Naifmvlog

Naifm vlog Gossip and News

සැමට ගුනදායි කොස්.

කොස් කියන්නේ ගුණවත් ආහාරයක්. කොස් ආහාරයට නොගත පුද්ගලයෙක් නැති තරම්. කොස් පැසුණු පසු ව්‍යංජන වශයෙන්ද ඉදුණු පසු පළතුරක් වශයෙන්ද ආහාරයට ගනු ලබයි. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැබෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්. කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. පොළොස් ආහාරයට ගත්පසු සාමාන්‍යයෙන් සිරුරට අපහසු ගතියක් දැනෙනවා. ප‍්‍රමේහ රෝගවලට ගුණදායක මෙන්ම මතක ශක්තිය වඩවා ගැනීමට ද මෙය බෙහෙවින් උපකාර වනවා… කක්කල් කැස්සට වැල මදුළු මී පැණි වල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි. බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මඳුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳීන් පිරිසුදු වනවා… මත් ගතියට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරි වලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි…

ඕනෑම මත්ගතියකට මෙය ඔසුවක්. කොස් කොළ හා මිනී මල් පැළැටියේ මුල් එකට දමා තම්බා බීම දියවැඩියාවට ඔසුවකි. ඉදුනු කොස් කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි. ඉඳුණු කොළ වේලා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා. පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු ආහාරයට ගැනීමෙන් රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි. කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි. පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේ දී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි. පොළොස් ගැට වැංජනයක් ලෙස හෝ තම්බා ලුණු දමා ආහාරයට ගැනීමෙන් නීරෝගි දරුවකු බිහි කිරිමට ගර්භනී මවුවරුන්ට හොඳ ශක්තිමත් ආහාරයකි. කිරි දෙන මවුවරුන්ට කිරි වර්ධනය කර ගැනීමට ඔසුවකි. ආහාර රුචිය වර්ධනයට හොඳ ආහාරයකි. ඇතැම් අයගේ අන්ත්‍රවල චලනය වැඩිවීම නිසා ද්‍රව ලෙස මළ පිටවන අවස්ථා වලදී කොස් තැම්බුමක් හෝ පොළොස් ගැට වැංජනයක් සමඟ බත් ආහාරයට ගත්තොත් සාමාන්‍ය පරිදි මළ පිටවීම සිදුවෙනවා. පැසුණු කොස් පෝෂ්‍ය පදාර්ථ විටමින් රැසකින් අනුනය. කොස් වල ඛනිජ ලවණ බහුල වශයෙන්ඇති නිසා අක්ෂී රෝග සුව කිරිමටත් පෙනීම වර්ධනයටත් ගුණදායක වේ. එසේම ප්‍රතිඔක්සිකාරක ගුණය සපිරි ඖෂධීය ආහාරයකි. මෙම තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.