Naifmvlog

Naifm vlog Gossip and News

අක්මාව රැකගන්න මේ ක්‍රම අනුගමනය කරන්න.

බෝ නොවන රෝග අද අපේ කාලයේ බරපතල සෞඛ්‍ය තර්ජනයක්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග, පිළිකා… මේ ලැයිස්තුවට අක්මා රෝගත් එකතු වෙලා. වෙසෙසින්ම “අක්මාවේ තෙල් තැන්පත් වීම” අද අපේ ජනගහනයෙන් වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත් කරවන, අනතුරේ හෙළන රෝගයක් බවට පත් වෙලා. මේ අක්මා රෝගීන් වයස් කාණ්ඩ ලෙස සැළකුවහොත් ළදරුවෙක්, වැඩිහිටියෙක් දක්වා පරාසයක ඕනෑම කෙනෙකුට අක්මාව හා සබැඳී රෝග ඇති වෙන්න පුළුවන්. අක්මාව හා අක්මාව ආශ‍්‍රිත රෝග නිසාත් වසරකට 1800ක් විතර රජයේ රෝහල් වල මිය යනවා. මේ අනූව එතරම් බරක් නොතැබුණත් අක්මා රෝග සමාජයේ බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙන බව මේ සංඛ්‍යා ලේඛණ අපට පෙන්වා දෙන සත්‍යයයි. අක්මා රෝග හැදුනොත් නැවත සුව කිරීම පහසු කාරණයක් නොවෙයි. නිදන්ගත රෝග වල ඇති මේ සාධනීය ලක්ෂණ අක්මා රෝග වලටත් පොදුයි. අක්මා රෝගත් වැඩි ප‍්‍රමාණයක් අයිති වෙන්නෙ ‘‘බෝ නොවන රෝග’’ කාණ්ඩයටමයි. අක්මාවේ ප‍්‍රධාන වශයෙන් දෙයාකාරයක රුධිරය අන්තර්ගත වෙනවා. සාමාන්‍යයෙන් වෙනත් ඉන්ද්‍රිය වලට රුධිරය ලැබෙන්නේ ධමනියකින්. රුධිරය පිට වන්නේ ශිරා ඇසුරු කරගෙන. ඒත්, අක්මාව ඊට වෙනස්. අක්මාවට ශිරාවකින් මෙන්ම ධමනියකින් යන දෙපැත්තෙන්ම රුධිරය ලැබෙනවා. ධමනියෙන් ලැබෙන්නේ සියයට 20ක පමණ රුධිර ප‍්‍රමාණයක් විතරයි. සියයට 80ක විතර රුධිරය ලැබෙන්නේ ශිරා මගින්. ශිරා ඔස්සේ මේ විදිහට අක්මාවට එන්නේ බඩවැල් වලට යන රුධිරයයි. අක්මාවට පිවිසීමෙන් අනතුරුව මේ රුධිරය සාමාන්‍ය රුධිර ගමනාගමනයට එක් වෙනවා.

