Naifmvlog

Naifm vlog Gossip and News

අවුරුද්දෙන් පසුත් ලුණු සහ සීනිවලින් දරුවා ඈත් කර තබන්න.

පුංචි සිඟිත්තන් උපන් දා පටන්ම දෙමාපියන්ගේ එකම අභිප්‍රාය ඔහු නිරෝගිමත් දරුවෙක් කිරීමයි. මේ සදහා දෙමාපියන් නොයෙකුත් උත්සාහයන් වල නිරත වේ. දරුවාට නිවැරදි පෝෂණ අහර රටාවන් හුරු කිරීම දෙමාපියන් සතු වගකීමකි. දරුවා කුඩා කල අහර ගැනීමට මැලි බවක් දක්වයි. මේ නිසා දෙමාපියන් නොයෙකුත් දේ දරුවට ලබා දීමට කටයුතු කරයි. විශේෂයෙන් පැණි රස අහාර ලුණු අදික අහාර මේ අතර ප්‍රදාන වේ. නිරෝගී සෞඛ්‍යමත් දරුවකු අනාගතයට දායාද කිරීමට නම් නිවැරදි පෝෂණීය සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු කළ යුතුයි. මේ ආහාර රටාව ලබාදීමේදී අපේ මව්වරුන්ට එන ගැටලු නම් දිනෙන් දින අලුත් වෙනවා. දරුවකුගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය තුළ බර ප්‍රමාණයට වඩා වැඩි වීම හා අධික සීනි, කැලරි හා තෙල් භාවිතය මේ කාලය සිටම හුරුවීම ඔහුගේ අනාගත ජීවිතයම අඳුරු කිරීමට රෝගී වැඩිහිටියකු කිරීමට හේතු වෙනවා. දරුවන්ගේ කුඩා කාලයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වගේම නියමිත බරට වඩා බර අඩුවීමත් දරුවාගේ ජීවිතයට අයහපත් ලෙස බලපාන බව නවතම විද්‍යාත්මක සොයා ගැනීමයි. මේ නිසා දරුවකු නිරෝගී වැඩිහිටියකු කිරීමට නම් මාස 06ක් වනතුරු මව්කිරි පමණක් ලබා දීම. උපතේ සිටම බර වැඩිකර ගැනීමට නොව උපත් බරට සාපේක්ෂව නියමිත බර පවත්වා ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වීම. වැරදි ආහාර රටා සහ හානිකර ආහාර රසයන්ගෙන් කුඩා කළ සිටම දරුවා බේරා ගැනීම කළ යුතුය.

වයස අවුරුද්දෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන දරුවාට ආහාර දීම උපක්‍රමයක් ලෙස සීනි, ලුණු හෝ කෘත්‍රිම රසකාරක වර්ග යොදා නොගත යුතුයි. ඒ වෙනුවට ස්වාභාවික රසකාරක භාවිත කිරීම උචිතයි. වයස අවුරුද්දකට ආසන්න වනතුරු හෝ හැකිනම් අවුරුද්ද පසු වීත් හැකි පමණ කාලයක් ලුණු, සීනි අඩංගු නොකර නැතහොත් ලුණු, සීනි අඩුවෙන් පුරුදු කළ යුතුය. දරුවාට කිරි ආහාර හෝ කිරි ලබාදෙන විට රස කළ කිරි වර්ග ලබා නොදෙන්න. රස කළ කිරි පැකට් වෙනුවට ස්වාභාවික නැවුම් එළකිරිවලට සකසා පලතුරු වැනි දෑ යොදා රස කර ලබා දෙන්න. සීනි රස ආහාර ලබාදීම තුළින් රස අංකුර සීනි රසයට වඩාත් කැමැත්ත දක්වන නිසා අනෙක් ආහාර ප්‍රතික්ෂේප කිරීමට පුළුවනි. මේ නිසා සීනි සහිත ආහාර සම්බන්ධ උත්තේජන දරුවාට හැකි තරම් දීම අවම කරන්න. වැඩෙන දරුවාගේ මොළයේ වර්ධනයට හා ක්‍රියාශීලීත්වයට ග්ලූකොස් අවශ්‍යයි. මේ අවශ්‍යතාවය ස්වාභාවික සීනි මගින් ඉටුකර දෙන්න. අප ගන්නා බොහෝ ආහාරවල දරුවාට අවශ්‍ය සීනි ප්‍රමාණ අන්තර්ගතයි. පලතුරු, බත්, අල වර්ග, එළවළු, වෙනත් පිටි සහිත ආහාර. පිපාසයට සෑම විටම පිරිසිදු වතුර ලබා දෙන්න. නැතහොත් කෘත්‍රිමව සීනි අඩංගු නොකර හෝ අඩු සීනි සාන්ද්‍රණයක් සහිත පලතුරු යුෂ, තැඹිලි වතුර, ‍පොල් වතුර වැනි දෑ ලබා දෙන්න. පාසලට ගෙන යාමට බනිස්, ෂෝර්ට්ඊට්ස් වැනි ආහාර ලබා දීමෙන් වළකින්න. ගර්භණී කාලයේ සිට කිරි දෙන කාලයේදීත් පැණී රසට ලොල් වීම දරුවාගේ සෞඛ්‍යයට හිතකර නොවන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා ගර්භණී කාලයේදී සිටම පැණි රස, තෙල් භාවිතය සීමා කරන්න. මෙවැනි ආහාර රටාවකට හුරු කිරීමෙන් ඔබේ දරුවාට නිරෝගී සෞඛ්‍යමත් පුරවැසියකු වීම සඳහා අඩිතාලම සැකසෙනු ඇති. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.