Naifmvlog

Naifm vlog Gossip and News

රෝග රැසක් මර්දනය කරන විශ්මිත පානයක්.

වැල් දොඩම් කියන්නේ රසවත් පළතුරක්. මේවා ආහාරයට ගැනීමට අකමැති කෙනෙක්නම් නැති තරම්. රස වගේම වැල් දොඩම් ගුනින්ද අනුන පලතුරකි. රෝග රැසක් මැඩ පැවැත්වීම සදහා මෙය උපකාරී වේ. වැල්දොඩම් ආකාර දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය සහ කහ පැහැති ආකාරයයි.  වැල්දොඩමි යුෂ පානය කිරීමෙන් නිරෝගිමත් පැහැපත් සමක් ලබා ගැනීමට හැකිය. මෙහි විටමින් සී අඩංගු වෙන නිසා ඉක්මනින් වයසට යාම වලක්වන අතර ප්‍රතිශක්තිකරණ ද ඉහල යයි. තවද නිරෝගී කෙස් කළබක් පවත්වා ගන්නත් පැෂන් ෆෘට් උදවි වෙනවා වගේම හිසකෙස් සමිබන්ධ රෝග ඇති වීමට ඇති අවදානම අඩු කෙරේ. ඔබ නින්දට යන්න කලින් පැෂන් ෆෘට් වීදුරුවක් බීමෙන් සුව නින්දක් ලැබෙනවා සේම ආතතිය අඩුකර ගන්න පුළුවන්. පැෂන් ෆෘට් වල කැලරි සෝඩියම් මෙිදය අඩු නිසා මෙය ඔබගේ අනවශ්‍ය බර අවම කර ගන්නත් උදවි වේ. එමගින් ලස්සන හැඩකාර සිරැරක් ලබා ගන්නත් පුළුවන්. පැෂන් ෆෘට් වල ප්ලේවනොයිඩි බහුලව අඩංගු බැවින් ඉතා⁣ හොඳ පිලිකා නාශකයක් වෙි. මාංශපේෂි වල ක්‍රියා මනාව පවත්වාගෙන යන අතරම අධි රැධිර පීඩනය පාලනය කරනු ලබයි. තවද මල බද්ධය අර්ශස් හා ගුද මාර්ගයේ ඇතිවන දැවිල්ලට වැල්දොඩමි හොඳ ප්‍රතිකාරකයකි.

එසේම ඇසේ නිරෝගී බව රැක ගැනීමට හා රැධිරයේ හිමොග්ලොබින් වර්ධනය කිරීමට පැෂන් වලට හැකියාව ඇත. වැල්දොඩමි යුෂ සේම කොල ද රසවත් සේම ගුනවත් ආහාරයකි. මානසික ආතතිය පහ කරයි. රැධිර ගත කොලෙස්ටරෝල් මර්ධනය හා දියවැඩියාව මර්ධනය කිරීමෙි මහඟු හැකියාවක් පැෂන් කොලේ ඇත. තව ද සුපර්බග් බැක්ටීරියා වලට එරෙහිව සටන් වැදීමෙි හැකියාවකින් ද යුක්තය. වැල්දොඩම් කොළ  මැල්ලුම කා අතරත් ඉතාමත් ප‍්‍රිය ජනක වනවා මෙන්ම පෝෂ්‍යදායී ගුණයෙන් අනුනව ඇති අතර අපගේ රෝගාබාධ කිහිපයකට ඉතා ගුණදායක වේ. එමෙන්ම අද වෙළෙඳ පොළේ වැල්දොඩම් ජෑම් සඳහා විශාල ඉල්ලුමක් ඇත. තවද සිසිල් බීම සඳහා ලොව පුරා මහත් රුචියක් පවතියි. මෙමගින් හෘදයාබාධ සඳහා ඉතා ගුණදායකයි. වැල්දොඩම් කොලයේ ඇති ප්‍රධානම ගුණාංගය ලෙස කියවෙන්නේ රුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ටරෝල් ස්වභාවිකව අඩු කිරීමේ හැකියාවයි. මේ සමඟ කරට කර යන වසංගතයක් හා සමාන දියවැඩියාව වැළක්වීමේ හැකියාවෙන්ද පැෂන් කොලය සිටින්නේ ඉදිරියෙන්. අඩුගනනේ සතියකට වතාවක්වත් පැෂන් කොළ ආහාරයට එකතු කර ගැනීමෙන් මේ රෝග දෙකෙන්ම වැලකි සිටීමට ඔබට හැකි වේවි. මෙම වටිනා තොරතුරු තව එනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.