Naifmvlog

Naifm vlog Gossip and News

ඇදුම රෝගය නිට්ටාවට සුවකර ගන්නේ මෙහෙමයි.

හතිය හෙවත් ඇදුම රෝගය අද බොහෝ දෙනා අතර පැතිර ඇති රෝගයකි. ඇදුම රෝගය නොමැති පුද්ගලයෙක් අද සමාජයේ නොමැති තරම්.. ඇදුම රෝගය ගැන ඔබ අසා ඇති. එය තරමක් සුලබ රෝගයක්. ඇදුම රෝගය ඇති වූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මෙම රෝගය නිට්ටාවටම සුව කල නොහැකි වුවත්, පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි. රෝගය ගැන තැකීමක් නොකර සිටීමෙන් සමහරවිට මරණය පවා සිදුවිය හැකියි. ඇදුම රෝගය ඕනෑම වයසක ඇති වෙන්න පුලුවන්. කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට වැළඳෙන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. ස්වාස නාලයේ ඇතුලත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම මෙහිදී සිදු වේ. සීත ආහාර ලබා ගැනීම, අළුයම හෝ රාත්‍රීයේ සීතල ජලය ස්නානය, නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් ලබා නොගැනීම, සුරතල් සතුන්ගේ සහ සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුල් වීමෙන්, දූවිලි සහ මකුණු දැල් වල බලපෑමෙන්, දුම් වල බලපෑමෙන්, වාහන වල දුම, සිගරට් දුම, ඇතැම් සුවඳ විලවුන් වර්ග, දිගු කාලීන පීනසය සහ ගැස්ට්‍රයිටීස්, හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, කිවිසුම් යාම සහ උගුරේ සෙම පැටලීම, පපුවේ හිර ගතිය, හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී ශබ්දයක් මතු වීම, කතා කිරීමේදී අපහසුවක් දැනීම, මේ නිසා බොහෝ ඇදුම රෝගීන් නවත්වමින් කතා කරනු දක්නට ලැබේ. තොල් සහ නියපොතු අවපැහැ වීම, හෘද ස්පන්දනය වේගවත් වීම මෙම රෝගයේ ලක්ෂණ වේ.

තමන් ජීවත් වන ස්ථානය ඇඳ ඇතිරිලි සහ කොට්ටා උර නිරන්තරයෙන් පිරිසිඳුව සහ දුවිලි රහිතව තබා ගන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පසුබට වන්න එපා. නියමිත වෛද්‍ය උපදෙස් පිළිපදින්න. පාන්දර අවදි වීමෙන් සහ රාත්‍රියේ නිදි මැරීමෙන් වලකින්න. දුමෙන්, පින්නෙන්, මීදුමෙන් ආරක්ෂා වන්න. හීල් බත්, කිරි බත්, කුරුම්බා, තැඹිලි, සාරණ, නිවිති සැර ආහාර වර්ග ලබා ගැනීමෙන් වලකින්න. අව්ව ඇති විට පමණක් ස්නානය කිරීම, ජලයේ ගිලී නෑමෙන් වැළකීම, උණු වතුර පානය, උණු වතුරෙන් වාෂ්ප ඇල්ලීම, උණු වතුරට වියළි අත්තන කොළ යොදා දුම් ඇල්ලීම සුදුසුය. දුම් පානයෙන් වලකින්න. කිරි පිටි අධික ලෙස පානය නොකරන්න. දුවිලි අධික ස්ථාන වලදී සහ නිවස පිරිසිඳු කරන අවස්ථාවේදී රෙදි කඩකින් නාසය සහ කට වසා ගන්න. ඇදුම රෝගය වැළඳුනු දරුවන්ගේ වර්ධන බාල වේ. ඉන්හෙලර් මඟින් ඇදුම රෝගීන්ගේ ශ්වසන මාර්ගය පුළුල් කරයි. ස්ටිරොයිඩ් පෙති ඉන්හෙලර් වලින් සුවයක් නැති නම් මෙම පෙති ලබා දේ. මේවා මඟින් ඇදුම හොඳින් පාලනය වේ. නමුත් මේවා ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. දිගු කාලීනව හෝ අධි මාත්‍රා වලින් ලබා ගැනීමෙන් අතුරු ප්‍රතිඵල ඇති වේ. ඇදුම රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන් සඳහා ඖෂධීය පැණි වර්ග ඇත. මෙම ක්‍රියාමාර්ග නිසිලෙස පිළිපැදීම මගින් ඔබට ඇදුම රෝගය පාලනය කරගත හැක. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැනගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.