Naifmvlog

Naifm vlog Gossip and News

නින්දට පෙර ජංගම දුරකථන භාවිතා කරන්න එපා.හේතුව මෙන්න.

ජංගම දුරකථනය කියන්නේ අද සමාජයේ සැමදෙනා අත ඇති අනිවාර්යය උපාංගයකි. එදිනෙද කාර්යයන් පහසුකර ගැනීම සදහා ජංගම දුරකථන භාවිතයට හැමදෙනාම හුරුවී ඇත. ඔබ නින්දට යාමේදී දුරකථනය අනිවාර්යයෙන්ම රැගෙන යයි. මෙය නින්දේදී භාවිතය නිසා ඔබ නොදැනුවත්ම ඉතා විශාල හානියක් ඔබට සිදුවේ. නිදා ගන්නට ගිහින් බොහෝ වෙලාවක් යනකං ජංගම දුරකතනය භාවිතා කර කර ඉන්න එක ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක්. එහෙම කරලා නිදාගැනිමේ අපහසුතා, ඇස්වල අපහසුතා දැනිලා ඇති. වර්තමානයේදි ජංගම දුරකතනය කියලා කියන්නේ ජිවිතයේම කොටසක් වෙලා. මැසේජ් බලන්න, කෝල් කරන්න, වෙබ් බ්‍රවුසින්, ඊමේල් මේ සියල්ලටම ඇගිලි තුඩේ දුර. ඉතින් නිරායාසයෙන්ම දුරකතනය නිදි පැදුරටත් ඇවිත්. සොබාදහමෙන් අපිට ලැබෙන ආලෝකය තමයි අපිට නිදාගන්න හා නැගිටින්න කියන පණිවිඩ අපේ මොලයට ලබාදෙන්නේ. මේ පණිවිඩ අනුව යමින්, අපේ මොලයේ තියන කේතු දේහ වලින් ශ්‍රාවය කරන ‘‘මෙලටොනින්‘‘ කියන හෝමෝන වල උදව්වෙන් අපේ සිරුර තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා. ජංගම දුරකතන වල තිරය මගින් අධික ලෙස දෘෂ්‍ය ආලෝකය නිකුත් කරනවා. අපිට මෙය තනි එලියක් ලෙස පෙනුනත්, දෘෂ්‍ය ආලෝකය කියන්නේ වර්ණ 7ක සංයෝජනයක් කියලා මිතුරන් දන්නවානේ. ඉතින් මේ වර්ණ හැම එකක්ම එකම විදිහට අපේ සිරුරට බලපාන්නේ නැ. මෙහි අන්තර්ගත නිල්පැහැයට අදාල සංඛ්‍යාතය සහිත තරංග ඇස මත පතිත වෙනවා. මේ හේතුවෙන් අපේ මොලයට පණිඩය යන්නේ, අපි නිදාගන්න තවමත් සූදානම් නැ කියලා. ඉතින් මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය වීම නවතිනවා. මේ හේතුව නිසා ඔයාලාගේ නින්ද පරක්කු වෙනවා. සමහර වෙලාවට නිදාගන්න ඕනා උනත් නිදාගන්න බැ. නින්ද ගියත් එය සුවදායක නින්දක් වෙන්නේ නැ. ඔයාලාට මේ අත්දැකිම විදලා ඇති.

නින්ද කියන්නේ අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. නිසි ලෙස නිදි නොලැබිම,දියවැඩියාව හෘද රෝග අක්ෂි රෝග ආඝාතය ආතතිය වගේ තත්ත්ව ඇති කරන්න පුලුවන්. නින්දට පෙර ඔබ දුරකතනය පරික්ෂා කරන සෑම අවස්ථාවකදීම ඔබේ ඇස් පින්තූර වලට නිරාවරණය වෙනවා. එම නිසා, ඔබ නින්දට යන විට ගොඩක් ප්‍රමාද වෙනවා. සෑම රාත්‍රියකම පැය 7ත් 9ත් අතර නින්දක් ඔබ ලබා ගන්නේ නැති නම්, ඔබේ ශරීරයට නිවැරදිව ක්‍රියාත්මක වීමට නොහැකි වෙනවා. ඒ වගේම විෂ ද්‍රව්‍ය ශරීරය තුළ වර්ධනය වෙනවා. සහ ස්නායු වලට ප්‍රමාණවත් තරම් විවේකයක් නොලැබෙනවා. පුද්ගලයන් සතු ජාන එකිනෙකට වෙනස් නිසා ලෝකයේ වෙසෙන සියලු පුද්ගලයන්ට මෙම තත්ත්වය අදාළ වෙන්නේ නැහැ. නමුත් 95% තරම් වූ පිරිසක්වත් ප්‍රමණවත් තරම් නින්දක් ලබාගත යුතුයි. ප්‍රමාණවත් නොවන නින්ද නිසා, මතක දෝෂයන්, ආතතිය, වැනි තත්වයන් ඇතිවිය හැකි අතර තීරණ ගැනීමේ හැකියාවටද බලපෑම් ඇතිවිය හැකියි. ඒවගේම පරිවෘර්තිය ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන හෝමෝන වන ඉන්සියුලින් හොමෝනය නිෂ්පාදනය සඳහාද ප්‍රමාණවත් නින්නදක් ලබා ගත යුතු වෙනවා. ඇගේ පරිවෘර්තිය ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක නොවේ නම්, තරබාරුකම ඇතිවෙන්නටද හැකියාව පවතිනවා. මොලයට අහිතකර බලපෑම් ඇතිවීම වලක්වා ගැනීමට අවශ්‍ය නම්, නින්දට යෑමට පැයකට පෙර නිවසේ ඇති සියලුම විද්‍යුත් කිර නිවා දමන ලෙසයි හොදම දේ තමයි නිදාගන්න කලින් ජංගම දුරකතනය භාවිතා කිරිම අවම කරන එක. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.