Naifmvlog

Naifm vlog Gossip and News

කෙසෙල් ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන වාසි.

කෙසෙල් කියන්නේ අප හැමදෙනාම ආහාරයට ගැනීමට කැමති පළතුරක්. මෙමගින් ශරීරයේ රෝග රැසක් මර්දනය වන බව බොහෝ දෙනා නොදත් කරුණකි. කෙසෙල් ආහාරයට ගැනීම මගින් කැල්සියම් නිසියාකාරව සපයා ශරීරයට කැල්සියම් හිග වීමෙන් ආරක්‍ෂා කර දෙයි. කෙසෙල් ආහාරයට ගැනීම මගින් බුද්ධිමත්භාවය වර්ධනයවී තර්කන හැකියාව වැනි හැකියාවන් වර්ධනය වනවා. මෙසේ සිදු වන්නේ කෙසෙල් තුල අන්තර්ගත වන පොටෑසියම් මගින් මොලයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන නිසයි. කෙසෙල් අනුභව කිරීම මගින් කැල්සියම් අවශෝෂණය වේගවත් කරන නිසා වකුගඩු තුල ගල් හට ගැනීම සහ වකුගඩු තුල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා. පලතුරක් ලෙස කෑමෙන් ක්ෂණික ශක්තිය ලබා දේ. පිළිකා නසන ගුණය ඇත. විශේෂයෙන්ම අන්ත්‍ර පිළිකා, පියයුරු පිළිකා හා වකුගඩුවල ඇතිවන පිළිකා වේ. කෙසෙල් යකඩ වලින් පොහොසත් වීම නිසා කෙසෙල් අනුභව කිරීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රුධිරයේ ගුණත්වය වර්ධනය කර රක්තහීනතාවය දුරු කරයි. කෙසෙල් තුල ද්‍රාව්‍ය තන්තු අන්තර්ගත වන නිසා කෙසෙල් ආහාරයට ගැනීම මගින් මලබද්ධය සහ ආහාර ජීර්ණය පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝග සුව කර නිසි පරිදි ආහාර ජීර්ණය නියාමනය කරනු ලබනවා. කෙසෙල් ආහාරයට ගැනීම මගින් රුධිරයේ සීනි මට්ටම නියාමනය කර විශාදය වැනි තත්වයන් දුරු කර මනෝභාවය පවා නිසි පරිදි වර්ධනය වනවා.

කෙසෙල් තුල අඩු සෝඩියම් ප්‍රමාණයක් සහ වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා දිනපතා කෙසෙල් ආහාරයට ගැනීම මගින් හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි තත්වයන් ඇතිවීමේ අවදානම වලක්වා ගන්නට පුළුවන්. කෙසෙල් වල අඩංගු සංයෝගය මගින් විශාදය වැනි මානසික ගැටළු දුරු කර මනෝභාවය වර්ධනය කිරීම සිදු කරනවා. කෙසෙල් තුල වේදනාව වැනි තත්වය සමනය කිරීමට උපකාර වන සංයෝග සහ විටමින් B6 අන්තර්ගත වනවා. මෙම සංයෝගයන් සන්ධි වේදනාවන් සහ දියවැඩියාව දෙවන අදියර පාලනය කිරීමට උපකාර වන අතර ස්නායු පද්ධතිය සංසිදුවාලීමද සිදු කරනවා. අම්ල පිත්ත රෝගයට හෙවත් ආමාශයේ ඇතිවිය හැකි තුවාලවලට කෙසෙල් ආහාරයට ගැනීමෙන් සුවයක් දැනේ. සමේ ඇතිවන තුවාල සුව වීමට උදව් වේ. විෂබීජ නාශක ගුණයක් ඇත. ශරීරයේ ලේ හිඟකම හෙවත් නීරක්තිය ඇති අයෙකුට ඉන් මිදීමට උදව් වේ. මුත්‍රාශයේ ගල් නැති කරයි. පිත්තාශයේ ගල් නැති කරයි. සීතල ගුණයක් ඇත. ශරීරයේ උෂ්ණත්වය අඩු කරන ගුණයක් ඇත. මල බද්ධයට ගුණයි. කෙසෙල් ආහාරයට ගැනීම මගින් ශරීර ශක්තිය වර්ධනය වන අතර ව්‍යායාම සිදු කරන පුද්ගලයින්ට පවා කෙසෙල් ඔවුන්ගේ ආහාර වට්ටෝරු සඳහා නිර්දේශ කරනු ලබනවා. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.