Naifmvlog

Naifm vlog Gossip and News

රෝග රැසකට ගුණ විශ්මිත එළවළුවක්.

රාබු කියන්නේ රස එළවළුවක්. ඇතැමෙක් මෙය ආහාරයට ගැනීමට මැලි බවක් දක්වයි. ඒ එහි ඇති තරමක නුපුරුදුසුවද නිසාය. නමුත් මෙම රාබු ආහාරයට ගැනීම ශරීරයට ඉතා ගුණදායක බව වෛද්‍යවරුන්ගේ මතයයි. රාබු ලොව පුරා ඉතා බහුලව වගා කරනවා. ශ්‍රී ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාපවල සාර්ථකව වගා කළ හැකි හැකියි. ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්. කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි. ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා. රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා. රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා. වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා.

මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි. සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි. ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්. චරම රෝග ,මුත්‍ර ගල්, කන් කැක්කුම,අන්ඩවාත,මැලේරියාව,අහාර රුචිය සඳහාද දිව ඔසුවකි. වියලි රාබුඅහාරයට ගැනීමෙන් වා පිත් ,සෙම් යන තුන් දොසම සමනය කරයි. වාත රෝග ,ගැස්ට්‍රයිටිස්,ක්ෂය රෝගයටත් ගුණදායකය. ක්ෂාර තෙල්,මුලකාදී තෙල ,කණකක්ෂීර තෙල් නිපදවීම සඳහාද මෙම රාබු යුෂ බාවිතා කරයි. රාබු අල හා කොළ ඉතා සිහින්ව ලියා ලුණු කැට දෙමිටක් දමා තම්බා ගෙන මද උණුසුම සහිත විට අර්ශෂ්ගෙඩි සෝදන්න. ජලයේ රස්නය හීන වන තුරු මෙලෙස සිදු කරන්න. රාබු අල ඉතාමත් සිහින්ව ලියා උම්බලකඩ රතුළුණු අමුමිරිස් ආදිය දමා සම්බෝලයක් ආකාරයට සකස් කර අහාරයට එක කර ගන්න. කල්ගත වූ කැස්සට රාබු අල ඉස්ම සහිඳ ලුනු ,තිප්පිලි කුඩු ,මි පැණි ,දමා මදක් රත් කොට මේස හැඳි දෙකක ප්‍රමාණයෙන් උදේ හවස පානය කරන්න. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.