Naifmvlog

Naifm vlog Gossip and News

පපුවේ අමාරුව කලින්ම හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි.

හෘදයාබාධයක් යනු – නම ඇසූ පමණින්ම බොහෝදෙනෙක් බියට පත් කරවනසුලු ඉතා භයානක රෝගී තත්ත්වයකිග ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ දියුණු නොදියුණු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පවා බහුල වශයෙන් දක්නට ලැබේග අප සියලුදෙනා අතුරින් 33්‍රක් එනම් සෑම තිදෙනකුගෙන් එක් අයෙක් අවසානයේදී මියයන්නේ හෘද රෝග හෝ අංශභාගය නිසාවෙනි.. එමෙන්ම අකාලයේ සහ ක්ෂණිකව සිදුවන මරණ බොහෝමයකට හේතුවන්නේ හෘදයාබාධයන්යග ඒ නිසා හෘදයාබාධ වළක්වා ගැනීමට කළ යුතු දේ පිළිබඳව සියලුදෙනාම දැන සිටිය යුතු අතර ඊට අවශ්‍ය පියවර ගත යුතු වේ.. හෘදයාබාධ වැළඳීමට හේතුව – හෘදය අප මිය යන තෙක් කිසිම දිනෙක නොනැවතී ක්‍රියාත්මක වන ඉන්ද්‍රියකිග එහි ප්‍රධාන කාර්යයල ශරීරය පුරා ඇති අනෙකුත් ඉන්ද්‍රියයන්ට නොකඩවා රුධිරය සැපයීම මඟින් ඒවායේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමයිග මෙමඟින් ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක සැපයීමත් ඉන් නිපදවෙන අපද්‍රව්‍ය :යූරීන්ල ඇමෝනියා වැනි- ඉවත් කිරිමත් සිදු වේ. නමුත් මෙසේ නොකඩවා ක්‍රියාත්මක වීමට හෘදයට ද නොනවතින රුධිර සැපයුමක් අවශ්‍ය වේග මෙම රුධිර සැපයුම සිදුවන්නේ වම් සහ දකුණු කිරීටක ධමනි මඟිනිග කිරීටක ධමනි යනු හෘදය මතුපිට දිවෙන හෘද පේශියට රුධිරය සපයන රුධිර නාල වේග මෙම රුධිරනාල කාලයක් ගත වනවිට කෙලෙස්ටරෝල් බැඳී රුධිර ගමනය අවහිර විය හැකියිග මෙවැනි අවහිරතා ඇති ස්ථානයක රුධිර කැටියක් සිරවීම නිසා රුධිර වාහිනියේ රුධිර ගමනය ක්ෂණිකව ඇන හිටීමෙන් හෘදයේ කොටසක් මිය යා හැකි වේග හෘදයාබාධයක් ලෙසින් හැඳින්වෙන්නේ මෙසේ හෘදයේ කොටසකට හානි සිදුවීමයිග එම හානිය සුළු හෝ විශාල විය හැකි අතර ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණ තීරණය වන්නේ මෙසේ සිදුවන හානියේ ප්‍රමාණයට අනුවය.

හෘදයාබාධයකට මුහුණ දුන් අය අතුරින් 20්‍ර ක් පමණ දෙනා ඒ මොහොතේම මරණයට පත්වීමට ඉඩ ඇතග තවත් සමහරදෙනා හෘදයාබාධ හේතුවෙන් ඇතිවන සංකූලතා නිසා මිය යනු ලැබේග ඉතිරි අයට ක්ෂණික ප්‍රතිකාර ලබා දීමෙන් හෘදයට සිදුවිය හැකි හානිය අවමකර නැවතත් යථා තත්ත්වයට පත් කරගත හැකි වේ. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හා අවදානම් සාධක. අධිරුධිර පීඩනයල දියවැඩියාවල රුධිරගත කොලෙස්ටරෝල්ල දුම්පානය හා තමාගේ පවුලේ සමීපතම ඥතීන්ට අඩු වයසින් හෘදයාබාධ ඇති වී තිබීම ආදිය හෘදයාබාධ වැළඳීමේ ප්‍රධානතම අවදානම් සහිත සාධක වේග ඒ නිසා පවුලේ යම් අයෙකුට මෙවැනි අවදානමක් තිබේ නම් ඔබ වැඩිපුර ප්‍රවේසම් විය යුතු අතර ඉහත රෝග ඇත්නම් පාලනය කර පවත්වා ගත යුතුයි. හෘදයාබාධයක් නිසා ඇතිවන රෝග ලක්ෂණරෑ කලාතුරකින් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද හෘදයාබාධ වැළඳිය හැකි වේග නමුත් බොහෝ අවස්ථාවලදී පපුවේ හරිමැද ඇතිවන තද කැක්කුමල වේදනාව හෝ හිරිවැටීමක් හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ විය හැකියිග මේ වේදනාව බෙල්ල දෙසට හනුවල උරහිස් හෝ වම් බාහුව දෙසට ගමන් කළ හැකි වේග මෙහිදී ඇතිවෙන තද කැක්කුමත් සමඟ අධික දහඩියල ක්ලාන්ත ගති ඇතිවීමල වමනයල ඔක්කාරය ඇතිවීමල හෘද ස්පන්දනය දැනෙන්ට පටන් ගැනීම ආදී ලක්ෂණ ඇතිවිය හැකියි.. කිරීටක ධමනි අවහිරවීමෙන් ඇතිවන ඇන්ජයිනා කැක්කුම රෝගියා විනාඩි දෙක තුනක් විවේක ගත්විට හෝ දිවයට තබා ගන්නා නයිට්ට්‍රේට පෙති භාවිතයෙන් සමනය වේග නමුත් හෘදයාබාධයක් නිසා ඇතිවන කැක්කුම විවේක ගැනීමෙන් හෝ නියට්‍රේට් පෙති භාවිතයෙන් සමනය නොවේග ඒ නිසා ඔබට ඇතිවිය හැකි පපුවේ කැක්කුම මිනිත්තු 10 -15ක් නොකඩවා පැවතුණොත් වහාම ළඟම ඇති රෝහලකට යා යුතු වේ.

