Naifmvlog

Naifm vlog Gossip and News

හැමදාම නිරෝගිව ඉන්න ඕනනම් බිට් රූට් කන්න.

බීට්‍ රූට්‍ කියන්නේ අප නිතරම ආහාරයට එකතුකර ගන්න එළවළුවක්.. එළවලු අතර රත් පැහැයෙන් දිලෙන බීට් රූට් කන්න අකමැති අය නම් හරිම අඩුයි.. සලාද වශයෙන්, වෑංජනයක් ලෙස මෙන්ම පානයක් ලෙසත් යන ඕනෑම ආකාරයකට සකස් කරගැනීමේ හැකියාවෙන් යුතු මේ විශ්මිත එළවලුව බටහිර රටවලද ඉතා ප්‍රසිද්ද ආහාරයකි.. බටහිර රටවල ශක්තිජනක පානයක් වශයෙන් මෙය ඉතා ප්‍රචලිතයි.. ඕනෑම වෙලදපලකින් ඉතා පහසුවෙන් මිලදීගත හැකි බිට් රූට් වල විටමින් වර්ග රැසක් අඩංගු වේ.. ඕනෑම කෙනෙකු ට ආහාරයට ගැනීමට ඉතා වටිනා ආහාරයක් වශයෙන් බිට් රූට් හදුන්වාදිය හැක.. බිට් රූට් ආහාරයට ගැනීම මගින් හදවතේ රෝග මර්දනය කරගත හැක.. හදවතට රුධිරය ගෙන යන වාහිනී අවහිර කිරීමත් වළක්වන බව වෛද්‍ය මතයයි.. බීට් ආහාරයට ගැනීමෙන්ශාරීරික දුබලතා මග හරවාගත හැක.. ශරීරයට නව ජවයක් ලැබීමට බිට් රූට් පානය ඉවහල් වේ.. දිනපතා උදෑසන බීට් රූට් යුෂ වීදුරුවක් පානය කරන්නේ නම් සිරුර සහ හදවත විඩාවට පත්වීම වැළැක්වීමට එහි අඩංගු පෝෂණ ගුණයන් සමත් වේ.. මේ නිසාවෙන් රුධිරගත ප්‍රෝටීන ප්‍රතිශතයද ඉහල යනවා.. නීරක්තිය සෑදීම වලක්විමටද මේ මගින් හැකියාව ලැබේ..

ශරීරයේ සිදුවන වැදගත් කාර්යක් නම් අහර දිරවිමයි.. අහර ක්‍රමවත්ව දිරවීමට බිට් රූට් වලට හැකියාව ඇත.. මෙමගින් ආහාර මාර්ගයේ විෂ වායු ඉවත් කර ජීර්ණය නිසි පරිදි සිදුකරවීමට සමත් වේ.. යුෂ ලෙස හෝ ආහාර ලෙස ගැනීමෙන් නිරෝගීමත් වකුගඩුවක් සහ මුත්‍රාශයකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබේ..  සියලුම අසාත්මිකතා මෙන්ම ශරීරයේ ඇති විෂ නසා දැමීමට ද උපකාර වනබව විශ්වාසයෙන් කිවහැකි කරුණකි.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනයට කරනවා මෙන්ම ගැබිනි කාන්තාවන්ට ඉතාමත්ම ගුණ දායක ආහාරයක් ලෙස බිට් රූට් හදුන්වාදිය හැක.. කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම පාලනය කිරීමේ හැකියාවෙන් යුතු බිට් රූට් දිනපත ආහාරයට එකතුකර ගැනීම ඔබට වාසිදායක වේ.. බිට් රූට් ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන වටිනාම වාසිය නම් පිලික සෛල හටගැනීම පාලනය කිරීමයි.. පිලික සෛල හටගැනීමේ අවදානමෙන් මිදීමට හොදම විසදුමක් ලෙස බිට් රූට් ආහාරයට එකතුකර ගැනීම හැදින්විය හැක.. බීට් රූට් යුෂ පානය කිරීම මගින් මොළයේ සෛල වඩාත්ම ශක්තිමත් කොට බුද්ධි වර්ධනය වැඩි කිරීමටද මෙම ආහාරය හේතුවක් වේ.. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැනගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.