Naifmvlog

Naifm vlog Gossip and News

තරුණකම රැකගන්න පුංචි රහසක් මෙන්න.

හැමදාම තරුණ බව රැකගන්න කවුද අකමැති. අපි අද ඔබට තරුණ කම රැකගන්න පුංචි රහසක් කියන්නම්. තුන් වේලකටම බත් කන අපි සහල් ගැන මොනවද නොදන්නේ. නමුත් ඔබ මෙතෙක් කල් දැනන් සිටියාද ජපන් කාන්තාවන් සහල් භාවිතයෙන් තරුණ බව රැකගන්න බව? සහල් කියන්නේ ජපානයේ කාන්තාවන් තමන්ගේ තරුණ පෙනුම රැකගන්න භාවිතා කරන එක් උපක්‍රමයක්. අපි අද ඔබට ඉදිරිපත් කරන්නම් මේ ජපන් රහස කුමක් ද කියලා. ප්‍රථමයෙන්ම භාජනයක් ලිපේ තියා සහල් මේස හැඳි තුනක් එයට එක්කර හොඳින් ඉදෙනකල් තම්බා ගන්න. ඉන්පසුව මේ භාජනය ගින්නෙන් බාගෙන ඉඳුණු සහල් වෙනම භාජනයකට එක්කර ගෙන සහල් තැම්බූ ජලය එම භාජනයේම තබා ගන්න. ඊළඟට මේ බත් සෝදා ගෙන එයට උණු කිරි මේස හැන්දක් සහ මීපැණි මේස හැන්දක් එක්කර ගන්න. දැන් මේ භාජනයේ ඇති සියල්ල හොදින් මිශ්‍රකර ආලේපනයක් සකස්කර ගන්න. ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරගෙන මේ ආලේපනය මුහුණේ ආලේප කර පැය භාගයක් සිටින්න. ඉන්පසුව ඔබ තබාගත් සහල් තැම්බූ ජලයෙන් මුහුණ මෘදුව සෝදා මේ ආලේපනය ඉවත්කර ගන්න. මෙයින් ඔබට වාසි රැසක් හිමි වේ. සහල් තැම්බූ ජලය අපේ සෞඛ්‍යයට විශාල වාසි රැසක් ගෙනෙනවා. විශාල ප්‍රතිඔක්සිකාරක බලයක් ඇති නිසා ශරීරයේ තෙතමනය ආරක්ෂා කරදීම ශරීරයේ මෙලනින් ප්‍රමාණය පාලනය කර මුහුණේ දුඹුරු පැහැ ලප කැළැල් ආදිය ඇතිවීම වලක්වාලීම පාරජම්බුල කිරණින් ආරක්ෂා කරදීම ඔබට සහල් තැම්බූ ජලය දින හතරක් පමණ ශීතකරණයේ ගබඩාකර තබා ගන්නට පුළුවන්.

මේ සත්කාර ක්‍රමය දිනකට දෙවරක් සිදුකරන්න, උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී. ඒවගේම, මේ සහල් තැම්බූ ජලය ඔබට අයිස් කැට ආකාරයට වුවත් සකස්කරගෙන මුහුණ සම්භාහනය කිරීම සඳහා භාවිතා කරන්නටත් පුළුවන්. හිරු රශ්මිය වැඩි දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්විය යුතුමයි. නැත්නම් සමට හානිවෙමින් පිග්මන්ටේෂන් වැනි තත්ත්වය හා සම රැලි වැටී වියපත් වීමද ඉක්මන් කරවයි. ඒ වගේම තරුණකම රැකගන්න තවත් ක්‍රම ටිකක් අප ඔබට කියන්නම්. හිරු රශ්මිය වැඩි දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්විය යුතුමයි. නැත්නම් සමට හානිවෙමින් පිග්මන්ටේෂන් වැනි තත්ත්වය හා සම රැලි වැටී වියපත් වීමද ඉක්මන් කරවයි. ඔබ යොවුන් වියේ පසු වුවත් සම වියපත් වීම ගැන සැලකිලිමත් වන්න. ඔබ මැදිවියේ පසු වුවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වන්නේ නම් සමේ තරුණ බව එලෙසම පවත්වා ගන්න හැකිය. ඇස් යට ගල්වන ජෙල් හා දිවා කාලයේ භාවිත කරන ආලේපනවල සිරුර වියළීම වැළැක්වීමේ ද්‍රව්‍ය අඩංගු වීම වැදගත් කරුණකි. එවැනි ස්ථාන ඉක්මනින් රැලි වැටෙන නිසා සුදුසු සත්කාර තෝරා ගන්න. ඒත් සමඟම පෝෂ්‍යදායී ආහාරවලටද මුල්තැනක් ලබා දෙන්න. දිනකට සීනි සුළු ප්‍රමාණයක් අප ශරීරයට අවශ්‍ය වන බව සැබෑවක්. නමුත් සීනි වැඩිපුර ගැනීම නිසා ඔබේ වියපත් බව මතුවී පෙනෙයි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.