Naifmvlog

Naifm vlog Gossip and News

දත් කැක්කුමට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම 5ක්.

අද බොහෝ දෙනා පීඩා විදින රෝගයක් නම් දත් කැක්කුමයි. අප ගන්නා අහාර දත් වල තැන්පත් වී දත් දිරා ගොස් මෙම අදික දත් කැක්කුම සැදේ. අප අද ඔබට කියන්නේ දත් කකුම ඇති වූ විට ඔබට නිවසේදීම කල හැකි ප්‍රතිකාර කිහිපයකි. කියන මේ ක්‍රම 5 තුළින් ඔබේ දත් කැක්කුමට සහනයක් ලැබේවි. අයිස් කැට කියන්නේ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දෙයක්. අයිස් කැට කිහිපයක් අරන් වේදනාව දැනෙන ස්ථානයේ රඳවා ගත්තානම් දත් කැක්කුම ක්ෂණිකයෙන් අඩු වී යන ආකාරය ඔබටම දැනෙයි. නැතිනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කැබැල්ලක ඔතා වේදනාව දැනෙන ස්ථානයේ කම්මුල මතු පිටින් සෙමින් අතුල්ලන්න. මෙහිදී සිදු වන්නේ වේදනාවන් හා සම්බන්ධ ස්නායු අයිස් මගින් සිර කිරීමයි. ලූණු ගෙඩියක් කියන්නෙත් අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. දත් කැක්කුමක් ඇති වුන වේලාවක ලූණු ගෙඩියක් සැපීම හෝ ලූණු පෙත්තක් වේදනාව දැනෙන ස්ථානයේ තබාගෙන බලන්න වේදනාව ඉක්මණින් අඩු වේවි. දත් කැක්කුමක් සෑදුනු අවස්ථාවක ඉඟුරු කැබැල්ලක පොත්ත ඉවත් කර මුව තුළ රඳවාගෙන සපන්න. ඉක්මන් සහනයක් අවශ්‍ය නම් ඉඟුරු කෑල්ලක් තලා එම තලපය වේදනාව දැනෙන තැන තවරා ගන්න.

පහසුවෙන සොයා ගත හැකි දෙහි මගින් වේදනාව සමනය කරගන්නේ මෙහෙමයි. දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ අතුල්ලන්න. දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් හා විටමින් සී දත්වලට සහ විදුරුමහට සහනයක් ලබාදෙනවා. කරාබු නැටිවල තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා දත් කැක්කුම සමනය කරගන්න පහසුයි. ඔබ කරන්න අවශ්‍ය වන්නේ වේදනාව දැනේන ස්ථානයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. දත් කැක්‌කුමෙන් අසහනයට පත් මොහොතක ඔබට භාවිත කළ හැකි සාර්ථකම ප්‍රතිකාරය මෙයයි. කරාබු නැටි තෙල් සහ පොල් තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රකර කපු පුළුන් කැබැල්ලක පොඟවා වේදනාව ගෙන දෙන දත අසලින් රඳවා තබා ගැනීම කළ යුතුයි. විනාඩි කිහිපයකින් ඔබේ දත් කැක්‌කුමෙන් ඇතිවන වේදනාව සමනය වන්නේ ඔබට සහනයක්‌ සැලසීමෙනුයි. කරාබුනැටිවල පවතින ප්‍රතිබැක්‌ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්ත්වය සමනය කරන ගුණය මෙම වේදනාව ස්‌වාභාවිකව සමනය කිරීමට හේතුවක්‌ වේ. ආහාර රස ගැන්වීමට පමණක්‌ නොව රෝග සුවපත් කිරීමේදී ආයුර්වේදයේදී බහුලව දෙහි භාවිතයට ගනියි. දත් කැක්‌කුම නිසා ඇතිවන වේදනාවේදී දෙහි යුෂ ස්‌වල්පයක්‌ පුළුන් කැබැල්ලක තවරා වේදනාව ඇති ස්‌ථානයේ ඇතිල්ලීම කළ හැකියි. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.