Naifmvlog

Naifm vlog Gossip and News

කොලෙස්ටරෝල් ඇතුළු රෝග රැසකට ගුණ සියඹලා.

අපේ රටේ බොහෝම ප්‍රදේශවල වැවෙන වැඩෙන විශාලව පැතිරී යන ගස්‌ විශේෂයකි සියඹලා. සියඹලා වෘක්‌ෂය බහුලව දක්‌නට ලැබෙන්නේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේය. අති විශාල ලෙස වැවෙන සියඹලා ගසේ කරල් පැසී ඉදී බිමට වැටේ. මේවා එකතු කර කරල්වල පොතු ගලවා ගෙන සුරක්‌ෂිතව වෙළෙඳපොළ දක්‌වා ප්‍රවේශ වේ. සියඹලා මදයේ නියම උපරිම ප්‍රතිඵලය භුක්‌ති විඳින්නේ උතුරේ දෙමළ ජනතාවය. මෙය පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගැනේ. කිරි හොද්දට, මිරිස්‌ හොද්දට, මස්‌ හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්‌ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්‌ වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකිය. සියඹලා පලතුරක්‌ ලෙස ගැනෙනුයේ භාගයට ඉදුණු පසු සහ හොඳටම ඉදුණු අවස්‌ථාවේදීය. මිහිරි රසයෙන් අනුන වේ. මුල් අවස්‌ථාවේ නොඉදුණු කරල් ඇඹුල් රසයෙන් යුක්‌තය. සියඹලා පලතුරක්‌ ලෙසින් අනුභව කිරීමට ළමුන් රුචියක්‌ දක්‌වනු ලැබේ. භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම, බඩේ වාතය හිරවී කපන්නාක්‌ මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි.

කෙලෙස්‌ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවකි. වසවිසෙන් තොර ස්‌වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ඇත. සියඹලා ජූස්‌ බඳුනක්‌ පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයකි. සියඹලා මදය යොදා ගනිමින් වර්තමානයේ වෙළෙඳපොලේ සියඹලා ටොෆීද දකින්නට ඇත. සෙම පවතින අවස්‌ථාවට ඉතා යෝග්‍යය. ලංකාවේ දුරාතීතයේ වැසියන් සෑම කිරි එළවලුවකටම සියඹලා මදයක්‌ දෙකක්‌a යොදා ගත් බව සඳහන් කළහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර උදරයට සැහැල්ලු බවක්‌ ලබාදෙයි. එමෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට සියඹලා කරල් මද සහ එහි පොත්ත සියඹලා ඇට, මදය, සියඹලා කොළ, සියඹලා ගහේ පොත්ත අත්‍යවශ්‍ය වේ. රෝගීන්ට ප්‍රතිකාර යෙදීමේදීද දක්‌ෂ කෘතහස්‌ත ප්‍රවීණ වෛද්‍යවරයා අවස්‌ථානුකූලව වෛද්‍ය ඥනය මෙහෙයවා ඖෂධ සංයෝජනය යොදවා රෝගී වූ තැනත්තා නිරෝගී භාවයට පාත්‍ර කරන්නේය. ශෝථ රෝගයේදී ප්‍රතිකාර යෙදීමේ ලෞහභෂ්ම කිරීමටද සියඹලා නැතිව බැරි දෙයකි. එහෙත් ඒ සා විශාල වටිනාකමින් යුතු මේ සියඹලා වෘක්‌ෂය දිවයිනේ ඇතැම් දර ව්‍යාපාරිකයන් විසින් කපා කොටා දරවලටද ගන්නා බව නොරහසකි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.