Naifmvlog

Naifm vlog Gossip and News

උෂ්ණාධික රෝගවලට ගුණ දෙන ආහාර පාන මෙන්න.

හිසකෙස්‌ අකලට සුදුවීම, ගැලවී යැම, සම අවපැහැ ගැන්වීම, මුඛයෙන් දුඟඳක්‌ වහනය වීම, දහදිය අධික ලෙස දුර්ගන්ධවීම, සෙම් කෝපවීම ආදිය සිදුවන විට බොහෝ දෙනා පවසන්නේ උෂ්ණ රෝගවලින් පීඩා විඳින බවය. මෙලෙස උෂ්ණ රෝග මතුවීම සම්බන්ධව නාඩි වෛද්‍ය විද්‍යාවේ මහා සෘෂි වෛද්‍යවරුන් විසින් පවසා ඇත්තේ “චර්ම රෝග, කුෂ්ඨ රෝගාබාධ, රූප සෝභා, කායික, මානසික, සංතුට්‌ඨ භාඝ යෑයි කියාය. උෂ්ණ රෝග නිසා ඇතිවන සමේ රෝග කුෂ්ඨ රෝග ආදිය නිසා අකලට තම රූප සෝභාව වැහැරී යයි. ඉන් කායික සහ මානසික සතුට නැතිවේ. කාන්තාවක්‌ උෂ්ණ රෝගවලින් පෙළෙන විට ඇයගේ පවුලේම සෞඛ්‍යය පිරිහේ. එනිසා කාන්තාවන් උෂ්ණ රෝගවලට ගොදුරුව සිටින විට වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා එම රෝග සුවකරගත යුතුය. විශේෂයෙන්ම ඇය විවාහකනම් සැමියා දූ දරුවන්ගේ සෞඛ්‍යය සහ මානසික ශක්‌තිය වර්ධනය වීම හෝ පිරිහීම සඳහා ඇයගෙන් ඉටුවන මෙහෙවර අපමණය. එනිසා විවාහක කාන්තාවක්‌ උෂ්ණ රෝගවලට ගොදුරුව සිටීනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ සුදුසු ආහාර විහරණවලට යොමුවීම අනිවාර්යය. එසේ නොවුණහොත් ඇයගේ පවුලේම සෞඛ්‍යය පිරිහීමට බලපායි. උෂ්ණ රෝගවලට අහිතකර ආහාර උෂ්ණ රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් රාත්‍රි ආහාරයට වම්බටු, නිවිති, බණ්‌ඩක්‌කා, සාරණ, ගොටු කොළ, මී කිරි වැනි ආහාර වර්ග නොගත යුතුය.

උෂ්ණ රෝගවලින් පෙළෙන පුද්ගලයන් රාත්‍රි ආහාරයට පාන් පිටි, කුරක්‌කන් පිටි, කඩල පිටි, රතු හාල් පිටි, සමවගෙන මිශ්‍රකර කලටි පොල්වලින් කලවම් කර සකස්‌ කරගත් රොටියක්‌ ආහාරයට ගත හැකිය. මෙම රොටිය දර ළිපක මැටි කබලක්‌ මත තබා පුළුස්‌සා ගත හැකිනම් වඩාත් ගුණදායකය. මෙම රොටි ආහාරයට ගැනීමේදී අමු ගම්මිරිස්‌ සැර අඩු අමු මිරිස්‌ කලටි පොල් සමඟ අඹරා දෙහි ලුණු පදමට එක්‌කර සම්බෝලය සාදාගත හැකිය. උෂ්ණ රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් දවල් ආහාරය සඳහා මඤ්ඥක්කා අල ව්‍යංජනයක්‌, බණ්‌ඩක්‌කා, තලන බටු, කටු බටු දලු, බෝංචි දලු, මෑකරල් දලු, කූර තම්පලා දලු, වල් පෙනල කොළ දලු, දඹල දලු, කෝවක්‌ක කොළ දලු, මිරිස්‌ දලු, වැල් කොහිල දලු ආදිය කොළ වර්ග කිහිපයක්‌ මිශ්‍රකර සාදාගත් කලවම් මැල්ලුමක්‌ ආදිය එක්‌කර ගැනීම සුදුසුය. උෂ්ණ රෝග නිසා සම අවපැහැ ගැන්වූ කාන්තාවනට සහ පිරිමින්ට දිනපතා සම මත ආලේපයට සුදුසු ඖෂධීය ගුණදෙන ආලේපයක්‌ සාදා ගන්නා අයුරු මෙසේය. කස්‌තුරි කහකුඩු, මී පැණි, ඔලිව් තෙල්, බිත්තර සුදු මද, කෝමාරික මද, එළඟි තෙල්, දෙහි යුෂ, අමුක්‌කරා පිටි, කඩල පිටි, සමව ගෙන මී කිරි හැඳි දෙකක්‌ සමඟ මිශ්‍රකර ආලේපය සාදාගන්න. එය ගැල්වීමට පෙර සම හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුය. ඒ සඳහා ළිං ජලය බඳුනකට පිපිඤ්Æ යුෂ, කොමාරිකා යුෂ, කොහොඹ කොළ යුෂ සහ කහ ස්‌වල්පයක්‌ එක්‌කර ඖෂධීය ගුණැති ජල බඳුනක්‌ සාදාගන්න. ඉන් සම සෝදාහැර පිරිසිදු රෙදි කඩකින් උඩුඅතට මුහුණ සහ අත්පා සම පිස දමා ආලේපය ගල්වා පැය භාගයක්‌ පමණ තබා සෝදා හරින්න. සම පිරිසිදු කිරීමේදී සබන් වර්ග ආලේප කිරීමෙන් වැළකිය යුතුය. මෙලෙස දිනපතා සමට ආලේපය ගැල්වීමෙන් දුර්වර්ණ වූ සම පැහැපත් කරගත හැකිය. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.