Naifmvlog

Naifm vlog Gossip and News

කෝපි වලටත් වඩා තේ වල ගුණ වැඩි බව දැනගන්න.

තේ,කෝපි කිව්වම අපට නුපුරුදු දෙයක් නොවෙයි. අප නිතරම මේවා පානය කරන්නේ ශරීරයට ගුණදායක නිසාවෙනි. නමුත් කෝපි වලටත් වඩා ගුණයක් තේ වල තිබෙන බව බොහෝ දෙනෙක් නොදත් කරුණකි. කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ ය. ඔස්‌ටේ්‍රලියාවේ පළවන ද ජර්නල් ඔප් ක්‌ලිනිකල් නියුටි්‍රෂන් සඟරාවෙහි සඳහන් වාර්තාවකට අනුව දිනකට තේ කෝප්ප දෙකක්‌ පානය කරනු ලබන වයස අවුරුදු 70 හා 80 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි කලක්‌ ජීවත් වීමට සමත්ය. කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට ඕනෑම රෝගයක්‌ වැළඳුණු පසු මුල් අවස්‌ථාවේදී මියයැමේ අවදානම අඩු බව ලන්ඩනයේ ඉම්පිරියල් විදුහලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය මාක්‌ ගුන්තර් විසින් වසර 16 ක්‌ මුළුල්ලේ පවත්වන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. එම අධ්‍යයනයේදී ලක්‌ෂ 50 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක්‌ පරීක්‌ෂාවට ලක්‌කර තිබේ. මෙය කෝපි මිනිසාට භාවිත කිරීමට යෝග්‍ය වන පානයක්‌ බව තහවුරු වූ ප්‍රථම අවස්‌ථාව නොවේ. මෙයට පෙර ‘නිව් එන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාවෙහි පළ කරන ලද වාර්තාවකට අනුව දිනකට කෝපි කෝප්ප හයක්‌ හෝ එයට වැඩි ගණනක්‌ පානය කරන පිරිමින් කුමන රෝගයක්‌ නිසා හෝ මියයැමේ හැකියාව සියයට 10 කින් අඩුය.

එමෙන්ම දිනකට කෝපි කෝප්ප හයක්‌ හෝ එයට වැඩි ගණනක්‌ පානය කරන කාන්තාවක්‌ එසේ රෝගවලට වැළඳී මියයැමේ අවදානම සියයට 15 කින් අඩු බව එම වාර්තාවෙහි දැක්‌වේ. කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ ය. ඔස්‌ටේ්‍රලියාවේ පළවන ‘ද ජර්නල් ඔප් ක්‌ලිනිකල් නියුටි්‍රෂන්’ සඟරාවෙහි සඳහන් වාර්තාවකට අනුව දිනකට තේ කෝප්ප දෙකක්‌ පානය කරනු ලබන වයස අවුරුදු 70 හා 80 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි කලක්‌ ජීවත් වීමට සමත්ය. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ තේ වලට මිනිස්‌ සිරුරෙහි ජාන ව්‍යහය වෙනස්‌ කරලීමේ හැකියාවක්‌ තිබීමයි. බටහිර වෛද්‍ය පර්යේෂකයෙකු වන බොබ් ආර්නට්‌ ට අනුව කෝපි මෙන්ම තේවල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන හෙලිපෙනෝල්ස්‌ අන්තර්ගතව පවතින අතර එය සෛල වලට හානි සිදුවීම වළක්‌වාලයි. කෝපිවල තේ වලට වඩා වැඩි වශයෙන් හෙලිපෙනෝල්ස්‌ අඩංගු වන අතර ඒ හරහා හෘද රෝග හා ආඝාත ඇතිවීමට හේතු වන හේතු කාරකයන් මර්දනය වන බව අනාවරණය වී තිබේ. බටහිර පර්යේෂණ වලට අනුව තේ හෘද රෝග වලට, ශරීරයෙහි බර අඩු කිරීමට, කොලෙස්‌ටරෝල් අඩු කරලීමට, අස්‌ථි ශක්‌තිමත් කිරීමට, අවධානය වර්ධනය කිරීමට යෝග්‍ය වේ. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.