Naifmvlog

Naifm vlog Gossip and News

ඔබත් අදික ලෙස දහඩිය දැමීමෙන් පිඩා විදිනවනම් මෙන්න විසදුම.

දහඩිය දැමීම සාමාන්‍ය සිදුවීමක්. නමුත් එය ප්‍රමාණය ඉක්මවා අදික ලෙස දහදිය දැමීම ඕනෑම කෙනෙකුට අපහසුතාවයක්. අදික ලෙස දහඩිය දැමීම ඔබට අපහසුවක් මෙන්ම ඔබගේ එදිනෙදා කාර්යයන් අඩාල කිරීමටද හේතුවක් වනවා. අපට බොහෝ විට හිරැ එළියේ සිට වැඩ කටයුතු කිරීමට සිදු වෙනවා. නිවසේ දී, රුකියා ස්ථානයේ දී, පාසලේ දී, විනෝද චාරිකාවක දී ආදී අවස්ථා ඊට නිදසුන් වේ. එය ස්වාභාවික තත්ත්වයකි. පිරිසුදුකමත් පිළිවෙළත් ගැන හිතන සමහර තරුණියන් අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වය නිසා සිතින් ළතැවේ. එය සුන්දර රුව ද අකාමකා කර දමයි. සමහරු මෙය සාමාන්‍ය තත්ත්වයක් කියා බැහැර කළ ද මෙම තත්ත්වය අධිකව පවතී නම් එය යම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන්නක් විය හැකියිි. එය සමහරවිට හයිපර්හයිඩ්‍රොසිස් නම් තත්ත්වය වන්නට ද පුළුවන. ඒ නිසාම ඔබත් අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වයෙන් පීඩා විඳී නම් මේ ලිපිය කියවිය යුතුමයි. අසාමාන්‍ය ලෙස අධික දහදිය දැමීම බොහෝවිට අත්ල, පතුල සහ කිහිලිවලට ඇතිවත තත්ත්වයක්. මේ ස්ථානවල ස්වේද ග්‍රන්ථිවල සාන්ද්‍රණය වැඩියි. සාමාන්‍යයෙන් මේ තත්ත්වය වයස අවුරුදු 13-14 කාලයේ දී පටන් ගන්නා අතර වසර ගණනාවක් හෝ ජීවිත කාලය තුළම පැවතිය හැකියි. ඒ නිසා පළමුව මේ තත්ත්වය හඳුනා ගත යුතුයි. සැලකිය යුතු තරම් දහදිය නිසා ඇඳුම් තෙත්වීම, එදිනෙදා ගේදොර වැඩ සහ රාජකාරි වැඩවලට බාධාවක් වීම, පෑනකින් ලිවීම, අතට අත දීම, රිය පැදවීම, තෙතමනය නිසා පාවහන් ගිලිහීයාම වැනි නොයෙක් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ.

මේ තත්ත්වය ඇතිවීමට ඒ පැහැදිලි හේතුවක් නැත. ඉඩියෝපැතික් හෝ නොහඳුනන හේතු සිත කැළඹුන අවස්ථා දී ද අධික ලෙස දහදිය දැමිය හැකියි. තවත් සමහර අවස්ථාවල දී වෙනත් හේතුවක් නිසා ඇතිවිය හැකියි. එනම් ස්නායුවල බලපෑම්, අන්තරාසර්ග පද්ධතියේ අසාමාන්‍යතා, නොයෙක් ආසාදිත අවස්ථා, සමහර ඖෂධ වර්ග, රසදිය විසවීම, ඇතැම් පිළිකා වර්ග ඒ අතර වේ. අධික ලෙස දහදිය දැමීම නිසා සමේ රෝගවලට මුහුණ දීමට සිදුවන අවස්ථා වැඩියි. දිලීර සහ බැක්ටීරියා අසාදන ඇඳුම් තෙත් වීම ගැන කනස්සල්ලට පත්වීම, ස්පර්ශ කිරීමට ඇති අකමැත්ත, සමාජයේ හැසිරීමට පැකිළීම, ශරීරයේ ඇතිවන දුගඳ නිසා ඇතිවන කලකීරීම, රැකීරක්ෂා තෝරා ගැනීමේ දී පුද්ගලයන් සමඟ ආශ්‍රය අවම රැකියා තෝරා ගැනීම යන අපහසුතා හා ලෙඩ රෝග වලට ඔබට මුහුණ දීමට සිදුවේ. මේ සදහා ඔබ කලයුත්තේ මෙම ක්‍රියා මාර්ග නිසියාකාරයෙන් අනුගමනය කිරීම පමණි. ඇල්කොහොල්, කැෆේන් හා ස්ප්යිසි ආහාර වලින් වැලකීම, සින්තටික් ෆැබ්රි්ක් ඇඳුම් භාවිතා නොකිරීම සහ ඇඟට හිර නොවන ඇඳුම් ඇඳීම, කොට්න්, ලිනන්, බැම්බූ වැනි තෙතමනය උරා ගන්න නැචුරල් මටිරියල් තියෙන පාවහන් හා මේස් ඇඳීම, ඔබගේ ඇඳුම් දිනපතා මාරු කිරීම සහ එවා නිසි ලෙස සේදීම යන කරුණු ඔබ දිනපතා පිළිපදිනවනම් අදික ලෙස දහදිය දැමීමෙන් ඔබට වැලකි සිටීමට හැකියාව ලැබේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.