Naifmvlog

Naifm vlog Gossip and News

ඉයර්ෆෝන් නිතරම භාවිතා කරනවානම් මේ ටිකත් දැනගන්න.

අප ජංගම දුරකථන නිතරම භාවිතා කරනු ලබයි. දුරකතනයේ ඇති වැදගත් යමකට සවන් දීමට නිදහසේ ගීතයක් රසවිදීමට අප භාවිතා කරන අනිවාර්යය අංගයක් ලෙස Earphones හැදින්විය හැක. ඉඩ ලැබුණු සෑම වෙලාවකම මේ දේ කිරීමට අප දෙවරක් සිතන්නේ නෑ. නමුත් මින් අපෙ ශරීරයට අවාසියක් මිසක වාසියක්නම් සිදුවන්නේ නෑ. ඔයාට ෆෝන් එකක් තියෙනවාද ? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. ඔයා එකෙන් වැඩි හරියක් කරන්නේ මොකක්ද ? ෆේස්බුක් යන එක තමයි. හැමෝම දෙන උත්තරෙ තමයි ඕක. හරියට හොයලා බැලුවොත් අපි අපේ දවසින් පැය 6 කට වඩා ගත කරන්නේ අපේ ෆෝන් එකත් එක්කයි. ඒත් අපි ෆේස්බුක් යන ගමන් ඒක විතරද කරන්නේ? ෆේස්බුක් යන ගමන්ම සින්දුවකුත් අහන්න තිබුනා නම් නියමයි නේද ? ඒකටනේ ඉතින් Earphones ( හෑන්ඩ්ෆ්රී ) තියෙන්නේ.. ඒ කියන්නේ අපි දවසෙන් පැය 6 ක් විතර හෑන්ඩ්ෆ්රී කනේ ගහගෙන තමයි ඉන්නේ. ඇත්තටම මේක අපේ කං වලට හොදයිද ? අපි එහෙනම් හොයල බලමු.. Earphones අද වෙළදපලෙ ඕන තරම් තියෙනවා. එහෙත් ගොඩක් අය ගන්න බලන්නෙ අඩු ගානට තියෙන සද්දෙ වැඩියෙන්ම ඇහෙන එකක්. ඒත් ඒ මොන එක ගත්තාත් දැං තියෙන Earphones අපේ කන් වලට අහිතකර බව මතකයේ තබාගන්න. එසේ කියා ඇත්තේ Dr. David A. Schessel විසිනි.

ඔහු පවසන පරිදි.. At 95 dB පරාසයේ ඇති Earphones වලට පැය 4 කට වඩා සවන් දුන්නහොත් ශ්‍රවණ ආබාධ ඇති වේ.. At 100 dB පරාසයේ ඇති Earphones වලට පැය 2 ට වඩා සවන් දුන් විට ශ්‍රවන ආබාධ ඇති වේ.. At 105 dB පරාසයේ ඇති Earphones වලට පැයකට වඩා සවන් දුන් විට ශ්‍රවන ආබාධ ඇති වේ.. At 110 dB පරාසයේ ඇති Earphones වලට පැය බාගයකට වඩා සවන් දුන්නහොත් ශ්‍රවණ ආබාධ ඇති වේ.. At 115 dB පරාසයේ ඇති Earphones වලට විනාඩි 15 ට වඩා සවන් දුන් විට ශ්‍රවන ආබාධ ඇති වේ.. 120-plus dB පරාසයේ Earphones වලට කුමන හෝ වේලාවක් සවන් දුන්නොත් ශ්‍රවණාබාධ ඇති විය හැකිය.. අවාසනාවකට මෙන් අද නිපදවන සියලුම Earphones/ headphones වර්ග 95-108 dB අතර පරාසයේ පවතී. එයින් අදහස් වන්නේ ඒවා සෑම විටම අපේ කන් වලට අහිතකර බවය. එම නිසා ඔබ දවස තිස්සේ ඒවා පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් වන්න.. මෙම උපාංග භාවිතයේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. කාලයත් සමග ස්මාට් වන ඔබ ශරීරය ගැනද බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය. මේ උපාංග එක වර ඈත් නොකලද ටිකෙන් ටික ඔබ මෙයින් ඈත් උව හොත් ඔබගේ ශරීර සෞක්‍යට වාසි දායක වේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.