අක්මාවට බලපාන රෝග දෙවැදෑරුම්ව වර්ගීකරණය කළ හැකියි. සෙංගමාලය නොහොත් වෛරසමය හෙපටයිටිස්, ඩෙංගු, මී උණ, පැරසිටමෝල් අධි මාත‍්‍රාවක් ගැනීම ආදී රෝග නිසා අක්මාව රෝගී වීම කෙටි කාලීනව ඇතිවන ක‍්‍රියාවලියක්. අවුරුද්දක්, දෙකක්… අවුරුදු පහ දහයක් තුළ අක්මාව දුර්වල වීමෙන් අවසානයේ සිරෝසිස් ආදී තත්ත්වයකට පත්වීම මෙහිදී සාකච්ඡුා කෙරෙනවා. අක්මාවේ මේදය තැන්පත් වීම, මද්‍යසාර පානය කිරීමෙන් අක්මාව හානියට පත්වීම නිසා ඇතිවන රෝග, වෛරස සම්භවයක් සහිතව මේ දිගුකාලීනව අක්මා රෝග හට ගන්නවා. අක්මාව දුර්වල වෙනවා යැයි කියන්නේ අක්මාව තුළ ඇති හෙපටොසයිට නම් ෙසෙල විනාශ වීමයි. අධික ලෙස මත්පැන් පානය නිසා අක්මාව විකෘති වී දුර්වල වෙනවා. මත්පැන් නොබොන අයටද ස්ථූලතාවය හා වෙනත් හේතු මත අක්මාවේ හෙපටොසයිට ෙසෙල දුර්වල වීමක් සිද්ධ වෙනවා. හෙපටයිටිස් වෛරසය නිසාත් අක්මාව රෝගී වෙනවා. හෙපටයිටිස් වෛරසය ශරීරයට ඇතුළු වූ පසුව එය ශරීරයෙන් ඉවත් කර ගැනීම ඉතාම අපහසුයි. එම වෛරසය තැන්පත් වී තිබෙන්නේ අක්මාව තුළයි. විනාශයට පත් වූ ෙසෙල නැවත ලියලීමේ විශ්මිත හැකියාවක් අක්මාවට තිබෙනවා. ඒ හැකියාව ඇති ශරීරයේ ප‍්‍රධානම ඉන්ද්‍රිය තමයි අක්මාව. ඒත්, විවිධ හේතු නිසා අක්මාව ක‍්‍රම ක‍්‍රමයෙන් විනාශයට පත් වන විට එය නැවත ලියලන්නේ විකෘති ආකාරයට. එසේ ලියලූවත් අක්මාව කලින් තිබුණු ආකාරයට පත් වන්නේ නැහැ. එවිට ඉතිරි වන්නේ විකෘති වූ, කුඩා වුණු, හැකිළුණු අක්මාවක්. අක්මාව රෝගී වීමේදී ඇතිවන රෝග ලක්ෂණ සෙංගමාලය නොහොත් වෛරසමය හෙපටයිටිස් ඩෙංගු නිසාත් ඇතැම් විට අක්මාව රෝගී වෙනවා. මේ අයට තද උණ, ඇස් කහ පාට වීම, තේ කහට පැහැයෙන් මුත‍්‍රා පිටවීම, කෑම අරුචිය, වමනය ආදී රෝග ලක්ෂණ පහළ වෙනවා. තත්ත්වය එන්න එන්න බැරුම් වන නිසා ඉතාම ඉක්මණින් රෝහල්ගත වීමට මේ අයට සිදු වෙනවා. අක්මාවේ පටක කොටසක් අරගෙන අන්වීක්ෂීයව පරීක්ෂා කිරීම තමයි මෙහිදී මූලිකව සිදු වන්නේ. බොහෝ විට මේ පරීක්ෂණය රෝග නිධාන පරීක්ෂණ වල අවසානයේදී ගන්නා පියවරක්.  ඇතැම් විට රෝගීන් බයොප්සි පරීක්ෂණ වලට යන්නට මැළිකමක් දක්වන අවස්ථාත් තියෙනවා. ඒත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ අවශ්‍යතාවය පෙන්වා දුන්නොත් එයට භාජනය වීම තමයි වඩාත් සුදුසු. මේ පරීක්ෂණය කිරීමේදී කිසියම් වේදනාවක් රෝගියාට දැනෙනවා. රෝහල්ගතව පරීක්ෂණයට භාජනය වීමටත් රෝගියාට සිදු වෙනවා. නමුත් එය විරල සිදුවීමක්. මේ පරීක්ෂණය සිදු කරන්නේ එය සිදු කිරීමෙන් රෝගියාට තීරණයක් ගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තක් වන විටයි. එම නිසා වඩාත් වැදගත් වන්නේ එම පරීක්ෂණයට භාජනය වීම. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.