Naifmvlog

Naifm vlog Gossip and News

වැටුණු හිසකෙස් නැවත වර්ධනයට විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න.

හිසකෙස් වැටි තට්ටය පැදීම ගැහැණු පිරිමි දෙපාර්ශවයම අතර අද දක්නට ලැබෙන ගැටලුවකි. මේ සදහා ඔබ නොයෙක් ප්‍රතිකාර ක්‍රම සිදු කරන්නට ඇත. මේ සදහා විවිද ප්‍රතිකාර ක්‍රම තිබුනද ඒවා සාර්ථක වන සම්භාවිතාව ඉතා අඩුයි. නමුත් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ මේ සදහා ප්‍රත්‍යක්ෂ විශ්මිත ප්‍රතිකාර ඇත. මෙය ඉතා සාර්ථක ප්‍රතිපල ලබා දෙන ක්‍රමයකි. හිසකෙස් වැටීමේදී සාමාන්‍ය වශයෙන් දිනකට හිසකෙස් 10-100 ත් අතර ප්‍රමාණයක් කාන්තාවකගෙන් ගිලිහී යනවා. මේ නිසා ඔබව අපහසුතාවයට පත් කරමින් හිසකෙස් වැටීම නිසා හිසේ තැනින් තැන හිඩැස් ඇති වනවා. හිසකෙස් වැටීමට බලපාන සුලබ හේතු කිහිපයක් ලෙස, දරුණු ආසාත්මිකතා,පරම්පරාවෙන් ඇතිවන ලක්‍ෂණ,අනුගමනය කරන ආහාර රටාවන් නිසා,ප්‍රතිශක්තිකරණ රෝග,සැත්කම් වලට භාජනය වීම,ශරීරයේ බර අඩුවීම,ආතතිය,පිළිකා සඳහා ප්‍රතිකාර ලබා ගැනීම,යකඩ ඌනතාවය,භාවිතා කරන ඖෂධ,හිසකෙස් සඳහා භාවිතා කරන විවිධ නිෂ්පාදිත යන ආකාර හැදින්විය හැක. හිසකෙස් වැටීම නිසා ඔබත් පීඩාවට ලක්වන අයෙක් නම් මීට පෙර විවිධ නිෂ්පාදිත භාවිතා කර හිසකෙස් වැටීම පාලනය කරන්නට උත්සහා කර තිබෙන්නට පුළුවන්. නමුත් මේ කිසිවක් නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා ඔබ කණගාටුවට පත්වී උත්සාහය අත්හැර සිටියා නම් අද අපි ඔබට ස්වභාවික විසඳුමක් ඉදිරිපත් කරන්නටයි සූදානම් වන්නේ. අමුද්‍රව්‍ය තුනක් භාවිතා කර සකස් කර ගන්නා මෙම ස්වභාවික සත්කාර ක්‍රමය මගින් නැවතත් හිසකෙස් ශක්තිමත්ව වර්ධනය කර ගන්නට පුළුවන්.

එඬරු තෙල්, එඬරු තෙල් තුල හිසකබලේ සම සහ කේශ මූල වල pH අගය නිසි ලෙස පාලනය කිරීමට උපකාර වන ඇමයිනෝ අම්ල අන්තර්ගත වනවා. මෙමගින් හිසකෙස් වැටීම සහ හිස්හොරි ඇතිවීම පාලනය වනවා. බිත්තර කහමද, බිත්තර කහමද විටමින්, ප්‍රෝටීන් සහ මේද අම්ලයන්ගෙන් පොහොසත් වනවා. මෙම පෝෂණයන් මගින් හිසකෙස් සඳහා පෝෂණය සපයමින් හිසකෙස් සවිමත්ව වර්ධනය වීම සිදු වනවා. මීපැණි හිස්කබලේ සහ කේශ මූල වලට අවශ්‍ය වන නිසි පෝෂණය ලබා ගැනීම සඳහා මීපැණි තුල ප්‍රභල ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වනවා. මෙමගින් හිසකෙස් වර්ධනය වීම, ආරක්‍ෂා වීම, හිසකෙස් වැටීම පාලනය වීම සහ හිසකෙස් සඳහා අවශ්‍ය කරන තෙතමනය ලබාදීම සිදු වනවා. මෙම ආලේපය සාදා ගැනීමට අවශය වන ද්‍රව්‍ය වන්නේ,එඬරු තෙල් මේස හැඳි දෙකක්, බිත්තරයක් සහ මීපැණි මේස හැන්දක් පමණි. මෙය සාදා ගැනීම ඉතා පහසුයි. භාජනයක් ගෙන අමුද්‍රව්‍ය සියල්ල එයට එක්කර මිශ්‍ර කරන්න. ඉන් පසුව මෙම ආලේපනය හිසකෙස් මුලට හොඳින් ආලේප වන පරිදි හිසකෙස් අග දක්වා ආලේප කරන්න. ඉන් පසුව ෂවර් කැප් එකක් පැළඳ පැය 2-4 ත් අතර කාලයක් සිට සෝදා පිරිසිදු කරන්න. මේ ආකාරයට මෙම සත්කාර ක්‍රමය සතියකට දෙවතාවක් මාසයක කාලයක් අනුගමනය කරන්න. මෙමගින් අත්වන ප්‍රතිඵල ඔබව විශ්මයට පත්කරාවි. මෙම තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.