Naifmvlog

Naifm vlog Gossip and News

කෙසෙල් කොලේ කෑම සෞඛයට බෙහෙවින් හිතකරයි.

අතීතයේ මිනිසුන් අහාර එතීම සදහා කෙසෙල් කොලය සුලබව යොදා ගත්හ. මෙමගින් අපට අපට වැසි රැසක් හිමිවේ. මේ වන විට “Lunch Sheet” භාවිතය විශාල පරිසර ගැටළුවක් බවට පත් වී තිබෙනවා. පරිසර ගැටලුව සමගම එය බරපතල සෞඛය ගැටළු ද මතු කරනවා. නමුත් අපි අතීතයේ දී බත් පාර්සල් සකස් කළේ කෙසෙල් කොළ වලින්. මේ කෙසෙල් කොළ වල ආහාර අනුභවය විශාල සෞඛය ප්‍රතිලාභ ඇත කර දෙනවා. පිරිසිදු කෙසෙල් කොළයක් තම්බා බත් බැඳ ආහාරයට ගැනීමෙන් මෙන්ම වෙනත් ආහාර ද්‍රව්‍ය කෙසෙල් කොලයක් මත ආහාරයට ගැනීමෙන් සහ කෙසෙල් කොළ තම්බා තේ පානයක් සකස් කර පානය කිරීම මගින් අපට සෞඛ්‍යය වාසි රැසක් අත් කර ගන්නට පුළුවන්. කෙසෙල් පත්‍ර තුල ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වන “polyphenols” නමැති සංයෝගය අඩංගු වනවා. ආහාරය ජීර්ණය ආශ්‍රිත රෝගී තත්වයන්, රුධිර නාලිකා සිහින් වීමේ රෝගය සහ චික්ත වික්ෂේපය සහ පිළිකාව වැනි රෝග රාශියකට මෙමගින් ආරක්‍ෂාව සැලසෙනවා. එමෙන්ම, කෙසෙල් පත්‍ර මගින් නිකුත් කරන මෙම ප්‍රතිඔක්සිකාරක බලය මගින් අකලට වියපත්වීමේ ලක්‍ෂණ වන සම රැළි වැටීම සහ සම අවපැහැ වීමේ වැනි ලක්‍ෂණ පවා දුරු කර ගන්නට පුළුවන්. කෙසෙල් කොළ භාවිතා කර බත් බැඳීමට අමතරව කෙසෙල් කොළ තම්බා තේ පානයක් සකස් කර දිනකට වාර 1-3 පමණ පානය කරන්නට පුළුවන්. වෛරසය ආසාදනය වීම මගින් උගුර වනවීම ඇති වනවා.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක් වන මෙම තත්වය ඇති වූ විට ආහාර සහ පාන වර්ග ලබා ගැනීමේදී දැඩි වේදනාවක් ඇතිවී දැඩි ලෙස පීඩාවට පත් වනවා. කෙසෙල් කොළ තම්බා පානය කිරීම මගින් උගුර වනවීමේ තත්වය සුවකර ගන්නට පුළුවන්. වියළි කෙසෙල් පත්‍ර තුල අන්තර්ගත වන “allantoin” නමැති සංයෝගය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීම සිදු වනවා. උගුරු වනවීම, උණ රෝගය වැනි රෝගී තත්වයන් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයයි. අපට මෙවන් රෝගී තත්වයන් නොතිබුණත් කොසෙල් කොළ තම්බා තේ පානයක් සකස් කර පානය කරනවා නම් ලෙඩරෝග ඇති නොවන ආකාරයට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කර ගන්නට පුළුවන්. සමේ ඇතිවන අපහසුතා සහ තුවාල සුවපත් කිරීම සඳහා සාම්ප්‍රදායික ලෙස කෙසෙල් පත්‍ර භාවිත කරනවා. අමු කෙසෙල් පත්‍ර මිරිස් ගලක අඹරා අසාදනය වී ඇති ස්ථානයේ තබා වෙළුම් පටියකින් වෙලා දිනකට තුන් වතාවක් මෙම කෙසෙල් පත්‍ර අදාළ ස්ථානයෙන් මාරු කරන්න. කෙසෙල් පත්‍ර මගින් ලබා ගන්නා සාරය සතු “allantoin” සහ “astringent” නමැති සංයෝග මගින් හිස්හොරි ඉවත් කර හිස්කබලේ සෞඛ්‍යය තත්වය වර්ධනය කර හිසකෙස් වල ස්වභාවික වර්ණය ආරක්‍ෂා කර ගන්නට පුළුවන්.

අමු කෙසෙල් පත්‍ර ඇඹරුම් යන්ත්‍රයකට දමා අඹරා ආලේපනයක් සකස් කර එම ආලේපනය හිසකෙස් මත ආලේප කර විනාඩි 10-15 පමණ රැඳී සිට සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කර ගන්න. කෙසෙල් පත්‍ර ආලේපනය මගින් හිසකෙස් මෙන්ම සමේ සෞඛ්‍යයද වර්ධනය කර ගන්නට පුළුවන්. මිරිස් ගලක අඹරා ගන්නා ලද හෝ ඇඹරුම් යන්ත්‍රයකින් අඹරා ගන්නා ලද කෙසෙල් පත්‍ර මුහුණේ සහ ශරීරයේ ආලේප කිරීමෙන් එමගින් ශරීරයට ලැබෙන “allantoin” සංයෝගය සහ ප්‍රතිඔක්සිකාරක බලය නිසා සමේ ඇතිවන අඳුරු පැහැ ලප කැළැල්, කුරුලෑ ලප කැළැල් සහ රැළි වැටීම් වළක්වා සමේ තෙතමනය ආරක්‍ෂා කරනවා. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.