Naifmvlog

Naifm vlog Gossip and News

කොත්තමල්ලි කොළ ගැන නොඇසූ කතාවක්.

සුලබ සෙම් ප්‍රතිශ්‍යාවේ පටන් බොහෝරෝග පාලනයට උපකාරිවන කොත්තමල්ලි ඇට ගැන නො දන්නා කෙනෙක් නෑ. ඒත් කොත්තමල්ලි කොළ වල ඇති සුවිශේෂ ගුණ සම්භාරය ගැන ඔබ අසා තිබුණා ද? වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K B තයමින් නියැසින් සහිතයි. යකඩ, කැල්සියම් බහුලයි. පොටෑසියම් පොස්පරස්, මැග්නීසියම් ආදි තවත් පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. සිරුරට අත්‍යවශ්‍ය මේද අම්ලවලින් පොහොසත්වූවක්. බැක්ටීරියා නාශක ප්‍රතිප්‍රදාහ ගුණ සහිත වූවක්. ප්‍රතිශක්තිය වඩමින් බෝවන රෝග වළකන්නක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. කොත්තමල්ලි කොළ. ආසවනය කොට ලබාගන්නා තෙල් වලින් සුවඳ විලවුන්ද නිපදවනු ලබනවා .

කොත්තමල්ලි කොළ සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා. සමේ තුවාල පමණක් නොව මහාන්‍ත්‍ර තුවාලද සුවපත් කර දෙනවා. සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. දෙවන වර්ගයේ දියවැඩියාව පාලනයකර දෙනවා. එය ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරන්නක්. වමන බඩ පුරවා දැමීම් වළක්වන්නක් .ආහාර ජීර්ණය පහසු කරන්නක්. පිපාසය නිවන්නක් . එසේ ම ඇස්වලට හිතකරයි.. මුඛ රෝග සුවපත් කරනවා. උණ, හා පීනසට එරෙහිව ප්‍රතිචාර දක්වනවා.නීරක්තිය දුරු කරනවා. අස්ථි ආරක්ෂා කරදෙමින් ආතරයිටිස් ඔස්ටියෝ පොරෝසිස් රෝග පාලනයකරනවා, වියපත්වූ විට ඇතිවන සන්ධි අපහසුතා අවමකර දෙනවා. කොත්තමල්ලි කොළ ස්වල්පය බැගින් නිතර අනුභවයෙන් රත් පිත් හර්ද රෝග අධි රුධිර පීඩනය පාලනය වන බවත්, කොලෙස්ටරෝල් යහපත් මට්ටමක තබා ගැනීමට කොත්තමල්ලි කොළ උපකාරීවන බව ත් පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා. ඒ අනුව කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් නොකඩවා දින හැටක් ආහාරයට ගැනීමෙන් රුධිරගත ට්‍රයි ගිසලයින් අඩුවී , හිතකර H D L ප්‍රමාණය වැඩිවී කොලෙස්ටරෝල් පාලනය වන බව සඳහන්.

කොත්තමල්ලි කොළ අක්මාවටත් හිතකරයි. එය අක්මාවේ පිත නිපදවන ක්‍රියාවලියට මනා සහායක් දක්වනවා.. එය ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය වර්ධනය කර දෙන්නක්.මොළයේ රෝග වැළැඳීම අවම කර දෙන්නක්. මතක රඳවා ගැන්මට උපකාරීවෙමින් ඇල්ෂයමර් වැනි රෝගවලට එරෙහිව ක්‍රියාත්මක වන්නක්. කොත්තමල්ලි කොළ උණුවතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩ් කර, දෙහි යුෂ යොදා අවශ්‍ය පමණට තවත් උණුවතුර මිශ්‍ර කර ලුණු ස්වල්පයක් එක්කර කොත්තමල්ලි කොළ බීම ක් සකසාගත හැකියි. මෙම පානය උදෑසන ආහාරයට පෙරත් රාත්‍රි ආහාරයට පසුත් දින 5ක් ලබා ගැනීමෙන් බර අඩුකරගත හැකි බව සඳහන්. කොත්තමල්ලි කොළ සෝදා සිහින්ව ලියා රතුලූනු අමු මිරිස් උම්බලකඩ දෙහි ලුණු එක්කර සම්බෝලයක් ,සකසා ගත හැකියි. එය ගැබිණි මවුවරුන්ට නම් මුල් මාස තුන ඇතුළත ආහාරයට ගැන්ම වඩා හිතකර නොවන බවයි සඳහන්වන්නේ. කොත්තමල්ලි ගෙවත්තේ වගා කරගන්නට හැකියි. කොත්තමල්ලි අහුරක් රැයක් පෙඟෙන්නට දැමීමෙන් පසුව හෝ කොත්තමල්ලි අහුරක් ගෙන ඇට දෙකඩ වන සේ පමණක් යන්තම් තලා ගැනීමෙන් පසුව හෝ වැලි , කොම්පෝස් පෝර, හා කොහුබත් සමව මිශ්‍රක‍ර දමා ගත් පෝච්චියක සිටුවීමෙන් එය අත් හදා බැලිය හැකියි.  කොත්තමල්ලි කොළවලින් අත් බෙහෙත් – නිතර සෑදෙන හිසරදයට කොත්තමල්ලි කොළ ඇල්දියෙන් අඹරා නළලේ ආලේප කිරීම. මුඛයේ තුවාලවලට කොළ ,කොටා ගත් යුෂ මූඛයෙහි ලා කැලතීම. වේදනා ඉදිමුම් තුවාල හා සමේ රෝගවලට. කොළ අඹරා ගෑම. අධික ආර්තවයට හා වේදනාවට. කොත්තමල්ලි කොළ සම්බෝලය අහාරයට ගැනීම. සම රැලි වැටීම් නැතිවී පැහෑපත් වීමට. කොළ යුෂ කෝමරිකා සමග මිශ්‍රකර ගැල්වීම. සමේ කුරුලෑ බ්ලැක් හෙඩ්ස් හා මළ සෛල ඉවත්කර නව සෛල වර්ධනයට. කොළ යුෂ, ලෙමන් යුෂ සමග මිශ්‍රකර ආලේප කිරීම. සමේ රෝගවලට, රුව වැඩුමට. සමේ වියළි ගති දුරුකිරීමට.