හෘදයාබාධ අවදානම කල්තබා හඳුනාගන්නේ කෙසේද. – එසේ හඳුනගැනීමට විවිධ පරීක්ෂණ ඇති නමුත් පහසුම මෙන්ම සරලම පරීක්ෂණ වන්නේ ව්‍යායාමල ඊගසීගජී :ඡ්ගඛ්ගට්- පරීක්ෂණයයිග නමුත් මේ පරීක්ෂණය මඟින් වුවත් හෘදයාබාධ අවදානමක් ඇති ද යන්න පිළිබඳ සියයට සීයයක් ස්ථිරව නිගමනයකට එළඹිය නොහැකි වේ. හෘදයාබාධ වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද. මූලිකව ඔබට දියවැඩියාවල අධිරුධිර පීඩනයල කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි හෘදයාබාධයකට තුඩු දෙන අවදානම් සාධක ඇත්නම් ඖෂධ හා ආහාර මඟින් එම තත්ත්වයන් හොඳින් පාලනය කළ යුතුයිග එවැනි අවදානම් තත්ත්වයේ නොසිටින අය අවම වශයෙන් වසරකට වරක් වත් රුධිරගත සීනිල කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ පරීක්ෂා කරගත යුතු වේග මාස 6 කට වරක් රුධිර පීඩනය මැන බලා ගැනීම මඟින් ද රෝග අවදානමක් ඇතිදැයි පරීක්ෂා කරගත යුතු වේග එවැනි ගැටලු තිබේ නම් නිසි වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීම ද ඉතා වැදගත් වේ. ඔබ ඉහත රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් නොකඩවා සායනවලට සහභාගී වීමල වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වී රුධිරගත සීනිල කොලෙස්රෝල් මට්ටම් පාලනය වී ඇතිදැයි තහවුරු කරගත යුතුයිග ඊට අමතරව කෙරෙන තවත් පරීක්ෂණ හරහා ඖෂධ ලබා ගැනීමෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳව ද විමසා බැලිය යුතු වේ. දුම්පානයෙන් මුළුමනින්ම ඉවත්විය යුතු අතර දුම්පානය කරන තැනැත්තන් අසල සිටීමෙන් පවා වැළකිය යුතු වේග ඔබගේ වාහනයල නිවස දුම්පානයට තහනම් ස්ථාන බවට පත්කර ගන්න. ඒ වගේම දිනකට විනාඩි 45ක පමණ කාලයක් ඉක්මනින් ඇවිදීමල බයිසිකල් පැදීමල පිහිනීමල ගෙවත්තේ වැඩ කටයුතුවල නිරත වීම බැඩ්මින්ටන් වැනි සරල ක්‍රීඩාවකද නිරත විය හැකි වේ. තෙල්ල ලුණුල සීනි අධිකව අඩංගු ආහාර හැකි තරම් සීමා කළ යුතු වේග එළවළුල පලතුරුල මාළුල පරිප්පුල ධාන්‍ය වර්ග වැනි අහිතකර ආහාර වැඩි ප්‍රමාණයක් එක්කර ඔබගේ ආහාර වේල සකසා ගැනීම මඟින් හෘදයාබාධ අවදානමින් තොර නිරෝගි දිවියක් හිමි කරගත හැකි වේවි