Naifmvlog

Naifm vlog Gossip and News

මේ පානය බිව්වොත් වාසි ගොඩයි.

වද මල කියන්නේ ඉතා අලංකාර හැඩයකින් යුත් මල් විශේෂයක්. මෙහි ඖෂදීය ගුණ රැසක් අන්තර්ගත බව බොහෝ දෙනෙක් නොදත් කරුණක්. වද මල් පැනයක් සකස්කර ගැනීම තුලින් රෝග රැසක් නිවාරණය කරගත හැකි බව පිළිගත යුතු කරුණකි. වද මල් යුෂ අපි එදිනෙදා ජීවිතයේ දී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. සාමාන්‍ය වද මල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන බව තායිවාන පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙනවා. වද මල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව ප‍්‍රමාණය අවම කළ හැකි බව පවසනවා. සම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමයට අනුව හදවත් රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා වද මල් යොදාගැනී. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන වැඩවල නිරතවන දරුවන්ගේ මොළේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට වද මල් පැණිය ඉතාමත්ම ගුණදායකයි. වද මල් පැණිය හදාගන්නේ මෙහෙමයි. වද මල් පෙති උණුවතුරේ තම්බා පෙරාගෙන ඒ ද්‍රාවණයට සීනි ස්වල්පයක් දමා ළිපේ තබා උකු පැණියක් පදමට එනතුරු හොඳින් මිශ්‍ර කරන්න. පැණි පදමට ආපසු ළිපෙන් බාගෙන වාතාශ්‍රය නොයන බෝතලයකට දමා තබාගෙන දිනපතා තේ හැඳි 2 බැගින් අධ්‍යාපන වැඩවල නිරතවන දරුවන්ට දෙන්න.

අධික රුධිර පීඩනය සහ හෘද රෝගවලින් පීඩා විඳින අයට වද මල් මඟින් ඔෟෂධීය පානයක් සාදාගන්න පුළුවන්. රතු පොකුරු වද මල් පෙති අරගෙන, වියළාගෙන උණු වතුර බඳුනකට දමා මඳ වේලාවක් හුමාලය නොයන්න වසා තබා පෙරා බොන්න. ඒ මඟින් ශරීරයේ රුධිර සංසරණය යහපත් වෙනවා. ඒ නිසා අධික රුධිර පීඩනය, හෘද රෝග වගේ ආසාධන සුව කර ගන්න පුළුවන්. අපේ කාන්තාවන්ට වගේම පිරිමි අයටත් හිස ආශි්‍රතව පවතින ගැටලු කිහිපයක් තිබෙනවා. අකලට හිසකෙස් පැසීම, හිස් හොරි කොණ්ඩය යෑම ඒ අතර ප්‍රධානයි. ඒ සෑම අපහසුතාවක්ම මඟහරවාලන්න වටිනා ඔෟෂධයක් වද මල්වලින් සාදාගන්න පුළුවන්. පොල් තෙල් හෝ තල තෙල් ස්වල්පයක් බඳුනකට දමා වද මල් පෙති සහ ළපටි වද කොළ ස්වල්පයක් එයට මිශ්‍ර කරලා මද ගින්නේ පැහෙන්න තබන්න. ඉන්පසුව තෙල් සමඟ මල්, කොළ සාරය මිශ්‍ර වුණාම ළිපෙන් බා පෙරාගෙන ඒ තෛලය හිසේ ගා පැයක් පමණ හිඳ හිස සෝදන්න. මේ ක්‍රියාවලිය දෛනිකව ටික කලක් කරනව නම් හිස කෙස් ආශ්‍රිතව හටගන්නා ගැටලු මඟ හරවා ගන්න පුළුවන්. හිරු එළියෙන් ඇති වන සම පිලිස්සුම නිසා අද අපේ සමාජයේ කාන්තාවන් විශාල පිරිසකගේ බාහිර සම අව පැහැ වෙලා. වද මල් පෙති තළා ගත් යුෂ දිනපතා උදේ ආලේප කිරීමෙන් සමේ අව පැහැය නැති කර ගන්න පුළුවන්.

ඒ වගේම තමයි ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව මුහුණේ කුරුලෑ ලප කැළැල් නැති කර ගන්න ළපටි වද මල් කොළ තළා ගත් යුෂ මුහුණේ ආලේප කිරීමෙන් පුළුවන්. අධික ලෙස හිසේ රුදාවක් හට ගත් අවස්ථාවකදී ළපටි වද මල් දලු, වද මල් පෙති කොටා තලපයක් ලෙස නළලේ ආලේප කරන්න. වද මල් දලු, පෙතිවල පවතින සිසිල් ගුණය නිසා හිස රුදාව සුව වෙනවා.  හන්දි වේදනාවලට වද කෂාය ගුණයි. මුත්‍රා අඩස්සිය රෝගයටත්, මල බද්ධය රෝගයටත්, හදවත් රෝගවලටත්, ශරීරයේ රුධිරය සම්පාදනය කිරීමටත් යෝග්‍ය රසවත් ඔෟෂධීය පානයක් වද මල්වලින් ඔබට නිවෙසේදීම සාදාගන්න පුළුවන්. පෙර සඳහන් කළ රෝගවලට අමතරව හොඳ රසවත් බීමක් ලෙසත් මේ ඔෟෂධීය පානය ඔබට රසවිඳින්න පුළුවන්. දෛනිකව දින කිහිපයක් මේ පානය කරන්න. ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශි්‍රතව හටගන්නා සෑම රෝගයකටම වද මල් පෙති ඇල් දියේ දමා පෙරා පානය කිරීමෙන් සුවය ලබන්න පුළුවන්. වද මල් පෙතිවල පවතින ඔෟෂධීය රසායනික සාරය අක්‍රමවත් ආර්තවය ඇති අයට ක්‍රමවත් ආර්තවයක් ඇති කිරීමට සමත් වෙනවා. මෙම තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.