Naifmvlog

Naifm vlog Gossip and News

මේ කොළ මිටක් කෑවොත් ඔබට වෙන දේ.

දබල කියන්නේ ඉතාමත් ගුණ ආහාරයක් බව ඔබ දන්නවද.බොහෝ දෙනෙකු දඹල කරල් ආහාරයට එක් කර ගත්ත ද දඹල කොළ ආහාරයට ගන්නේ ඉතා සීමිත පිරිසකි. දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහාරයට ගත හැකි අතර, මෙම සියලු කොටස්වල ඉහළ පෝෂණ සංයුතියක් තිබේ. එසේ වුවද, එක් එක් කොටසට අදාලව ඇත්තේ වෙනස් වූ පෝෂණ ගුණයන් බව සිහියේ තබා ගැනීම වැදගත්ය.දඹල කරල් ප්‍රෝටීන්, යකඩ, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය ඇතුලු බී කාණ්ඩයේ විටමින් වර්ගත්, සී විටමීනයෙනුත් පොහොසත් පෝෂණීය ආහාරයක් වුව ද, දඹල කරල්වල විටමින් A අඩංගු වන්නේ ඉතා අල්ප වශයෙනි. කොටින්ම දඹල කරල් ග්රූම් සියයක විටමින් A අඩංගු වන්නේ සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් හතර දෙනකුගේ පවුලකට දඹල ග්‍රෑම් වෑංජනයක් සකස් කර ගත් විට එක් අයෙකුගේ වේලකට දඹල ග්‍රෑම් සියයක් වැටෙන්නේ නැත. සාමාන්‍යයෙන් දඹල එක් අයෙකුගේ වේලකට වැටෙනවා යැයි හිතුවොත්, දඹල කරල් වෑංජනයකින් අපේ සිරුරට ලැබෙන්නේ පමණය. ඒ ප්‍රමාණය අපේ දෛනික විටමින් A අවශ්‍යතාවයෙන් සියයට 2ක් වැනි සුළු ප්‍රමාණයකි.එහෙත් දඹල කොළවල ඉතාම ඉහළ අගයක විටමින් A ප්‍රමාණයක් තිබේ.

විටමින් C ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමටත්, හෘදයේ මනා ක්‍රියාකාරිත්වයටත්, ශරීරයේ අනවශ්‍ය බර පාලනය කර ගැනීමටත්, පෙනීම යහපත්ව පවත්වා ගැනීමටත්, ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමටත්, පූර්ව ජන්මීන්ගේ ආරක්ෂාවටත් වෙසෙසින්ම වැදගත්වන විටමිනයක් වෙයි.  ප්‍රතිඔක්සිකාරක සුලභ ආහාර වැඩිපුර ආහාරයට ගන්නා උදවියට පිළිකාව, දියවැඩියා රෝගය සහ හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට සහ වියපත් වීම පාලනය කර ගැනීමට ද හැකියාව ලැබෙන බව සොයාගෙන තිබේ. දඹල කොළ මැල්ලුම, තමාගේ සහ තම පවුලේ උදවියගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන උදවියට ඉතාම වැදගත් වෑංජනයක් වනු ඇත.දීර්ඝ කාලීනව විටමින්  ඌනතාවෙන් පෙළීම කායික, මානසික වර්ධනයේ බරපතල ගැටලුවලට හේතුවකි. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම, වර්ධනය බාල වීම, ප්‍රජනන හැකියාව දුර්වල වීම සහ පෙනීමේ ආබාධ ඇති වීම ආදී සංකූලතාවලට හේතු වේ. විටමින්  ඌනත‍ාව කලක් තිස්සේ පවතින, තවමත් විසඳුමක් සොයා ගන්නට අසීරු වූ ජාතික සෞඛ්‍ය ගැටලුවකි. මේ වන විට විදෙස් රටවල්වලින් විටමින්  අධිමාත්‍රාවක් අන්තර්ගත ඖෂධ ආනයනය කර ළමයින්ට, ගර්භිණී සහ කිරි දෙන මවුවරුන්ට ලබා දෙයි.මෙම තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.