Naifmvlog

Naifm vlog Gossip and News

සන්ධි වේදනාවට අයුර්වේදයෙන් ස්වභාවික පානයක්.

සන්ධි වේදනාව නිසා බොහෝ දෙනෙක් අද වනවිට පීඩා විදී. විවිද ප්‍රතිකාර සදහා යොමු වුවද බොහෝ දෙනාට මින් මිදීමට නොහැකි වී ඇත. ආයුර්වේදයේ මේ සදහා ඉථීර ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම ඇත. සන්ධි වේදනාව ඇති වීමට විවිධ හේතු බලපාන අතර වයස් ගත වීමත් සන්ධි වේදනාව ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුවක් වනවා. ශරීර වේදනාවන් නිසලකාහරිමින් නිසි ලෙස ප්‍රතිකාර වලට යොමු නොවීම නිසා මේ ආකාරයේ ශරීර වේදනාවන් සුව නොවී පැවතීම හේතුකොට ගෙන ශරීරය ආතතිමය තත්වයට පත්වනවා. විශේෂයෙන්ම දණහිස් වේදනාව සඳහා ප්‍රතිකාර නොලබා සිටීම හේතුවෙන් දණහිස ව්‍යුහයමය වශයෙන් වෙනස්වීම සහ දණහිසට දැඩි හානි සිදුවීම ඇති වනවා. දණහිස් වේදනාව ඇතිවීමට බලපාන හේතු වශයෙන් පාද වැඩිපුර ක්‍රියාශීලි වීම අධික ලෙස කඳු නැගීම, දිවීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම, අස්ථි පටක තුල තැම්පත් ඛනිජ මට්ටම අනුව සහ මාංශ පේශීන්ට සහ පටක වලට සිදු වන විවිධ වර්ගයේ හානී හඳුන්වා දෙන්නට පුළුවන්. විටමින් ඌනතාවයත් දණහිස් වේදනා ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් වනවා. ස්වභාවික ඖෂධ භාවිතා කර මෙවන් වේදනාවන් දින කිහිපයක් ඇතුලත සුව කර ගත හැකි බව මෙවන් වේදනාවන්ගෙන් පීඩා විඳින පුද්ගලින් නොදන්නා කරුණක්. මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන්නේ දණහිස් සහ සන්ධි වේදනාවලින් තවදුරටත් පීඩාවට ලක්නොවී සිටීමට මගක් ඔබට හඳුන්වා දීමටයි. කුරුඳු, අන්නාසි සහ දොඩම් යුෂ භාවිතා කර සකස් කරනා මෙම ස්මූතිය දණහිස් සහ සන්ධි වේදනා සමනය කිරීම සඳහා භාවිතා කල හැකි සාර්ථකම ඖෂධීය පානයක් වනවා.

මෙම ස්මූතිය මගින් ශරීරයට ලැබෙන වේදනා සමනය කිරීමේ හැකියාව, සිලිකොන්, බ්‍රොමලින්, විටමින් C සහ මැග්නීසියම් මගින් සන්ධි වේදනාව සමනය කරනවා. ස්මූතිය සඳහා අන්නාසි භාවිතා කිරීම මගින් සන්ධි වල සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය වන විටමින් C ශරීරයට ලැබෙනවා. මෙම ස්මූතිය සමග කුරුඳු එක්කර ගැනීම මගින් බලාපොරොත්තු වන්නේ ශරීරයේ රුධිර සංසරණය නිසි පරිදි වේගවත්ව සිදු කර ගැනීමයි. දොඩම් යුෂ මගින් සැපයෙන්නේ අස්ථි බන්ධ සහ බලනහර අස්ථි කණ්ඩරාවන් සවිමත් කිරීමට අවශ්‍ය කරන විටමින් C ප්‍රමාණය සැපයීමයි. ස්මූතිය සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය, කුඩා කැබලි වලට කපා ගත් අන්නාසි කැබලි කුඩා කෝප්ප දෙකක්, ඕට්ස් කෝප්පයක්, ජලය කෝප්ප දෙකක්, දොඩම් යුෂ වීදුරුවක්, කුරුඳු පොත්තක්, පිරිසිදු ස්වභාවික මී පැණි. ප්‍රථමයෙන් ජලය සහ ඕට්ස් මුට්ටියකට එක්කර විනාඩි කිහිපයක් හොඳින් තම්බා නිවා ගන්න. ඉන් පසුව ඕට්ස්, කුරුඳු, අන්නාසි සහ මී පැණි ඇඹරුම් යන්ත්‍රයකට එක්කර හොඳින් අඹරා ඔබට අවශ්‍ය පරිදි ජලය එක්කර ස්මූතිය සකස් කර ගන්න. සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් මෙම ස්මූතිය දිනපතා පානය කරන්න. එසේ දිනපතා පානය කිරීමෙන් දින පහක් ගත වීමෙන් පසුව ඔබේ සන්ධි වේදනාවට විශ්මය ජනක සහනයක් ලැබේවි. කෙසේ වෙතත් සතියකට වඩා දණහිස් සහ සන්ධි වේදනාව පවතිනවා නම් මෙම පානය තවදුරටත් පානයක කරනවට වඩා වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සුදුසු වනවා. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.