Naifmvlog

Naifm vlog Gossip and News

මේ අහාරයත් ශරීරයට ඉතා ගුණයි.

නෝකෝල් කියන්නේ අප නිතරම ආහාරයට ගන්නා එළවළුවක් නිසා අපට නුපුරුදු දෙයක් නෙමෙයි. මෙහි රස වගේම ගුනින්ද පොහොසත් අහාරයකි. මෙය ආහාරයට ගැනීම මගින් ඔබගේ රෝග රැසක් මර්දනය කර ගැනීමේ හැකියාව පවතී. අපි නෝකෝල් යනුවෙන් හඳුන්වන අහාරය ගැන මේ කරුණු ඔබට වැදගත් වේවි . එය ජර්මන් ගෝවා ලෙසත් හඳුන්වනවා. බ්‍රෝකෝලි වලට සමාන රසයක් ගන්නා මෙහි පැණිරසක් සහිත වනවා. හැඩයෙන් මෙය රාබු සහ ගෝවා අතර මැදි එළවළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම එලවළුවේ මුල් හැර අනෙත් සියළුම කොටස් ආහාරයට ගන්නට පුළුවන්. මැන්ගනීස්, යකඩ සහ කැල්සියම් වලින් පොහොසත් වන අතර වයස් ගත වද්දී අස්ථි වලට අවශ්‍ය වන ශක්තිය නිසි ලෙස ලාබාදෙන එළවළුවක් වනවා. ඔස්ටියෝපොරෝසීස් රෝගය වැළඳීමේ අවදානම තරුණ අවදියේදී ම ශරීරයට ලබාගන්නා කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීම මගින් අඩු කර ගන්නට් පුළුවන්. එම නිසා ඔබට හැකි පරිදි මෙම එළවළුව ඔබේ කෑම වේලට එක්කර ගන්න. එළවළු සතුව පිළිකාව හා සටන් වැදීමට විශේෂ හැකියාවක් තිබෙනවා. අක්මාවේ, පෙනහල්ලේ, සහ මහා බඩවැලේ ඇතිවන පිළිකා සෛල විනාශ කිරීමේ සුවිශේෂ හැකියාවක් මේ නෝකෝල් සතු වනවා. නෝකෝල් සතු තන්තු සහ වෙනත් පෝෂණ ගුණයන් නිසා ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සහා කරන පුද්ගලයින්ට නෝකෝල් වඩාත් වැදගත් වනවා. මෙම එළවළුව අනුභව කිරීම මගින් දිගුවේලාවක් කුසගිනි නොදැනී සිටීමට හැකියාව ලැබෙනවා.

නෝකෝල් ආහාරයට ගැනීම මගින් හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කර ගන්නට පුළුවන්. එළවළු සහ පළතුරු අනුභව කිරීම මගින් හදවත් රෝග අඩු වන බව වයස අවුරුදු 25 – 74 අතර පුද්ගලයින් රැසක් එක්කර සිදු කල එක්තරා අධ්‍යයනයක් විසින් තහවුරු කර තිබෙනවා. කුසේ ඇතිවන විවිධ අජීර්ණයන් සුව කර ගැනීම සඳහාත් මෙය වඩාත් ඵලදායි වනවා. ඔබ එවන් අවස්ථාවකට මුහුණ දුන් විට සැල්දිරි, නෝකෝල් කැරට් සහ කොළපැහැති ඇපල් හොඳින් අඹරා පානයක් සකස් කර පානය කරන්න. නිසි රුධිර පීඩනයක් පවත්වා ගැනීම සඳහා නෝකෝල් විටමින් C වලින් පොහොසත් වනවා. විටමින් C ඌනතාවය නිසා රුධිර නාලිකා සිහින් වීම ආඝාතය, පිළිකාව සහ පිත්තාශයේ ගැටළු ඇතිවන්නට පුළුවන්. ශරීරය තුල එන්සයිමීය ක්‍රියාකාරීත්වය සඳහා නෝකෝල් සතු විටමින් B සහය වනවා. ශරීරය තුල සාමාන්‍ය ක්‍රියාවලියක් පවත්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් වනවා. විටමින් B සපිරි නෝකෝල් සහ වෙනත් එළවළු වර්ග ආහාරයට ගන්න. නෝකෝල් බීටා කැරොටින් ඇතුළු කැරොටින් වර්ග වලින් පොහොසත් වනවා. බීටා කරොටින් අක්‍ෂි සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සැලකෙන නිසා අක්‍ෂි වල සෞඛ්‍යය වර්ධනය කර ගන්නට නෝකෝල් ඔබේ ආහාර වේලට එක්කර ගන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.