Naifmvlog

Naifm vlog Gossip and News

වැඩිපුර සීනි කනවනම් මේ ගැනත් සිතන්න.

පැණිරස කෑම කන්න කවුද අකමැති? රස කේක්, බිස්කට්, පුඩිං දකිනකොට පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ගේ කටටත් කෙළ උනන එක නවත්තන්න බැහැ. ඒත් අපි හැමෝම දන්නවා මේ රසවත් සීනි පිටුපසින් පැමිණෙන කළුවර සෙවනැල්ලක් තියෙනවා කියලා. ඒ තමයි දියවැඩියාව. සීනි නිසා දත් දිරා යනවා කියන එක හැමෝම දන්නා දෙයක්. ඒක වෙන්නේ මෙහෙමයි. සීනි මඟින් දත් දිරා යාමට හේතු වන බැක්ටීරියා මුව තුල වේගයෙන් වැවෙන්නට අමතර ශක්තියක් ලබා දෙනවා. ඇත්තටම සීනි කියන්නේ පෝෂණය රහිත කැලරි ගොඩක්. සීනි වල ප්‍රෝටීන්වත්, විටමින්වත් නැහැ. තෙල් වලට වඩා තරබාරුවට බලපාන්නේ සීනි කියලා කිව්වොත් නිවැරදියි. සීනි වලට ඇබ්බැහි වුණාට පස්සේ ආහාර වලට තියෙන පාලනය නැති වෙනවා. සීනි වල ග්ලූකෝස් සහ ෆෲක්ටෝස් කියලා සංඝටක 2ක් තියෙනවා. මේ ෆෲක්ටෝස් අක්මාව තුලින් පරිවෘත්තීය ක්‍රියාවලියකට ලක් වෙලා, ග්ලයිකොජන් බවට හරවමින් අක්මාව තුල ගබඩා වෙනවා. මේ ගබඩා වූ ප්‍රමාණය වැඩි වීම අක්මාවට අහිතකර ලෙස බලපානවා. මේ මඟින් “ෆැටි ලිවර්” නැමැති රෝගී තත්වය වැලඳෙනවා. ශරීරයේ ඇති සීනි අංශු රුධිරය සමඟ ශරීරයේ සෛල වලට ඇතුල් වීමට ඉන්සියුලින් උපකාරී වෙනවා. නමුත් ශරීරයේ ඇති සීනි ප්‍රමාණය ඉහල ගිය විට අග්නාශයේ ඉන්සියුලින් නිපදවීම අඩපණ කරයි. එය තවත් රෝග රැසකට ආරාධනා කරයි. පිළිකා සෛල නිපදවන්නේ ශරීරය ඇතුලතින්මයි. සීනි භාවිතයත් සමඟ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ වූ පසු පිළිකා සෛල බිහි වීමේ වැඩ අවදානමක් පවතිනවා. සීනි හරියට මත්ද්‍රව්‍ය වගෙයි. එක් වරක් රස බැලුවම එකට ඇබ්බැහි වෙනවා. ආයෙත් සීනි පාවිච්චිය අඩු කරන එක හරිම අමාරු වැඩක්. ඒත් කොහොම හරි ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන එක ඔබේ සෞඛ්‍යට හොඳයි.

ඔබට බඩගිනි වෙලාවට ෆෲක්ටෝස් අඩංගු පැණි බීම වර්ගයක් බිව්වා කියලා කවදාවත් බඩගින්න අඩු වෙන්නේ නෑ. මොකද ඒ සීනි ඔබේ හෝමෝන වලට බලපෑම් කරලා ඔබට පෙරටත් වඩා බඩගිනි බවක් හැඟෙන්නට ඉඩ දෙනවා. හදවත් රෝග ඇති කරවීමට සංතෘප්ත මේදය මඟින් සිදු කරන බලපෑමට වඩා සීනි වලින් සිදු කරන බලපෑම වැඩි බව දැන් සොයාගෙන තියෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය මඟින් නිපදවෙන ෆෲක්ටෝස් සහ සීනි මඟින් ඇති කරන අධික තරබාරුව හදවත් රෝග ඇති වීමට වැඩි බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම සීනි මඟින් හදවතට රුධිරය සපයන නාල අවහිර කරනවා. සීනි සහ සීනි යෙදු ආහාර පරිභෝජනය අවම කිරීමෙන් ආතර්රයිටීස් රෝගය පාලනය කරන්න පුළුවන්. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට මොළයට රුධිරය සපයන නාල අවහිර කරනවා. මේ මඟින් අංශභාග රෝගී තත්වය වැලඳෙනවා. ඇසට රුධිරය සැපයීම අඩාල වෙනවා. ඇසට රුධිරය සපයන රුධිර නාලිකා වල විකෘතිතා ඇති වීමෙන් අන්ධභාවයට පත් වීම හා ඇසේ සුද මතු වීම සිදු වෙනවා. සීනි මඟින් ස්නායු අඩපණ කිරීමෙන් සංවේදනා දැනීම අහිමි වී යනවා. තුවාල ඇති වූ විට වේදනාවක් නොදැනෙන නිසා, ඉබේම වැඩි වී නරක් වීම සිදු විය හැකියි. අත් පා හිරිවැටීම සහ ලිංගික බෙලහීනතාවය ස්නායු අඩපණ වීමෙන් ඇති වන රෝගී තත්වයන්ය. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වන විට තුවාල සුවපත් වීමට වැඩි කාලයක් ගත වෙනවා. මේ තත්වය වැඩිපුරම ඇති වන්නේ කකුල් වලයි. දියවැඩියා රෝගයත් සමඟ කකුල් වලට රුධිර සපයන එක අඩු කරනවා. ඒ නිසා ඇති වුණු තුවාල සුව වෙන්න ගොඩාක් කල් යනවා. අවසානයේ කකුල කපන්න පවා සිදු වෙන්න පුළුවන්. වකුගඩු වලට රුධීරය ගෙන යන රුධීර නාළිකා වලට සීනි මඟින් හානි පමුණුවනවා. එහි ප්‍රතිඵලයක් විදිහට වකුගඩු අක්‍රීය වෙනවා. වකුගඩු වලින් මුත්‍රා පෙරීමේ කාර්යභාරය අඩපණ වෙනවා. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.