Naifmvlog

Naifm vlog Gossip and News

ගෑස්රයිටීස් වලට හොදම ප්‍රතිකාරය මෙන්න.

ගැස්රයිටිස් කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක් පිඩා විදින රෝගයක්. මෙය වැළදීමට ප්‍රදානම හේතුව වන්නේ අහාර නිසි වෙලාවට නොගැනීමයි. විශේෂයෙන් උදැසන අහාර වෙල. අද සමාජයේ කාර්යය බහුලත්වයත් සමග උදැසන අහර වෙල මග හැරෙනවා කියන්නේ පුදුමයක් නොවෙයි. විශේෂයෙන් ඔබ ප්‍රදාන අහාර වෙල් සුළු අහරයකින් සපුරා ගැනීමට යාම නිසා මෙම ගැස්රයිටිස් තත්වය ඉක්මනින් ඔබට උද වේ. මින් මිදීමට ඔබගේ අහාර රටාව නිසියාකාරයෙන් පවත්වාගත යුතුය. අප අද පවසන්නේ මෙම තත්වයෙන් මිදීමට ගත හැකි හොදම ආහාරයක් පිලිබදවයි. ඒ  තමයි වැල්මී සහ අළු කෙසෙල්. වැල්මීවල වැදගත්ම ගුණය වෙන්නේ උදරය ආශ්‍රිත බොහෝ ආබාධ සුව කරන්න තියෙන හැකියාවයි. ගැස්ට්‍රයිටීස්, ආමාශයේ තුවාල, විෂබීජ ආසාදන, මළ බද්ධය වගේ ගැටළුවලට වැල්මී ඉතාම ගුණදායකයි. එළකිරි සමග වැල්මී මිශ්‍ර කරලා දිනපතා උදේට බීමට ගැනීමෙන් පහසුවෙන්ම ගැස්ට්‍රයිටීස් සමනය කරගන්න හැකියාව තියෙනවා. උදරයේ ආම්ලිකතාව සමනය කරන ආයුර්වේද වට්ටෝරු අති විශාල ප්‍රමාණයක වැල්මී අන්තර්ගත වෙන්නේ එහි පවතින අපූරු ගුණය නිසාමයි. මින් මිදීමට ඇති හොදම විකල්පය මෙයයි.

අළු කෙසෙල් කියන්නෙත් මෙම රෝගී තත්වයට ඉතා ගුණ කෑමක්. ශරීරය සිසිල් කරන ගුණය අළුකෙසෙල්වල පවතින බැවින් බඩ දැවිල්ලට සුදුසුයි. ඒ වගේම දියවැඩියා රෝගියෙකුගේ ආහාරවේලට අළු කෙසෙල් ඇතුළත් කළ යුත්තේ ආහාර හොඳින් දිරවීමට උදව්වන නිසාය. පිත්තාශයේ ගල් හා වකුගඩු ආශි‍්‍රත ගල් සෑදීමේ ප්‍රවණතාවය අඩු කරයි. කනේ අමාරුවකදී ද අළු කෙසෙල් ගුණදෙයි. පිළිකා රෝග කාරකවලදී ඒවා නැසීමට උදව් වේ. ආහාර පහසුවෙන් දිරවීමට උදව් වේ. පණු රෝගවලට ගුණදායක වන බැවින් කුඩා දරුවන්ට දෙනු ලබයි. හිසකෙස් වර්ධනය මෙන්ම වර්ණවත් කරයි. සමේ වර්ණය හොඳින් ලබා දේ. බඩගින්න ඇති කරවයි. නීරක්තිය නැති කරයි.හෘදයේ ක්‍රියාකාරීත්වයට යෝග්‍යයි. සිරුරේ ඇතිවන අසාත්මිකතා දුරු කරයි. ශරීරය සිසිලසින් තබා ගැනීමට උදව් වේ. බලය හා ශක්තිය වඩයි. රුධිර පීඩනය නැති කරයි. අළු කෙසෙල් අලය ඖෂධ පිණිස යොදා ගනී. ස්ත්‍රී රෝගවලදී අළු කෙසෙල් අල අඩංගු කසාය භාවිතාවට ගැනේ. එනම් යෝනි මාර්ගයෙන් රක්තය පිට වේ නම් ඒ සඳහා අළු කෙසෙල් අල භාවිතා කළ කසාය දෙනු ලබයි. මෙම තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.