Naifmvlog

Naifm vlog Gossip and News

මාළු හැමදාම කනවනම් ශරීරයට ගුණයි.

මාළු කියන්නේ අපේ කම මේසයේ වරදින්නේ නැති කෑමක්. මෙම මාළු ආහාරයට ගැනීමෙන් ඔබට සෞක්‍ය වාසි රැසක් ලබාගත හැක. අකාලයේ සිදුවන මරණ සඳහා ප්‍රධානම හේතූන් දෙක වශයෙන් හෘදයාබාධය සහ අංශභාගය හැඳින්විය හැක. සාමාන්‍යයෙන්, ඔබේ හෘදයේ සෞඛ්‍යයට වඩාත්ම හිතකර ආහාර අතරින් එකක් ලෙස මාළු දැක්විය හැක. නිතිපතා මාළු ආහාරයට ගන්නා අයට හෘදයාබාධය, අංශභාගය, සහ හෘද රෝග වලින් මරණය සිදුවීමට ඇති අවදානම අඩුබව පර්යේෂණ ගණනාවකින්ම තහවුරු වූ දෙයකි. සතියකට මාළු එක් ප්‍රමාණයක් හෝ එයට වැඩියෙන් ආහාරයට ගත් පුද්ගලයන් අතර හෘද රෝග වැළඳීමට ඇති අවදානම  අඩුවන බවයි. මෙම වාසිය වැඩියෙන්ම අත්වන්නේ තෙල් සහිත ලොකු මාළු ආහාරයට ගැනීමෙන් බව පර්යේෂකයන්ගේ අදහසයි. ගර්භණී මාතාවන්ට මාළු ආහාරයට ගැනීමේදී ගැටළු මතුවිය හැකි අවස්ථාද නැතුවා නොවේ. ඇතැම් මාළු වර්ග වල, කුසේ වැඩෙන දරුවාගේ වර්ධනයට ගැටළු ඇතිකල හැකි රසදිය අඩංගු වන අවස්ථා ඇත. එමනිසා, ගර්භණී මාතාවන් ලොකු මාළු අතරින් ආහාරයට ගතයුත්තේ ආහාර දාමයේ මදක් පහළින් සිටින සැමන්, සාඩින් වැනි මාළුය. කුඩා මාළු ආහාරයට ගැනීමේදී මෙම ගැටළුව මතු නොවේ. මාළු ආහාරයට ගැනීමෙන් මොළයේ බාහිකයේ ඇති ධූසර ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවන අතර, වයස්ගත වීමේදී මොළයේ බාහිකයට වන හානි වලින් ආරක්ෂාව ලැබේ. මොළයේ බාහිකය නම් වූ පිටත ප්‍රදේශයේ ඇති ධූසර ද්‍රව්‍ය ප්‍රමාණය බුද්ධිමත්භාවයට ඉතාම වැදගත් වේ.

නිතිපතා මාළු ආහාරයට ගන්නා අයගේ බුද්ධිමත්භාවයට හානි සිදුවීම අවම බව පර්යේෂණ කිහිපයකින්ම තහවුරු වී ඇත. මොළයේ ඇති ධූසර ද්‍රව්‍ය වල ඇති ස්නායු වල ප්‍රධානම ක්‍රියාකාරීත්වය වන්නේ තොරතුරු සැකසීම, මතකයේ තබාගැනීම, සහ මානුෂීය ගුණාංග ඇතිකිරීමයි. සෑම සතියකම මාළු ආහාරයට ගන්නා අයගේ මොළයේ ඇති සිතුවිලි ජනනය සහ මතකය පවත්වා ගැනීම සඳහා වැදගත් මධ්‍යස්ථාන වල ඇති ධූසර ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිබව පර්යේෂණ කිහිපයකින්ම සොයාගෙන ඇත. මාළු ආහාරයට ගැනීමෙන් විෂාදය ඇතිවීම වැළකෙන අතර, විෂාදය ඇත්නම් එය සමනය වී සතුටින් සිටීමට අවකාශ ලැබේ. විටමින් අඩංගු හොඳම ආහාර ප්‍රභවය මාළු වන අතර, සැමන් සහ හුරුල්ලන්ගේ වැඩිම විටමින් ප්‍රමාණයක් පවතී. දිනකට පිසින ලද සැමන් මාළු ග්‍රෑම් 110 ක් පමණ ආහාරයට ගැනීමෙන් විටමින් D අවශ්‍යතාවය මුළුමනින්ම සපිරේ. නිතර මාළු අනුභව කිරීම මගින් පළමු වර්ගයේ දියවැඩියාව ඇතුළු ස්වප්‍රතිශක්ති රෝග ගණනාවක් වැළඳීමේ අවදානම අඩුවේ. කුඩා දරුවන්ට ඇදුම වැළඳීම වැළැක්වීම සඳහා නිතර මාළු අනුභව කිරීමට ඔවුන් යොමුකල හැක. වයස්ගත වීමේදී පෙනීම ආරක්ෂා කරගැනීමට මාළු අනුභව කලහැක. මාළු අනුභව කිරීමෙන් නින්දෙහි ගුණාත්මකභාවය වැඩිවේ. මෙම තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.