Naifmvlog

Naifm vlog Gossip and News

සිරුරට ගුණ දෙන රත් කෙසෙල්.

රත් කෙසෙල් කියන්නේ ඉතා ගුණවත් පලතුරකි. රත් පැහැයෙන් දිලෙන නිසා මෙයට රත් කෙසෙල් කියන නම සැදී ඇත. මෙහි වටිනා ඖෂදීය ගුණයන් ඇත. කෙසෙල් වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. මේ අතරින් රත් කෙසෙල් යනු , සිරුරට බොහෝ ගුණ දෙන කෙසෙල් වර්ගයකි. මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වේ. අනෙකුත් කෙසෙල් වර්ගවලට වඩා බීටා කැරොටීන් හා විටමින් සී මෙහි අඩංගු ය. බීටා කැරොටීන් මඟින් රුධිර නාලිකා ඝන වීම වළක්වන අතර, හෘදයාබාධ හා පිළිකා ඇතිවීම වැළැක්වීම ද සිදු වේ. රත් කෙසෙල්වල අන්තර්ගත ගුණ බොහෝ ය. වකුගඩුවල ගල් ඇති වීම වළක්වයි. රත් කෙසෙල්වල පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් පවතින නිසා, වකුගඩුවල ගල් ඇති වීම වළක්වයි. එමෙන් ම, හෘදය ආශ්‍රිත රෝග හා පිළිකා වැලඳීම ද වළකී. අස්ථි ශක්තිමත් කරයි. බර අඩු කර ගැනීමට අනෙකුත් පලතුරු හා සසඳා බලන විට රත් කෙසෙල්වල අඩු කැලරි ප්‍රමාණයක් පවතී. මේ මඟින් කුස ඉක්මනින් ම පුරවා දැමීම සිදුවේ. එමඟින් බර අඩු කර ගැනීමට දායකත්වයක් ලැබේ. ප්‍රතිඔක්සිකාරක හා විටමින්රත් කෙසෙල්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක හා විටමින් නිසා, රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරවයි. එමඟින් නීරෝගී ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති කරවන අතර, රුධිරයේ ග්ලූකෝස් මට්ටම ද නියතව රඳවා තබයි.

මේ මඟින් දෛනිකව අවශ්‍ය වන විටමින් බී6 ප්‍රමාණය ද සපයාගත හැකි ය. විටමින් බී6 හීනතාව, ඇනීමියා තත්ත්වය ඇති වීමට හේතු වේ. කෙසෙල් වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. මේ අතරින් රත් කෙසෙල් යනු , සිරුරට බොහෝ ගුණ දෙන කෙසෙල් වර්ගයකි. මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වේ. අනෙකුත් කෙසෙල් වර්ගවලට වඩා බීටා කැරොටීන් හා විටමින් සී මෙහි අඩංගු ය. බීටා කැරොටීන් මඟින් රුධිර නාලිකා ඝන වීම වළක්වන අතර, හෘදයාබාධ හා පිළිකා ඇතිවීම වැළැක්වීම ද සිදු වේ. රත් කෙසෙල්වල අන්තර්ගත ගුණ බොහෝ ය. ක්ෂණික ශක්ති ජනකයකි. රත් කෙසලේ යනු ක්ෂණිකව ශක්තිය ලබාදෙන ශක්ති ජනකයකි. අම්ලපිත්තය රෝගයට සහ රක්‌තවාත රෝගීන්ට මෙම රත් කෙසෙල් ඉතා ගුණදායක පලතුරකි. ඇදුම, හතිය වැළඳුන රෝගීන්ට අනුභව කිරීම අපත්‍යකරය. රාත්‍රි කාලයේ මෙම කෙසෙල් කෑම අනුචිතය. ශීත ගුණයෙන් යුතු පොළවේ දියසීරාව තෙතමනය ඇති මාතර දිස්‌ත්‍රික්‌කයේත් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේත් රත් කෙසෙල් ගස්‌ උසට මහතට සරුවට වැවේ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේද වැව් ආශ්‍රිතව පැරණි පැඟිරි බොයිටර් වලින් ඉවත් කරන ලද පැඟිරි අළුගොඩවල් මත සිටවන ලද එම රත් කෙසෙල් පඳුරු ඉතා සරුවට වැඩී තිබෙනු දැකගත හැකිය. මවම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.