Naifmvlog

Naifm vlog Gossip and News

විෂ නසන අපුරු කැදක්

කරපිංචා කියන්නේ ශරීරයට ඉතා ගුණදායක පැනයක්. අප අහර පිසීමේදී කරපිංචා කොළ කිහිපයක් දමනවා. ඒ රස හා ගුණයන් වැඩිකර ගැනීමටයි. ඔබට කොලෙස්ටර්රෝල් නම් කරපිංචා දිව්‍ය ඖෂධයකි. එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස කරපිංචා විවිධ ආකාරයෙන් ආහාරයට එක්කර ගනී. කරපිංචා වලින් සාදා ගන්නා සම්බෝලය ශරීරයට ඉතා ගුණ දෙන කොලෙස්ටරෝල් මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි. කරපිංචා පොතු, මුල්, නැටි ගෙන අරළු, බුළු, නෙල්ලි සමඟ තම්බා පානය කරන්න. කරපිංචා කොළ කොටා යුෂ ගෙන හීනැටි හාල් සමඟ මිශ්‍ර කොට තම්බා බොන්න. කරපිංචා කොළ, උම්බලකඩ, රතුලූනු, පොල් දමා සම්බෝලයක් සේ සකස් කරගෙන ප්‍රධාන ආහාර වේල සමඟ ආහාරයට ගන්න. කරපිංචා දළු සම්බෝලය හෝ ලුණු මිරිස, කරපිංචා – සුදුලූණු සම්බෝලය ආදී වශයෙන් ආහාරයට එක්කර ගැනීම සුදුසු බව සඳහන් කළ හැකිය. රුධිරය පිරිසුදු වීමට උපකාරී වෙයි.කරපිංචා පොතු, සුදුලූනු, උළුහාල්, ගම්මිරිස්, මිශ්‍රකොට තම්බා බොන්න. කරපිංචා ලුනු වතුරෙන් සෝදා තෙලෙන් බදින්න. පසුව කිරි හොද්දක් සකස් කර එයට බැදගත් කරපිංචා දමා පිස ආහාරයට ගන්න. කරපිංචා කොළ හොඳින් වේළා මඳ පවනේ වේළන්න. එයට ඉඟුරුපියලි කිහිපයක් එකතු කොට වතුර ස්වල්පයක් එක්කර තම්බා බොන්න.

සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි. සර්ප විෂවලදී කරපිංචා කොළ කැඳ බීමට දෙනු ලැබේ. මෙම විෂ නාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළකැඳ දීම සුදුසුයි. කරපිංචා කැඳ සාදා ගන්නේ කරපිංචා කොළ යම් ප්‍රමාණයකට සහල් සහ පොල් කිරි මිශ්‍ර කර පිළියෙල කර ගැනීමෙනි. අද ද සර්පයකු දෂ්ට කළ විට කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු විස නැසීමේ මහගු ගුණය හේතුවෙනි. එසේම භූමිතෙල් වැනි ශරීරයට විස ගෙන දෙන ද්‍රව්‍යයන් ශරීරගත වූ විට ද කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු එම විස නැසීමේ ගුණය නිසාය. ස්නායු දුර්වලවීම, වායුගෙඩි හට ගැනීම සහ බඩදැවිල්ලට කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න. කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න. අකලට හිස කෙස් පැසීම කරපිංචා පෝෂ්‍ය ගුණය නිසා නතර වේ. හිසකෙස් වර්ධනය කරයි. කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි. මෙම තොරතුරු තව කෙනෙකුට දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.