිකාවත් මුලින්ම හඳුනා ගැනීමට හැකියාවක් තියනවා නම් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්.. එය ගොඩක් අය කියන කතාවක්. මේ අන්න එහෙම මාරාන්තික පිළිකාව මුලින්ම හඳුනාගන්න පුළුවන් අපුරු ක්‍රමයක් ගැන.. විනාඩි 10න් පිළිකා රෝගීන් සොයා දෙන මී මැස්සන්… ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සිදුකල පරීක්ෂණයකින් විනාඩි 10 ක් ඇතුලත මූලික අවධියේ සිටින පිළිකා රෝගියකු හඳුනාගැනීමේ අරුම පුදුම හැකියාවක් මී මැස්සන් සතු වන බව සොයාගෙන ඇත. ඒ මගින් පිළිකා රෝගයේ මුලික අවධිය හඳුනාගැනීමටත් ඔවුන්ට අවශ්‍ය ප්‍රථිකාර ලබා දී සුවපත් කිරීමටත් හැකි වනු ඇති බවට ඉඟි පලවෙමින් පවතී. අප දන්නා ආකාරයට මී මැස්සන් සතුව ඉතා විශිෂ්ඨ හා වඩා සංවේදී ආග්‍රහන හැකියාවක් පවතී. ඔවුන් සතුව නාසයක් නොමැති උවද ඔවුන්ගේ ස්පර්ශක, පාද හා දිවේ යන ඉන්ද්‍රියන් වල පිහිටා ඇති අාග්‍රහණ ග්‍රන්ථි ඊට උපකාරී වේ.

මේ නිසා මිනිස් නාසයට හඳුනාගත නොහැකි ඉතා සංවේදී ඝන්දයන් සහ ඒවායේ විවිධ රටාවන් හඳුනාගැනීමේ හැකියාව මී මැස්සාට ඇත. කෘමීන් සම්බන්ධ ඇමරිකානු පර්යේෂණ ආයතනයක් වන ඉන්සෙන්ටිනල් ආයතනය පවසන ආකාරයට පිළිකාවක මූලික අවධියේදී ම එය හඳුනා ගැනීම සඳහා මී මැස්සන් පුහුණු කල හැක. පෘතුගීසි විද්‍යාඥ්ඥ වරියක වන සුසානා සෝරෙස් ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විශේෂිත වීදුරු උපකරණයක් උපයෝගී කරගනිමින් මෙම පර්යේෂණ කටයුතු සිදු කරයි. මෙම ක්‍රමය මගින් ක්ෂයරෝගය, පෙනහලු පිළිකා, චර්ම පිළිකා සහ දියවැඩියාව යන රෝග මුලික අවධියේදී ම හඳුනාගත හැකි බව ඔවුන් පවසයි. දැනට පර්යේෂණ මට්ටමේ පවතින මෙම ක්‍රමවේදය නුදුරේදිම වෛද්‍ය විද්‍යාවේ අති මහත් පෙරලියක් සිදු කරනු ඇත. යාලුවන්ටත් බලාගන්න ෂෙයා කරමු… මී මැස්සන් ගැන දැනගන්න ආස ඔයාලගෙ යාලුවන්ටත් මේ කණ්ඩායමට ආරාධනය කරන්නත් අමතක කරන්න එපා.. මෙලෙස ඉතම වටිනා පරීක්ෂණයක් සිදුකරමින් සිදු කල ජිවිත කියක් නම් බේරගන්න හැකියාව තියේවිද..