Naifmvlog

Naifm vlog Gossip and News

ක්ෂණික කරකැවිල්ල, ක්ලාන්තය පිළිබද දැනුවත් වෙමු.

කරකැවිල්ල, ක්ලාන්තය අද සමාජයේ බහුලව දැකිය හැකි රෝගී තත්වයකි. විවිද ලෙඩ රෝග නිසා කරකැවිල්ල,ක්ලාන්ත ගතිය ඇතිවේ. විවාහක කාන්තාවකට නම් කැරකැවිල්ල බොහෝ විට සුබ ලකුණකි. ඒ එය දරු සම්පතක පෙර නිමිත්තක් විය හැකි නිසයි. එහෙත් බාල, තරුණ, මසුලබම හේතුවක් වන්නේ මොළයට ප‍්‍රමාණවත් තරම් රුධිරය ගමන් නොකිරීමයි. රුධිර පීඩනයේ හදිසි පහළ බැසීමක් හෝ වමනය කිරීම, ඩයරියා, උණ වැනි වෙනත් හේතු නිසා විජලනය ඇතිවීම ද කරකැවිල්ලට හේතුවෙයි. බොහෝ පුද්ගලයන්ට, විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට වැතිර සිට ඉක්මණින් අසුනෙන් නැගිටින විට කරකැවිල්ලක් ඇති වෙයි. තරුණ හා වැඩිහිටි වැඩි දෙනෙකුගේ කරකැවිල්ලට හේතුව ඇතුලු කනෙහි කර්ණ ශංඛය ඉදිමී කි‍්‍රයාකාරිත්වය අඩු වීමයි. වයස්ගත පුද්ගලයන්ගේ කැරකැවිල්ලට තවත් හේතුවක් වෙන්නේ කුඩා මොළයට යන නහර බෙල්ලේ කශේරුකා අතර තෙරපීමයි. හෘදයාබාධයක් නිසා හෝ හද ගැස්ම අස්වාභාවික වීම නිසා අඝාතය නිසා හා රුධිර පීඩනය බරපතල ලෙස පහළ බැසීම නිසා ඇති වෙන කරකැවිල්ල බරපතල ලක්ෂණයකි. මෙවැනි බරපතල තත්ත්වයක දී කරකැවිල්ලට අමතරව පපුවේ වේදනාව, අධික වේගයෙන් හද ගැසීම, කතා කිරීමට අපහසුවීම, පෙනීම අපැහැදිලි වීම වැනි වෙනත් ලක්ෂණ ඇතිවේ. මොළයේ ගෙඩි ද කරකැවිල්ලට හේතුවකි. කරකැවිල්ලක් ඇති වුණේ සිටගෙන සිටිනවිට දී නම් එක් වරම හදිසියේම ඉරියව් වෙනස් කිරීමට යාමෙන් වළකින්න.

පිපාසය හෝ කරකැවිල්ල ඇති විට හැකි තරම් ජලය පානය කරන්න. හිසේ තුවාල, ෆැරන්හයිට් අංශක 101 ට වැඩි උෂ්ණත්වය, හිසරදය හා බෙල්ලෙහි දැඩි තද ගතිය, දිගින් දිගටම පවතින වමනය, පපුවේ වේදනාව, වේගයෙන් හද ගැසීම, හුස්ම ගැනීම අසීරුවීම, දුර්වලතාවය, අත් හා පා චලනය කිරීමේ අපහසුතාවය හෝ කතාවේ හෝ පෙනීමේ වෙනසක් සිදුවීම, මිනිත්තු කිහිපයක් ක්ලාන්තව හෝ සිහිසුන්ව සිටීම, කලින් කිසි දිනෙක කරකැවිල්ල ඇති නොවීම, පෙරදී ඇතිවූ කරකැවිල්ලට වෙනස් ස්වභාවයේ කරකැවිල්ලක් හට ගැනීම, ඖෂධ ගත් පසු ඇතිවීම, මෙහිදී රෝගියා හිතුමතේ ඖෂධ වෙනස් නොකර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඇසීම අඩුවීම, රුධිර පීඩනය මැනීම, ECG, කන් ඇසීමේ පරික්ෂණ, ස්නායු පරීක්ෂණ, MRI ආදී විවිධ පරීක්ෂණ ආධාරයෙන් වෛද්‍යවරයා කරකැවිල්ලට හේතුව සොයා ගත හැකියි. කන් ආසාදන, සෙම්ප‍්‍රතිශ්‍යාව, පීනස හා වෙනත් ශ්වසන ආබාධ ඇති විට ප‍්‍රතිකාර ගන්න. සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව හෝ වෙනත් වෛරස් රෝග ඇති විට විජලනය මැළැක්වීම සඳහා හැකි තරම් ජලය පානය කරන්න. එවැනි පියවර මගින් කරකැවිල්ල ඇතිවීම අඩු කරගත හැකියි. විවිධ වයස් සීමාවල අයට ද නොයෙකුත් හේතූන් මත මෙය අත් දකින්නට සිදුවේ. කරකැවිල්ල ඉක්මනින් සුව වුණත් එය ගැන සුළුවෙන් නො සිතිය යුත්තේ එය රෝග ගණනක ලකුණක් වන බැවිනි. වාසනාවකට බොහෝ විට ඇති වෙන කැරකැවිලි තත්ත්වයන් රෝගී තත්ත්වයන් නොවෙයි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.