Naifmvlog

Naifm vlog Gossip and News

රස ගුණ පිරි ආහාරයක්.

ග්‍රීන් පීස් කියන්නේ අප නිතරම ආහාරයට ගන්නා ද්‍රව්‍යක් නොවේ. විශේෂ කෑමක් සාදන විට හෝ විශේෂ අවස්ථාවන් සදහා ග්‍රීන් පිස් යොදාගනී. මෙහි ශරීරයට හිතකර පෝෂණ ගුණයන් රාශියක් ගැබ්ව ඇත. මේ කොළ පැහැති, රවුම් පුංචි පීස් ඇටයේ විටමින් 8 ක්, ඛනිජ ලවණ 7 ක්, කෙදි හා ප්‍රොටීන් අඩංගුව තිබෙනවා. ග්‍රීන් පීස් මගින් අපේ සිරුරට ලැබෙන මෙහෙයන් ගණනාවකි. සවිමත්ව අපේ අස්ථි පද්ධතිය පවත්වා ගෙන යාමට නම් පීස්, අපේ ආහාරයට නිරන්තරව එක් කර ගත යුතුයි. පීස්වල විටිමින් k 1 අඩංගුයි විටමින් k 1 නොලැබුණොත් අස්ථි වල ඛනිජ තැන්පත් වීම නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. ෆෝලික් අම්ලය ලබා ගත හැකි, හොඳම මාර්ගයකි. එනිසා ගැබිනි මවුවරුන් අමතක නොකර ග්‍රීන් පීස් ආහාරයට එක් කර ගත යුත්තකි. විටමින් B 6 වලින් ද මෙහි අඩුවක් නැත. ෆෝලික් අම්ලය හා විටමින් B 6 යන පෝෂක දෙකම නැතිවම බැරිය. ඔපස් චක‍්‍රය නතර වුණු කාන්තාවන් විශේෂයෙන්ම ෆෝලික් අම්ලය අඩංගු, ග්‍රීන් පීස් වැනි ආහාර වැඩි වැඩියෙන් කෑමට එක් කර ගත යුතුයි. ග්‍රීන් පීස් වල අඩංගු ෆොලික් අම්ලය හා විටමින් B 6 හෘද රෝගවලින් බේරී සිටීමටද ආධාර වෙයි. නිතරම විඩාව පිළිබඳ මැසිවිලි නගන අයට පීස් තරම් හොඳ ශක්ති ජනක ආහාරයක් තවත් නැත. පීස්වල අඩංගු පෝෂක ශක්තිය ජනන කරන සෛල ප‍්‍රාණවත් කරයි.

බී කාණ්ඩයෙත් පොහොසත් විටමින් B 6 පමණක් නොව, විටමින් B 1 (තයමීන්) , විටමින් 2 (රිබොෆ්ලෙවින්) , විටමින් 3 ( තියැසින් ) යන B විටමින් කාණ්ඩද ග්‍රීන් පීස් වල අන්තර්ගතය. මේ සියලුම B විටමින් කාණ්ඩ කාබෝහයිඩ්‍රේට් ප්‍රොටීන්, ලිපිඩ පරිවෘත්තියට නැතිවම බැරිය.රක්ත හීනතාවයට විසඳුමක් සාමාන්‍ය රුධිර සෛල වර්ධනයට හා කි‍්‍රයාකාරිත්වයට යකඩ වුවමනා වන අතර යකඩ හිඟ වුණොත් රක්තහීනතාවය ඇතිවෙයි. රක්තහීනතාවය නිසා ප‍්‍රතිශක්තිය දුර්වලවේ. වෙහෙස, ඉගෙනුම් දුෂ්කරතා ඇතිවෙයි. ග්‍රීන් පීස් වල යකඩ අඩංගු නිසා නීරක්තියෙන් පෙළෙන්නන්ට කදිමය. ග්‍රීන් පීස් වල විටමින් C වලින් ඉතා පෙහොසත් නිසා එය පිළිකා නාශකයන්ද වෙයි. ලියුකේමියා, ලිම්ෆෝමා පිළළිකි මෙන්ම පෙනහලු, බඩ වැල්, අග්න්‍යාශය ආශි‍්‍රත පිළිකා ද මෙමගින් වළක්වා ගන්න පුළුවන්. ඒවාගේම හොර්මොන සම්බන්ධ පිළිකා වෙන පියයුරු, පුරස්ථ ග‍්‍රන්ථය, ගැබ්ගෙල, ගර්භාෂය, ඩිම්බ කෝෂය ආශි‍්‍රත පිළිකා මැඩ පැවැත්වීමේ අපූරු ගුණයක්ද මෙහි පවතිනවා. සිරුරට ඇතුළු වන විස නසන්නට විටමින් C තරම් තවත් රුසියකු නැත. විස රසායන පරිසර දූෂණය අපේ ප‍්‍රතිශක්ති කි‍්‍රයාවලියට බලපා පිළිකා කාරක සංයෝග සිරුරේ එක් රැස්වේ. සිසිල් කළ පීස් වඩාගුණයි.නැවුම් ග්‍රීන් පීස් රස බලන්නට ලැබෙන්නේ ඉතා අඩු පිරිසකටය.

එහෙත් ශීතකරණණයේ තැබූ පීස් නම් ඕනෑම කෙනකුට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. සෝදා නැති, පොතු ඇර නැති ග්‍රීන් පීස් බෑගයක් හෝ ශීතකරණයේ දින කිහිපයක් තබා ගත හැකියි. ශීතකරණයෙන් ගත් ග්‍රීන් පීස් අවශ්‍ය තරම් රැගෙන, ඉතිරි ග්‍රීන් පීස් සිසිල් ගතිය තිබියදීම යළිත් ශීතකරණයේ තබන්න. ග්‍රීන් පීස් ව්‍යාංජනයක් සේම බත රසවත් කර ගැනීමටත් බොහෝ ගෘහණියන් යොදා ගන්නවා. ඊට අමතරව විවිධාකාරයෙන් රසගුණ පිරි මේ පුංචි ඇටවර්ගය කෑමට ගන්න පුළුවන්. සලාද පිළියෙල කිරීමේදී ග්‍රීන් පීස් ඇට යොදාගන්න. අල, කජු ව්‍යාංජනවලට ග්‍රීන් පීස් එක් කරන්න. කොළ පැහැ පීස් ග්‍රීන් පීස් යනුවෙන් හඳුන්වන අතර කහ පැහැ පීස් හඳුන්වන්නේ යෙලෝපීස් ලෙසිනි. මේ ග්‍රීන් පීස් වර්ග දෙකම රස ගුණ පිරි ආහාරය. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.