Naifmvlog

Naifm vlog Gossip and News

වම්බටු වල ඇති ඔබ නොදත් ගුණ මෙන්න.

වම්බටු කියන්නේ රසවත් ආහාරයක්. වෙලදපලෙන් පහසුවෙන් මිලදීගත හැකි වම්බටු කමට අප කවුරුත් ප්‍රිය කරයි. මෙහි පෝෂණ ගුණය අනුන ආහාරයකි. රෝග රැසක් මර්දනයටද වම්බටු ආහාරයට ගැනීම මගින් හැකියාව ලැබේ. නිතර නැවුම් පළතුරු හා එළවලු පරිභෝජනයට ගැනීම නිසා ලෙඩ රෝග හා වෙනත් තත්ත්වයන් පිළිබද අඩු අවධානමක් පවතී. නමුත් එය පෝෂ්‍ය ගුණ වලින් අනුනය. එසේම ඔබේ සෞඛ්‍යසම්පන්න බවට හේතු වේ. පෝෂණවේදීන්ට අනුව වම්බටු දිනපතාම ආහාරයට ගත යුතු පෝෂණීය ආහාරයකි. එහි විටමින්, ඛනිජ, එසේම තන්තු, නැසුනින් හා ක්ලොරෝජෙනික් අම්ල අඩංගුය. මෙම එළවලුව ඔබේ සමස්ත ශරීර සෞඛ්‍ය වර්ධනය කරන අතර හදවත් රෝග වැලදීමේ අවධානම අඩු කරයි. දියවැඩියාව, අධික තරබාරු බව හා අකල් මරණ සම්භාවිතාව අඩු කරයි. ඔබේ ආහාර වේලට තවත් වම්බටු එක් කර ගැනීමවාසිදායක වේ. දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වලකයි. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටු වලට ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවම කල හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසිම කල යුතුය. වම්බටු වල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර ඔබගේ මොලය පෝෂණය කරයි.

වම්බටු ඔබගේ රුධිරයේ සිනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි ජාරක තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි. ඔබගේ රුධිර පීඩනය ක්‍රමවත් කලහැක. ශරීරයට අවශ්‍යම ප්‍රමාණවලින් යකඩ, කැල්සියම් හා අනෙකුත් ඛනිජ වර්ග වම්බටු වල අඩංගුය. කැලරි නොමැති නිසා බර අඩු කිරීමට වම්බටු සුදුසුය. එසේම එහි මේද නොමැතිකම හා තන්තු වලින් අනුන බව එය බර අඩු කිරීමට සුදුසුම ආහාරයක් බවට පත් කරයි. වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව විටමින්, ඛනිජලවණ පවතිනවා. එමෙන්ම ඉතාමත් වැදගත් ප්‍රති ඔක්සිකාරක ද අඩංගු වෙනවා. වම්බටු ගෙඩියේ පොත්තේ ඇති පෝෂණ ගුණය මොළයේ පටල, හානිකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කරන බවයි. හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන වම්බටු, හෘදයේ නිරෝගි බව ඇතිකරවයි. වම්බටු යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන බවයි. ඒ වගේම රුධිර සංසරණය ක්‍ර‍්‍රමවත් කිරීමේ ගුණයක්ද වම්බටුවල පවතිනවා. වම්බටු වැඩි යකඩ අඩු කරයි. යකඩ සිරුරට නැතිවම බැරි පෝෂකයක් වුවද යකඩ වැඩිවීමද හොඳ දෙයක් නොවෙයි. වැඩිපුර යකඩ සිරුරේ තිබීම නිසා හදවත් රෝග, පිළිකා සෑදීමේ අවදානම වැඩිවනවා. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.