Naifmvlog

Naifm vlog Gossip and News

සුව නොවන පිළිකාවෙන් වැළකෙන්නේ මෙහෙමයි.

පිළිකා රෝගය කියන්නේ එක රැයකින් අපට වැළදෙන ලෙඩක් නෙවේ. එය අපි ගන්න ආහාර එහෙමත් නැත්නම් අපි ජිවත් වෙන විදිහ අනුව අපට වැළදෙන රෝගයක්. නමුත් දැන් එම රෝගය උණක් හෙම්බිරිස්සාවක් තරම්ම සමාජයේ විශාල ලෙස පැතිරිලා. නිරන්තරයෙන් අපි වෙළඳ පොළෙන් ලබාගන්න පැණි බිම වලින් අපව තරබාරු කරනවා ඒ වගේම මෙය දිය වැඩියාව සෑදීමටත් එක හේතුවක්. මෙම පැණි බිමවල බලපෑම එතනින් නවතින්නේ නම් නෑ. එයින් පිළිකා රෝගය වැළඳීමේ හැකියාවත් තිබෙන බව මතක තබා ගන්න ඕනිම දෙයක්. මෙය ඇත්තටම පිළිකා රෝගකාරක සෛලයන්ට එරෙහිව සටන් කරන විශේෂ කැඳක්. මෙය සාදා ගත යුත්තේ, කොළ පැහැති කෙසෙල්, ඕට්ස් හා සුදු පැහැති ධාන්‍ය එකතු කර ගනිමිනි. මෙයට උදරයේ මහා බඩවැල ආශ්‍රිතව පිළිකා රෝග සැදීමේ අවධානම අඩු කිරීමේ හැකියාව තිබෙනවා. වර්තමානයේ දවසින් වැඩිම වෙලාවක් අපි කාලය ගත කරන්නේ ඉදගෙනයි. ඔබ දන්නවද මෙය ගර්භාෂය ආශ්‍රිත හා මහා බඩවැල ආශ්‍රීත පිළිකා සැදීමේ අවදානය වැඩි කරන්න එක හේතුවක්. එම නිසා ඔබ දිනකට පැය කිහිපයක් ඇවිදින්න එය ඔබගේ නිරෝගීබවට ඉතාමත්ම වැදගත්. සුදු ළූණු කියන්නේ ඉතාමත් හොඳ ඖෂධයක්. මෙයට හැකියාව තියනවා ඔබගේ ශරීරයේ වර්ධනය වන පිළිකා සෛලයන්ට එරෙහිව සටන් කිරීමට. එම නිසා ටිකක් විතර කටුක රසක්, සුවඳක් තිබුණත් ඔබ සැමවිටම සුදු ළූණු ආහාරයට ගැනීමට කටයුතු කරන්න.

ගෝවා, මල් ගෝවා වැනි ආහාර සතියකට වතාවක්වත් ඔබගේ ආහාර වේල සඳහා එක් කර ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා මෙම පිළිකාව නමැති දරුණු රෝගයෙන් නිදහස්ව ජිවත් වීමට. විශේෂයේනම මෙය වකුගඩු ආශ්‍රිත පිළිකා සැදීමේ අවධානම මඟ හැරිම සඳහා වැදගත් වෙනවා. හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබගේ ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ස්වාභාවිකවම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විටමින් D නිසියාකාරයෙන් ශරීරයට නොලැබිමේදී පිළිකා සෛල වර්ධනයවීමේ හැකියවක් පවතින බව පර්ශේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. නියමිත විටමින් D ප්‍රමාණය ශරීරය තුළ අන්තර්ගත නොවීම නිසා , පියයුරු, මහා බඩවැල, ඩිම්භකෝෂ, උදරය ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා උදෑසන හිරු එළියේ මිනිත්තු 15 ක් 20 පමණ ඇවිදින එක ඉතාමත්ම වැදගත්. ග්‍රීන් ටී පානය කිරීම පිළිකා රෝගී අවධානමෙන් ගැලවී සිටීමට තවත් එක් හේතුවක්. ග්‍රීන් ටීවල අඩංගු වන රසායනික ද්‍රව්‍ය පිළිකා සෛලයන්ට එරෙහිව සටන් කරනවා. මේ නිසා පියයුරු, ඩිම්බකෝෂ, මහා බඩවැල, පෙනහළු, පුරස්තතික ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා රෝග සෑදීමේ අවධානමෙන් ඔබව බේර ගන්නවා. රාත්‍රී ආලෝකය හේතුවෙන් කාන්තාවන්ට පියයුරු පිළිකා හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සැදීමේ අවධානමක් ඇති බව පර්යේෂණ මඟින් හෙළිවී තිබෙන කරුණක්. එම නිසා ඔබ නිදන කාමරය සැමවිටම අඳුර කර තැබීමට කටයුතු කරන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.