Naifmvlog

Naifm vlog Gossip and News

ඔබේ ශරීරයටත් ව්‍යායාම අඩුද? එහෙනම් පරිස්සම් වෙන්න.

වර්තමානය වන විට මිනිසා ඉතාමත් කාර්යබහුල ජිවිතයක් ගත කරයි.මෙයට හේතුව රට දියුණු වීමත් සමග ඔබෙන් රටට සිදුවිය යුතු කාර්යයන් ප්‍රමාණය වැඩි වීමයි.මේ හේතුවෙන් තමන්ගේ අදරනියයන්ට තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් පවා අතපසු උන වෙලාවල් අනන්තවත් ඇත. ඔවුන් ඇවිදින්නේ ගෙදර සහ කාර්යාලයේ හෝ සුපර්මාකට් එකේ වෙන්න පුලුවනි. අනිත් සියලු තැන් වලට වාහන මගින් යන නිසා ඇත්තටම ශරීරයේ මේද තැන්පත් වීම වගේම හොදම ව්‍යායාමක් වන ඇවිදීමෙන් ලැබෙන වටිනාකම් ඔවුන්ට ලැබෙන්නෙ නැහැ. අතීතයේ කාන්තාව වර්ණනා කරන්නෙ සිහින් ඉඟ සහ පුළුල් උකුල ගැන කියල. නමුත් ඒ තත්වය අද බොහෝමයක් කාන්තාවන්ට නැති වීම නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් වලට පහසුවෙන් ගොදුරු වෙන්න ඉඩ වැඩියි. ඒවගේම මේව හදුනාගත්තොත් ඒ වෙනුවෙන් බොහෝම මිලක් වැය කරන්නත් වෙනවා වියදම් වලට. ඒවට අමතරව ඇති වෙන්න පුලුවන් තවත් අවදානමක් තමයි කොදු ඇට පෙල ආශ්‍රිත පිළිකා තත්වය. මේ තත්වය ඇති වෙන්න හේතු වෙන්නෙ කාන්තාවන්ගේ අලස ජිවන රටාව. ඉණ ප්‍රදේශයේ ගැටිත්තක් විදියට ආරම්භ වන මෙම තත්වය අවසානයේ නිසි ප්‍රතිකාර නැති උනොත් එක්තැන් කරන්න පවා ඉඩ තියෙනවා.

මෙම රෝගී තත්වයද බොහෝමයක් රෝග මෙන් මුල් අවස්ථා වල හදුනාගත්තොත් සුව කරගන්නට පුලුවන්. නමුත් කාලයක් ගිහින් නම් කරන්න පුලුවන් වෙන්නෙ රෝගය තරමකට පාලනය විතරයි. මෙම තත්වය ඇති නොවන්නට නම් ශරීරයේ මහත ඇති නොවෙන්නට ආහාර පාලනය වගේම නිසි ව්‍යායාමත් අනිවාර්ය කල යුතුමයි. එවගේම අධිකව මස් වර්ග කන එකත් නතර කිරිම වඩා සුදුසුයි. අධික ලුණු සහිත ආහාර වලින්ද වැලකීම වඩා හොදයි. අධික මේදය බහුල ආහාර වලින් තරමක් ඈත් වීමද ඉතා වැදගත්. ඒවගේම කෑම වේලට අනිවාර් පලා වර්ග 2ක්වත් එකතු කරගන්නට කටයුතු කරන්න. මේ තත්වය තවදුරටත් පවුලේ වෛද්‍යවරයා ලවා පරික්ෂා කරගන්න. සාමාන්‍ය ලෙස ඇග වෙහෙසවා වැඩ කරන්න. අනවශ්‍ය අවදානමකට යන්න එපා. ඔබට ඉඩ ලැබුණු සෑම මොහොතකටම ව්‍යායාම කිරීමට පුරුදුවන්න. ඇග නිතරම වෙහෙසවා දහඩිය පිටවන සේ වැඩ කරන්න. මේ විදියට දිනපතා ඔබ මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරනවානම් අනවශ්‍ය ලෙඩ රෝග වලින් මිදී නිරෝගිමත් ජිවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැනගැනීම සදහා මෙම පොස්ට් එක එක ශෙයා කරන්න.