Naifmvlog

Naifm vlog Gossip and News

සන්ෆලවර් ඔයිල් ශරීරයට ඉතා ගුණයි. සමෙහි ආලේපයෙන් නොසිතු වාසි රැසක්.

සන්ෆලවර් ඔයිල්, සූරියකාන්ත තෙල් කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ තෙල් වර්ගයක්. ආහාර පිසිමට වගේම රූසපුව පවත්වාගෙන යාමටත් මේවා භාවිතයට ගන්නවා. මේවා භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි රැසකි. බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි සමෙහි කුරුලෑ මතුවීම. විශේෂයෙන් මුහුණ මත ඇතිවන කුරුලෑ ඔබේ පෙනුම අවලස්සන කරනවා. මැරුණු සෛල සම මත තැන්පත්වීම නිසයි විශේෂයෙන්ම කුරුලෑ හට ගැනෙන්නේ. සන්ෆ්ලවර් තෙල්වල ඇති ඔමේගා 06 අම්ලය මැරුණු සම ඉවත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා සන්ෆ්ලවර් තෙල් ගැල්වීමෙන් කුරුලෑවලින් සමආරක්ෂා කර ගැනීමටත් හේතු වෙනවා. එමෙන්ම කුරුලෑ බ්ලැක් හෙඩ් හෝ වයිට් හෙඩ් වලට පත් වීම වලක්වා ඒවා මුල් අවස්ථාවේදීම සුව කිරීමේ හැකියාව මෙම තෙල් වලට ඇත. එමෙන්ම සැමට දීප්තියක් ලබා දීමටද මෙම තෙල් සමත් වේ. සම දීප්තිමත් කරයි. අධික හිරු එලිය නිසා ඔබගේ සමේ ඇති අවපැහැ ගැන්වීම් සහ කැළැල් සමනය කිරීමේ හැකියාව සන්ෆලවර් තෙල් සූරියකාන්ත තෙල් වලට ඇත. සන්ෆලවර් තෙල් සූරියකාන්ත තෙල් වල ඇති විටමින් E මගින් සම ඇතුලාන්තයෙන් පෝෂණය කරවන අතර සමේ ඇති අදුරු ලප කැළැල් සම්පුර්ණයෙන් ඉවත් කරවයි. සම වියලීම වලක්වා රැලි වැටීම අඩු කරවයි. සම වයස්ගත වීම අඩු කිරීමේ හැකියාවක් සන්ෆලවර් තෙල් සූරියකාන්ත තෙල් වලට ඇත.

බාහිර ආලේපනය පමණක් නොව මෙම තෙල් ආහාරයට ගැනීමද ඔබගේ සම වියපත් වීම වලක්වා ගැනීම සදහා ඇති පිළියමකි. එමෙන්ම සම මෘදු කරගැනීමට මෙන්ම සමේ රැලි ඉවත් කරගැනීමටද සන්ෆලවර් තෙල් සූරියකාන්ත තෙල් භාවිතා කරන්නට පුළුවන්. තුවාල සුවපත් කරවයි. සන්ෆලවර් තෙල් සූරියකාන්ත තෙල් වල ඇති අම්ලය මගින් තුවාල සුවපත් කරවන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ. ඔවුන් සොයා ගෙන ඇත්තේ මෙම අම්ලය මගී නව රුධිර නාලිකා උත්තේජනය වී තුවාල සුවපත් වීම වේගවත් වන බවයි. සමේ ඇති ප්‍රශ්න අවම කරවයි. සමට ඇතුල් වන විෂබීජ පලනය කිරිමටත් අහිතකර බැක්ටීරියා මගින් ඇතිවන සමේ කැසීම් ස්වභාවය සහ දැවිල්ල ස්වභාවය අවම කිරිමටත් ආසාදන අවම කරවීමටත් සන්ෆලවර් තෙල් සූරියකාන්ත තෙල් වලට හැකියාවක් ඇත. හිරු කිරණට නිරාවරණය වීම සමට නුසුදුසුයි. ඒ නිසා සම වියපත්වීම සිදුවනවා. සන්ෆ්ලවර් තෙල් හි ඇති විටමින් ඊ නිසා සමට සිදුවන හානි අවම කර සම සිනිඳු කරවනවා. ඒ වගේම සම හොඳින් වර්ධනය වීමටත් හේතු වනවා. ඒ නිසායි සන්ෆ්ලවර් තෙල් ගැල්වීමෙන් සම වයසට යාම අඩුකර තරුණ පෙනුම රැකගැනීමට හැකිබව දැක්වෙන්නේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැනගැනීම සදහා මෙම පොස්ට් එක එක ශෙයා කරන්න.