Naifmvlog

Naifm vlog Gossip and News

පිළිකාවෙන් වැලකි ඉන්න පුළුවන් ක්‍රම මෙන්න.

පිළිකාව අද වනවිට ජිවිත ගණනාවක් බිලි ගෙන අවසානයි. පිළිකාව වැළදෙන්නේ අපගේම අයහපත් ක්‍රියාවන් නිසාවෙනි. මේ ක්‍රම හරියට අනුගමනය කරන්න. ඔබට පිළිකාවෙන් වැලකි ඉන්න පුළුවන්. නිරන්තරයෙන් අපි වෙළඳ පොළෙන් ලබාගන්න පැණි බිම වලින් අපව තරබාරු කරනවා ඒ වගේම මෙය දිය වැඩියාව සෑදීමටත් එක හේතුවක්. මෙම පැණි බිමවල බලපෑම එතනින් නවතින්නේ නම් නෑ. එයින් පිළිකා රෝගය වැළඳීමේ හැකියාවත් තිබෙන බව මතක තබා ගන්න ඕනිම දෙයක්. දිනපතා කැඳ පානය කරන්න. මෙයට උදරයේ මහා බඩවැල ආශ්‍රිතව පිළිකා රෝග සැදීමේ අවධානම අඩු කිරීමේ හැකියාව තිබෙනවා. වැඩිපුර හිටගෙන ඉන්න. වර්තමානයේ දවසින් වැඩිම වෙලාවක් අපි කාලය ගත කරන්නේ ඉදගෙනයි. ඔබ දන්නවද මෙය ගර්භාෂය ආශ්‍රිත හා මහා බඩවැල ආශ්‍රීත පිළිකා සැදීමේ අවදානය වැඩි කරන්න එක හේතුවක්. එම නිසා ඔබ දිනකට පැය කිහිපයක් ඇවිදින්න එය ඔබගේ නිරෝගීබවට ඉතාමත්ම වැදගත්. සුදු ළූණු ආහාරයට ගැනීම. සුදු ළූණු කියන්නේ ඉතාමත් හොඳ ඖෂධයක්. මෙයට හැකියාව තියනවා ඔබගේ ශරීරයේ වර්ධනය වන පිළිකා සෛලයන්ට එරෙහිව සටන් කිරීමට. ඔබ සැමවිටම සුදු ළූණු ආහාරයට ගැනීමට කටයුතු කරන්න.

ගෝවා, මල් ගෝවා වැනි ආහාර සතියකට වතාවක්වත් ඔබගේ ආහාර වේල සඳහා එක් කර ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා මෙම පිළිකාව නමැති දරුණු රෝගයෙන් නිදහස්ව ජිවත් වීමට. විශේෂයේනම මෙය වකුගඩු ආශ්‍රිත පිළිකා සැදීමේ අවධානම මඟ හැරිම සඳහා වැදගත් වෙනවා. ඉර එළියේ ඇවිඳින්න. හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබගේ ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ස්වාභාවිකවම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ග්‍රීන් ටී පානය කරන්න ග්‍රීන් ටී පානය කිරීම පිළිකා රෝගී අවධානමෙන් ගැලවී සිටීමට තවත් එක් හේතුවක්. ග්‍රීන් ටීවල අඩංගු වන රසායනික ද්‍රව්‍ය පිළිකා සෛලයන්ට එරෙහිව සටන් කරනවා. මේ නිසා පියයුරු, ඩිම්බකෝෂ, මහා බඩවැල, පෙනහළු, පුරස්තතික ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා රෝග සෑදීමේ අවධානමෙන් ඔබව බේර ගන්නවා. ඔබගේ නිදන කාමරය අඳුරු කරන්න. රාත්‍රී ආලෝකය හේතුවෙන් කාන්තාවන්ට පියයුරු පිළිකා හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සැදීමේ අවධානමක් ඇති බව පර්යේෂණ මඟින් හෙළිවී තිබෙන කරුණක්. එම නිසා ඔබ නිදන කාමරය සැමවිටම අඳුර කර තැබීමට කටයුතු කරන්න. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.