Naifmvlog

Naifm vlog Gossip and News

රස වගේම ගුණදායක බිම්මල්.

බිම්මල් කියන්නේ අප කවුරුත් පරිබෝජනයට කැමති ආහාරයක්. වෙලදසලට ගියොත් අප බිම්මල් ටිකක් මිලදී ගැනීමට අමතක කරන්නේ නෑ. ඒ එහි ඇති රස නිසාය. බිම්මල් ගෘහනියන් තම ගෙවත්තේද වග කරගනී. ස්වයං රැකියාවක් වශයෙන්ද කාන්තාවන් අතර බිම්මල් වගාව ප්‍රසිද්දයි. රස වගේම බිම්මල් ශරීරයට ඉතා ගුණදායක වේ. මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල් ප්‍රතිශක්තිකරණ හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය. බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ල මඟින් විවිධ ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස් සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘදයාබාධ හා පිළිකා අවදානම පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට අත්‍යාවශ්‍යම පෝෂණ සෑම බිම්මල් විශේෂයකම අඩංගුය.

රුධිරයේ අඩංගු සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින් මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව සමීක්ෂණ මඟින් සනාථ වී ඇත. ආර්තවහරණයට ලක්වූ  වයස අවුරුදු 45 ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමෙන් මිදීමට බොත්තම් බිම්මල් ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි. බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක අඩුවෙමින් යන ඔස්ට්‍රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. එමනිසා මෙය ශක්තිය අඩු ආහාරයක් නිසා බර වැඩි සහ ස්ථුල පුද්ගලයන් සඳහා ඉතා යෝග්‍ය වේ. මෙහි ඇති මේද ප්‍රමාණය සඳහා ශක්තිය ඉතා අඩු නිසා සහ තන්තු ප්‍රමාණය වැඩි නිසා බරවැඩි පුද්ගලයන්ගේ ආහාර වට්ටෝරු සඳහා ඉතා යෝග්‍ය වේ. තවද බිම්මල් යනු අඩු ග්ලයිසිමිත් දර්ශකයක් ඇති ආහාරයක් වන අතර දියවැඩියාව ඇති පුද්ගලයන් සඳහා ද මෙය ඉතා සුදුසු ආහාරයකි.