Naifmvlog

Naifm vlog Gossip and News

රසින් ගුනින් අනුන පතෝල.

පතෝල කියන්නේ රසවත් ආහාරයක්. පතෝල අප ව්‍යංජනයක් වශයෙන් මෙන්ම සම්බෝල වශයෙන්ද සාදා ආහාරයට ගනී. මෙහි ගුණ රාශියකි. රස වගේම ගුනෙන්ද අනුන පතෝල රෝග රැසකට ගුණදායකයි. මෙම සමබල ආහාර වේලකට අවශ්‍ය එළවළු අතුරින් පතෝල යනු එක් වැදගත් වර්ගයකි. අප රටේ ජනතාවගේ ජනපි‍්‍රය එළවළු වර්ගයකි. උණ රෝගී වැනි අයට උණ සමනය වන අවස්ථාවල මුලින්ම දිය හැකි එළවළු වර්ගයක් ලෙස පතෝල හැඳින්විය හැක. පතෝල ග්‍රෑම් වැඩිපුර තිබෙන්නේ ජලයයි. ආයුර්වේදයේ කෝශාතකී නමින් හැඳින්වෙන පතෝල ව්‍යංජනයක් ලෙස මෙන්ම සලාදයක් ලෙස අමුවෙන්ද පතෝල සකස් කර ගත හැකියි. පිසූ විට එක ගුණයකුත් අමුවෙන් කන විට තව ගුණයකුත් මෙම එළවළුවේ තිබෙනවා. ආයුර්වේදයට අනුව මෙයින් වාතය සහ පිත සමනය කරනවා. හොඳින් බඩගින්න ඇති කර ආහාර ජීරණයට උදව් කරනවා. මේරූ පතෝල ඇටවල උදරයේ පණුවන් නසන ගුණ අඩංගුයි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල සියලුම ආකාරයේ උණ රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්‌තිකරණයක්‌ ඇති කරන ආහාරයක්‌. අදින් දශක කිහිපයකට පෙර කෙනෙකුට‌ උණ හටගත් විට මුලින්ම දෙන ආහාරයක්‌ වන්නේ කිරට සෑදූ පතෝල සහ බත්.

පතෝලවල තිබෙන කෙඳි සහිත කොටස්‌ නිසා ආහාර දිරවීමට ඉතා පහසුයි. ඒ වගේම එමගින් ශරීරයේ අභ්‍යන්තරය සිසිල් වෙනවා. අධික වමනයටත් පතෝල යුෂ ඉතාම ගුණයි. පතෝල යුෂ කෝප්ප භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ මිශ්‍ර කර වමනය කරන රෝගියාට දුන් විට වමනය නවතිනවා. පතෝල වැලක්‌ ගෙන කුඩා කැබලිවලට කපා සම්පූර්ණ රැයක්‌ වතුරේ පොඟවා උදේට එයින් වතුර කෝප්ප දෙකක්‌ පෙරා පානය කළාම මුත්‍රා දැවිල්ල නැතිව යනවා. සමේ කුෂ්ටවලටත් අත් බේතක් ලෙස පතෝල යොදා ගත්තා. පතෝල අඹරා කුෂ්ටය මත දවසට දෙවරක්‌ ආලේප කළාම කුෂ්ටය සුව වෙන බව විශ්වාස කළා. පතෝල මලබද්ධයටත් ගුණදායකයි. මිරිස් බහුල ආහාර නිතර ගන්නා අම්ල පිත්ත හෙවත් ගෑස්ට්‍රයිටිස් ඇති අයටත් මින් ලැබෙන්නේ ලොකු සහනයක්. කහ උණ රෝගයට වගේම දියවැඩියාවටත් මෙය ගුණදායක එළවළුවක් වශයෙන් සැලකෙනවා. හදවතේ විඩාව අඩුකර කර රුධිර පීඩනය සමනය කිරීමටත් පතෝල උපකාර කරනවා. බටහිර පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙහි ප්‍රතිශක්තිකරණ ගුණාංග ද ඇති බවයි. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.