Naifmvlog

Naifm vlog Gossip and News

රෝග රැසකට ගුණ දෙන වැල්පෙනෙල

වැල්පෙනෙල කියන්නේ ශරීරයට ඉතාමත් ගුණදායක ඖෂධයක්. අප අවට පරිසරයේ බොහෝ තරම් වල්පෙනෙල දක්නට ලැබේ. මෙය රෝග රැසකට ගුණදායක ඔසුවකි. බොහෝ ඖෂධ සඳහා යොදා ගන්නා , ධාතු වර්ධනය කොට ස්නායු දුබලතා නැතිකරන රසායන මෙන්ම වාජීකරන ගුණයෙන් යුත් වැල්පෙනෙල පිරිහී ගිය පුරුෂශක්තිය හා බලය ඇතිකරන ප්‍රබල ඖෂධයකි. ඖෂධ සඳහා පෙනෙලවැල්වල පෙනෙලකොළ ,පෙනෙලමුල්, පෙනෙල ගෙඩි හා පෙනෙල දළු ද යොදා ගනිති. බොහෝ විට වැල්පෙනෙල මී විෂට මෙන්ම අනෙකුත් විෂ නැසීමට ද ගනු ලබන අතර ධාතුවර්ධක ඖෂධ සඳහා බෙහෙවින්ම යොදා ගනිති. ධාතුවර්ධක ශක්තිවර්ධක ඖෂධයක් ලෙස දේශීය වෙදකමේදී හා ආයුර්වේද වෙදකමේදී ඖෂධ සමඟ එක්කර ගන්නා වැල්පෙනෙල දියවැඩියාව නොහොත් මධුමේහයට අණ්ඩවාතයට බෙහෙවින් යොදාගනිති. දේශීය හා ආයුර්වේද සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැල්පෙනෙල, මල් කොළ මුල්, ඇට ගෙඩි දඬු යන සියලු කොටස් යොදාගන්නවා.

අක්ෂිරෝග රත්පිත් සෙමවාත සන්නිරෝග පක්ෂාගාත ආදි රෝග සඳහා දෙනු ලබන බෝධිසත්ව තෛලයට වැල්පෙනෙල ප්‍රධාන කොට තවත් ඖෂධ රැසක්ම ගනිති. අර්ශස් සඳහා වැල්පෙනල දලු කොහිල දලු රතුලූනු සමව ගෙන කොටා මිරිකාගත් යුෂ හෝ එමයුෂ දැමූ කැඳ දිනපතා උදෑසන පානය කිරීම නිර්දේශිතයි . එක් දිනකින් ගුණ පැතිය යුතු නොවේ. තරුණ වියේ බොහෝ පිරිමින්ට, විශේෂයෙන් ගැටවර වියේ පසුවන අයට ඇතිවන පීඩාවක් නම් අණ්ඩග්‍රන්ථිය ඉදිමීමයි. මෙය ලෙඩකැයි බියවිය යුතු නොවේ. තරුණ වයසේ දී ග්‍රන්ථි ක්‍රියා කිරීමේ දී සිදුවන ස්වාභාවික දෙයකි. කෙසේ නමුත් මෙහිදී බෙහෙතක් කරන්නට සිදු වේ. වැල්පෙනෙල කොළ කැඳ සාදා බීමත්, වැල්පෙනෙල තම්බා බීමත් ගුණයි. වැල්පෙනෙල කොළ මැල්ලුම අණ්ඩ ග්‍රන්ථිවල තබා බැදීමෙන් ද ඉදිමුම අඩු වේ. කාම ශක්තිය වඩන ගුණයක් ද වැල්පෙනෙලවල තිබේ. මෙය පිරිමින්ට පමණක් නොව කතුන්ට ද ගුණදායකයි. දරුඵල පමාවන විට දෙදෙනා ම වැල්පෙනෙල කොළ කැඳ ටික දිනක් බොන්නේ නම්, නැතහොත් වැල්පෙනෙල කොළ තම්බා කන්නේ නම් ගුණ ලැබේ. මෙම තොරතුරු තව කෙනෙකුට දැනගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.