Naifmvlog

Naifm vlog Gossip and News

මී කිරි කනවනම් මේ දේවල් ඔබට ලැබේවි.

මී කිරි කියන්නේ ඉතාමත් ප්‍රනීත ආහාරයක්. ප්‍රදාන අහාර වෙල ගැනීමෙන් පසුව අප අතුරුපසක් වශයෙන් මී කිරි ආහාරයට ගනී. ඒ එහි ඇති පෝෂණයත්,රසවත් බවත් නිසාවෙනි. මී කිරි ගුණයෙන් වැඩි වුවත් එය පමණට වඩා ගැනීම හොඳ නැත. සමාන්‍යයෙන් ඔබ ගන්නා ආහාර වේලට සරිලන ලෙස මේ අතුරුපස පමණ දැන ගැනීමෙන් සිරුරේ නිරෝගීතාවය හා පැවැත්ම පවත්වා ගත හැකියි. බඩගින්න ඇතිවීම සහ බඩපුරවා දැමීම නැතිවේ. ශරීර ශක්තිය වැඩි කෑම අරුචිය නැති වී යයි. ශරීරය කෙට්ටුවීම වළක්වයි. සිරුරේ ඇතිවන වාත වේදනා හා පිත නැති කෙරේ. ක්ලාන්ත බව නැති කෙරේ. සිතට පී‍්‍රති ජනක බවක් ඇති කිරීම හා මල බද්ධය නැති කරන කදිම ඔසුවකි. මී කිරි ආහාරයට ගන්නේ සීනි හෝ කිතුල් පැණි සමඟ නිසා ප්‍රනීත බවින් වැඩිය. බොහෝදෙනා මෙය තනිකර පාවිච්චියට ගන්නේ නැත. මින් බඩ දැවිල්ල නැති කරනු ලබයි. ගැස්ට්‍රයිටීස් වැනි රෝගයට සුදුසුයි. කකුල් පැලීම නැති වී යයි. බොහෝවිට කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු සඳහා මී කිරි ආලේප කිරිමට ගනියි. මී කිරි මතක ශක්තිය වැඩි කරන බවද සඳහන් වේ. රාත්‍රියේදී ගැනීමෙන් සෙම වඩයි. වැඩියෙන් මී කිරි ගැනීම නිසා උදරයේ බර ගතිය වැඩිවේ.

මෙය ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් උණ ගතිය, රක්ත පිත්ත හා සිරුරේ තැන් තැන්වල සැරව ගෙඩි පවා ඇතිවිය හැකියි. එපමණක් නොව කුෂ්ඨ රෝග, කරකැවිල්ල වැනි ආබාධ ඇති කරයි. මී කිරිවල වැඩිපුර මේදය, ප්‍රොටීන් සහ විටමින් බී බහුලව ඇත. එළකිරි වලට වඩා මී කිරි පරිභෝජනය අප සමාජය තුල පැවතීමට එක් කාරණයක් වූයේ මේ කිරි වර්ග දෙක තුළම තිබූ පෝෂණ ගුණාංග වල වෙනස් කමයයි සිතමි. එළකිරි වලට වඩා දෙගුණයක් පමණ කැල්සියම් ප්‍රමාණයක් මීකිරි වල අඩංගු වන අතර ප්‍රෝටීන් ප්‍රමාණයද විශාල වෙයි. එළකිරි ගුණයෙන් සීතල වන අතර මීකිරි ගුණයෙන් උෂ්ණ වීර්යවත්ය. එළකිරි මගින් නාඩි ව්‍යුහය ශක්තිමත් කරන අතර ශරීරය පුෂ්ටිමත් කිරීමටද බෙහෙවින්ම උපකාරි වෙයි. එසේම ගර්භණින්ට හිතවත්ය. නමුත් මීකිරි තෙල් පදාර්ථ බහුල ආහාරයක් වන අතර වෙහෙසා වැඩ කරන අයට බෙහෙවින්ම ගුණදායක වේ. බත් සමග හා කුරහන් සමග මීකිරි කෑම සිංහලයා පුරුදු කර ගෙන ඇත්තේ මීකිරි වල පවතින ගුරු ගුණය මග හරවා ශරීරයට හිතකාරි ලෙසට පරිවර්තනය කර ගැනිමටයි. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.