Naifmvlog

Naifm vlog Gossip and News

අන්තර්ජාලය සතුරන්ගෙන් ඔබේ දරුවාව බේරා ගන්න.

තරුණ දරුවන් දෙමව්පියන්ට සාපේක්ෂව සුවිසල් තාක්ෂණික දැනුමකින් යුක්ත වෙනවා. නමුත් ඔවුන්ට අත්දැකීම් අඩුයි. සමාජය කෙතරම් නපුරු තැනක්ද කියලා ඔවුන් දන්නේ නැහැ. පවුලක සමාජීය දැනුම වැඩි අත්දැකීම් බහුල දෙමව්පියන්ටයි. අන්තර්ජාලය නිවැරදිව භාවිතා කිරීමෙන් මහත් වූ ප්‍රයෝජන ලබා ගත හැකි වුවත්, බොහෝ දරුවන් අන්තර්ජාලය වැරදි ලෙස භාවිතා කර තමන්ව අනතුරේ හෙලා ගන්නවා. මෙම ගැටලුවට විසඳුම අන්තර්ජාලය තහනම් කිරීම නෙවෙයි. අන්තර්ජාලයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන බොහෝමයි. දරුවාට එම අවස්තාව ලබා දෙන්න. නමුත් අන්තර්ජාල පහසුකම් දරුවාට ලබා දීමට පෙර දරුවාට සමාජීය දැනුම ලබා දෙන්න. එවිට දරුවා කල යුතු දේ සහ නොකළ යුතු දේ හඳුනා ගන්නවා ඇත. නීති රීති දැමීමට පෙර දරුවාට හරි වැරැද්ද සහ සමාජයේ නිසි තත්වය කියා දීමෙන් දරුවා ඉබේම හිකවෙනු ඇත. අඩු වයසේ දරුවෙක්ට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ලැප්ටොප්, ටැබ් හෝ ජංගම දුරකථන ලබා දෙන්න එපා. ඩෙක්ස්ටොප් පරිඝනකයක් පවුලේ සාමාජිකයන් නිතර ගැවසෙන සාලය වැනි ස්ථානයක ස්ථාපනය කරන්න. එවිට දරුවාට අන්තර්ජාලය හරහා වැරදි දේ කිරීමට නොහැකියි. දරුවා අන්තර්ජාලයෙහි සරි සරන්නේ දෙමව්පියන්ගේ ජංගම දුරකතනයකින් නම්, දරුවාට එය රැගෙන තමාගේ කාමරයට යෑම උපක්‍රමශීලිව වලක්වන්න. ඔබ සිටින ස්ථානයේදී අන්තර්ජාලයෙහි සැරිසරන්නට දරුවාව උනන්දු කරවන්න. අන්තර්ජාලයට ජායාරූප එක් කිරීමෙන් ඒවා වැරදි දේවලට යොදා ගන්නා පුද්ගලයන් මේ සමාජයේ සිටින බව දරුවාට උගන්වන්න. තමා යන එන තැන් පිළිබඳව අන්තර්ජාලයෙහි පළ කිරීමෙන් පැහැරගැනීම් වලට ලක් වූ දරුවන් ගැන ඔබේ දරුවාට කියා දෙන්න.

එමෙන්ම තමන් යන එන විනෝද චාරිකා පිළිබඳව පිටස්තරයන් දැනුවත් කිරීමෙන් නිවස කොල්ලකෑම් වලට ලක් විය හැකි බව දරුවාට අවබෝධ කර දෙන්න. දුරකථන අංක අන්තර්ජාලයට මුදා හැරීමෙන් එය වැරදි පුද්ගලයන් අතට පත් වන බව දරුවාට කියා දෙන්න. දවස පුරා අන්තර්ජාලයේ සැරිසැරීමට දරුවාට අවස්තාව දෙන්න එපා. සමහර මව්පියන් නොදැනුවත් කම නිසා දරුවාට සම්පුර්ණ අන්තර්ජාල නිදහස ලබා දෙනවා. දිනකට පැය භාගයක පමණ කාලයක් දරුවාට ලබා දෙන්න. ඒ කාලය තුල අධ්‍යාපනික තොරතුරු සෙවීමටත්, විනෝදජනක දේ සෙවීමටත් දරුවාව පොළඹවන්න. පාසල් වැඩ, පාඩම් වැඩ වලට මුල් තැන ලබා දෙන්නට දරුවාට කියා දෙන්න. පවුලේ සාමාජිකයන් එකට ආහාර ගන්නා, සාකච්චා කරනා අවස්තාවන් වලදී දරුවාට අන්තර්ජාලය සහ දුරකථනය භාවිතා කරන්නට ඉඩ දෙන්න එපා. එය දරුවාට මුල සිට හුරු කල යුතු දෙයක්. නිවස තුල දරුවාට වගකීම් ලබා දෙන්න. දෙමව්පියන්ට අවශ්‍ය සුළු උපකාර දරුවා මඟින් ලබා ගන්න. බොහෝ දරුවන් අන්තර්ජාලයේ සැරිසැරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ, පවුල තුල තමාට ඉටු කිරීමට විශේෂ කාර්යභාරයක් නැති වූ විටයි. පවුල තුල ඇති සම්බන්ධය වැඩි කර ගැනීමට කටයුතු කරන්න. දරුවාට අවශ්‍ය ආදරය සහ රැකවරණය ලබා දෙන්න. පවුල තුල නිසි අවධානය නොලබන බොහෝ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙනවා. පවුල තුල හිඟ වන ආදරය සහ අවධානය ඔවුන් අන්තර්ජාලය තුල සිටින නොහඳුනන මිතුරන් හරහා ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා භයානක කරදර වල පැටලිය හැකියි. නොගැලපෙන වෙබ් අඩවි වලට ඇතුළු වීමෙන් දරුවාව වැලැක්වීම සඳහා ඔබට Firewall භාවිතා කරන්න පුළුවන්. එය ජාල ආරක්ෂක උපාංගයක් වන අතර, එයින් අනවශ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න පුළුවන්. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.