Naifmvlog

Naifm vlog Gossip and News

ගැස්ට්‍රයිටිස් රෝගයට සරල ප්‍රතිකාර ක්‍රම මෙන්න.

අම්ලපිත්ත රෝගය යනු උදරයේ “gastric mucosa” නමින් හඳුන්වන උදරයේ අභ්‍යන්තර ආස්තරය තුල ඇතිවන වේදනාමය තත්වයක්. මෙම වේදනාව ක්‍ෂණිකව ඇතිවී සාමාන්‍ය වශයෙන් දිනක් හෝ දින තුනක කාලයක් තිබෙනවා. නැතිනම් මෙම වේදනාව දින කිහිපයක් හෝ සති කිහිපයක් පවතින දිගුකල් පවතින තත්වයට පත් වනවා. යටිබඩේ උඩු කොටසේ ඇති වන බොහෝ ගැටළු සඳහා “ගැස්ට්‍රයිටිස්” යන නාමය ලබා දුන්නත් සත්‍ය ගැස්ට්‍රයිටිස් තත්වය යනුවෙන් හඳුන් වන්නේ ඉහත සඳහන් කල ආකාරයට “gastric mucosa” තුල ඇතිවන වේදනා තත්වයටයි. අම්ලපිත්ත රෝගයේ රෝග ලක්‍ෂණ ලෙස ආහාර අරුචිය, ඔක්කාරය, වමනය, හිසරදය, හිස කරකැවිල්ල, පපුව පිච්චෙන ස්වභාවය, නොසන්සුන් ස්වභාවය, උදරය පිපීම, මුඛ්‍ය තුල අව රසයක් දැනීම සහ මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම වැනි රෝග ලක්‍ෂණ හඳුන්වා දෙන්නට පුළුවන්. අධික ලෙස ඇල්කොහොල් පානය කිරීම, දුම්පානය, අධික ආතතිය, ඇස්ප්‍රින් හෝ වෙනත් වේදනා නාශක ඖෂධ දිගුකාලීන ලෙස පානය කිරීම සහ “helicobacter pylori” වැනි බැක්ටීරියාවන් ආසාදනය වීම වැනි විවිධ කරුණු නිසා අම්ලපිත්ත රෝගය ඇති වනවා. අද සමාජයේ බොහෝ දෙනාට ඇති මෙම රෝගී තත්වය සුවපත් කර ගැනීම සඳහා ස්වභාවික ක්‍රම කිහිපයක් . ශීත ජලය වීදුරුවක් ගෙන එයට සීනි මේස හැඳි දෙකක් එක්කර පානය කරන්න. නැවත වතාවක් අම්ලපිත්ත රෝගය නිසා වේදනාව ඇතිවන අවස්තාවක මේ ආකාරයටම පානය කරන්න. මෙම ස්වභාවික පිළියම මගින් අම්ලපිත්ත රෝගය නිසා ඇති වන වේදනාවට ක්‍ෂණික සහනයක් සැලසේවි.

ඔබ අම්ලපිත්ත රෝගය නිසා පීඩාවට පත්ව සිටින අයෙක් නම් දිනපතා කුරුම්බා පානය කිරීමේ පුරුද්දක් ඇතිකර ගන්න. නමුත් කුරුම්බා කර්කශ තත්වයන් පවතිනවා නම් උදරයේ ආම්ලිකතාවය ඇති කරන බව මතක තබා ගන්න. උදාහරණයක් ලෙස වියළුණු පොල් ගෙඩියකින් ලබා ගන්නා පොල් වතුර සඳහන් කරන්නට පුළුවන්. ඉඟුරු සතුව බැක්ටීරියා නාශක සහ වේදනා නාශක බලයන් අන්තර්ගත වන නිසා උදරයේ අභ්‍යන්තර ආස්තරය තුල ඇති වන වේදනාවන් සමනය කිරීමට උපකාර වනවා. අම්ලපිත්ත රෝගයට සුවය සලසා ගැනීම සඳහා අමු ඉඟුරු කැබැල්ලක් හැපීම සහ 1:5 අනුපාතය යටතේ ජලය සහ කිරි එක්කර රත්කර පානය කිරීම වැනි පිළියම් අනුගමනය කරන්නට පුළුවන්. නැතිනම් වේදනාව සමනය කර ගැනීම පිණිස ඉඟුරු කුඩු ස්වල්පයක් සමග කැට ලුණු සහ පෙරුම්කායම් උණු ජලය කෝප්පයකට එක්කර පානය කරන්නට පුළුවන්. කැමෝමයිල් තේ පානය කිරීම මගින් උදරයේ ඇති වන වේදනාව සහ ගෑස් ස්වභාවය පහසුවෙන්ම දුරු කර ගන්නට පුළුවන්. උණු ජලය කෝප්පයකට වියළි කැමෝමයිල් පෙති තේ හැඳි දෙකක් පමණ එක්කර දිනකට කිහිප වතාවක් පානය කරන්න. උදරයේ ඇති වන දැවිල්ල වැනි වේදනාවන් සමනය කර ගැනීම සඳහා ගස්ලබු ආහාරයට ගැනීම වඩාත් ඵලදායී වනවා. අම්ලපිත්ත රෝගයෙන් ඇති වන වේදනාව සුවකර ගැනීම සඳහා ගස්ලබු මතට ලෙමන් යුෂ බිංදු කිහිපයක් එක්කර ආහාරයට ගන්න. ගස්ලබු මතට ලෙමන් යුෂ බිංදු කිහිපයක් එක්කර ගැනීම මගින් “citric” අම්ලය ඇති නොවන බවත් එය සෞඛ්‍යයට අහිතකර නොවන බවත් මතක තබා ගන්න. ඔබ අම්ලපිත්ත රෝගයෙන් පීඩාවට ලක් වනවා නම් කැහිපිත්තන් කොළ හොඳින් අඹරා පිරිසිදු රෙදි කඩකින් පෙරා ශීතකරණයේ ගබඩා කරන්න. ඉන් පසුව ඔබ අඹරා පෙරා ගත් කැහිපිත්තන් කොළ ජෙලි එකක් බවට පත් වේවි. ඔබ අවදි වූ සැනින් හිස්බඩම මෙයින් ස්වල්පයක් ආහාරයට ගෙන සිසිල් ජලය වීදුරුවක් පානය කරන්න. මේ ආකාරයට සවස් කාලයේදීත් සිදු කරන්න. මෙසේ දින කිහිපයක් මෙම ස්වභාවික ඖෂධය ලබා ගැනීමෙන් බඩවැල් සිසිල්වී අම්ලපිත්ත රෝගය නිට්ටාවට සුවපත් වේවි.