Naifmvlog

Naifm vlog Gossip and News

මේ විදියට ඇසුරුම් කරන ලද අහාර කවදාවත් කන්න එපා.හේතුව මෙන්න.

අප එදිනෙද කාර්යයන් පහසු කරගැනීම උදෙසා විවිද ක්‍රම භාවිතා කරයි. ක්‍ෂණික අහාර ගැනීමත් මෙහි එක කොටසක්. අද අප පවසන්නේ ක්ෂණික අහාර ඇසුරුම් කර ඇති ෆොයිල් පේපර් ශරීරයට කෙතරම් හනිදයකද යන වගයි. ලෝකයේ විශාල ලෙස පැතිර ඇති ලෝහය ලෙස ඇලුමිනියම්. අප භාවිතා කරන විවිධ නිෂ්පාදිත තුල ඇලුමිනියම් සංඝටකය අන්තර්ගතයි . අද අපි කතා කරන්නේ බොහෝමයක් ආහාර ඔතා තිබෙන ෆොයිල් පේපර් පිළිබඳවයි. පිසින ලද ආහාර ඇලුමිනියම් ෆොයිල් පේපර් භාවිතා කර එතීමෙන් විශාල ඇලුමිනියම් ප්‍රමාණයක් ආහාර තුලට එක්වනවා. මෙලෙස ඇලුමිනියම් ශරීර ගත වීම නිසා ඔස්ටියෝපොරෝසිස් සහ “Alzheimer’s” රෝග අවදානම ඇතිවන බව නවතම අධ්‍යයනයන් විසින් පෙන්වා දෙනවා. අප පරිභෝජනය කරන ආහාර බොහෝමයක් ඔතා ඇති කවර ඇල්මිනියම් වලින් සකස් කරන ලද කවර වන අතර එමගින් විශාල ඇල්මිනියම් ප්‍රමාණයක් ශරීර ගත වනවා. යකඩ ශරීරයට අවශ්‍ය වන ඛනිජයක් වුවත් ඇලුමිනියම් කිසිසේත්ම ශරීරයට අවශ්‍ය වන්නේ නෑ. ඇලුමිනියම් ශරීරය තුලට ඇතුළු වූ විට එයින් කිසිඳු ක්‍රියාවක් සිදු කර ගැනීමට ශරීරය අපොහොසත් වීම නිසා විවිධ ක්‍රම ඔස්සේ ඇල්මිනියම් ශරීරයෙන් ඉවත් කර ගැනීමට ශරීරය විසින් උත්සහ දරනවා. නමුත් අප ලබා ගන්නා ඇල්මිනියම් ප්‍රමාණය මත පදනම්ව එසේ ඉවත් කර ගැනීමට නොහැකි වන ඇල්මිනියම් ප්‍රමාණය පෙනහළු,මොළය, වකුගඩු, අක්මාව සහ තයිරොයිඩ් ග්‍රන්ථි වැනි අවයව තුල තැම්පත්වී පසුවට විශාල ආභාද ඇති කරනවා.

2000 වසරේ මැද භාගය වන විට ඇල්මිනියම් ශරීර ගත වීම නිසා ළමාවියේදී “autism” නමැති මානසික රෝගී තත්වය ඇතිවන බව සෝයාගෙන තිබෙනවා. මෙම තත්වය විශේෂයෙන්ම ඇති වන්නේ දරුවන් පානය කරනු ලබන ජලය සමග ඇලුමිනියම් ශරීර ගත වීම නිසයි. වැඩිහිටි පුද්ගලයින්ට පවා ඇලුමිනියම් ශරීර ගත වීම නිසා “Alzheimer’s” සහ “Lytico-bodig” රෝගී අවදානම ඇතිවන බව අධ්‍යයනයන් විසින් පෙන්වා දෙනවා. ඇලුමිනියම් ශරීර ගත වූ විට මොළයේ සෛල වලට හානි සිදු වීම ආරම්භ වනවා. මේ ආකාරයට ඇලුමිනියම් විශාල ලෙස මොලය තුලට එක් වූ විට මොලයට සහ ශරීරයට භාවිත කිරීමට අත්‍යාවශ්‍ය ඛනිජ සමග තරගයක් ඇතිකර එම අත්‍යාවශ්‍ය ඛනිජ විනාශයට පත් කරනවා. ඉහත සඳහන් කරන ලද කරුණට අමතරව ඇලුමිනියම් මගින් මොලයේ විෂ සහිත සංඝටක ඇතිකර ඔක්සිකාරක ආතතිය පවා ඇති කර මොලයට හානි සිදු කරන බව අධ්‍යයනයන් විසින් කරුණු දක්වනවා. ඔක්සිකාරක ආතතිය මගින් මොලයට හානි සිදුවී ස්නායු ආශ්‍රිත රෝග ඇති වනවා. ඇලුමිනියම් මොලය තුල පමණක් තැම්පත් නොවන අතර අස්ථි පටක වටාත් තැම්පත් වනවා. අස්ථි පටක තුල ඇල්මිනියම් තැම්පත් වීම නිසා අස්ථි දුර්වලවී ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආභාද ඇතිවනවා. ඔබටත් ඇලුමිනියම් වලින් ආරක්‍ෂාව සලසා ගැනීමට අවශ්‍ය නම් ඇලුමිනියම් ෆොයිල් කොළ ඔතන ලද සෞඛ්‍යයට අහිත කර ක්‍ෂණික ආහාර භාවිත කිරීමෙන් වළකින්න ඒවගේම ඔබේ මුළුතැන්ගෙයත් ඇලුමිනියම් වලින් තොර ස්ථානයක් කර ගන්න. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.