Naifmvlog

Naifm vlog Gossip and News

ලෝකයම ලෙඩකරවන කෘත්‍රීම රසකාරක.

ළමයින්ගේ මොළයට හානි කරන කෘත්‍රීම වර්ණක, සීනි සහ රසකාරක ලෙසවර්ණ ගන්වා සකස් කළ පැණි රස අධික රසකාරක අඩංගු ටොපි, චුයින්ගම්, ලොසින්ජර්, පැණි බීම වැණි කඩ කෑම ජාති කන්නට පුංචි ළමයි හරිම ආසයි. ආහාර වලට එක් කරන කෘත්‍රිම වර්ණක, සුදු සීනි හෝ කෘත්‍රීම සීනි, කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය, රසකාරක වැනි රසායනික ආකලන වලින් ආහාරයට කිසිම පොෂණීය අගයක් එක් නොකළාට කුඩා ළමුන් සහ තරුණ තරුණියන් පාටට සහ රසයට, සුවදට රැවටෙන නිසාවෙන් ආහාර කර්මාන්තකරුවෝ තම ආහාර නිෂ්පාදන දේදුනු වර්ණ වලින් පාට කරවන්නටත් රසයෙන් ඉමිහිරි කරවන්නටත් වග බලා ගනිති. ඒ වගේම දරුවන් ඉල්ලන ඉල්ලන හැම එකක්ම ලබා දීම ආදරය යැයි වරදවා තේරුම් අරන් ඉන්න අම්මලා තාත්තලාද මේ පාට පාට කෑම බීම වලින් තම දරුවන්ගේ අමාශ පුරවන්නටද පසුබට නොවේ. කෘත්‍රීම ආහාර වර්ණක සාදනු ලබන්නේ ගල් අගුරු තාර වලින් වන අතර, මෙම වර්ණක නියමිත මාත්‍රා වලට අනුව ආහාර සදහා භාවිතා කිරීමට ආහාර නිෂ්පාදකයින්ට ලොව විවිධ රටවල අවසර ලබා දී ඇත. විශේෂයෙන්ම කෘත්‍රීම ආහාර වර්ණක නිසා ඇතැම් පිළිකා රෝග ආසාත්මිකතා වැනි රෝගාබාධයන් පවා ඇති විය හැකි යැයි විද්‍යාඥයින් අතර සැක සංකා පැවතීම නිසාවෙන් වර්ණක බොහෝමයක් දියුණු රටවල භාවිත කරන්නට අවසර ලබා දී නැත. යුරෝපය, ජපානය වැනි රටවල ප්‍රවණතාවය වන්නේ ස්වභාවික ආහාර වර්ණක ප්‍රවර්ධනය කිරිමයි. අපේ රටේ මෙයට පෙර එවැනි කෘත්‍රිම ආහාර වර්ණක දහයක් භාවිතා කරන්නට අවසර ලබා දී තිබුනත්, දැනට අවසර ලබා දී ඇත්තේ කෘත්‍රීම වර්ණක අටකට පමණි.

කෙසේ වෙතත් කෘත්‍රීම ආහාර වර්ණක සහිත ආහාර වර්ග නිතර නිතර තම දරුවන්ට දීමෙන් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වන්නට පිළිවන් කෘත්‍රීමව වර්ණ ගැන්වූ ආහාර අනුභවයෙන් ළමයින්ගේ මොළයට සිදු වන හානි පිළිබද පර්යේෂණ රාශියක් සිදු කර ඇත. ළමුන් තුළ ළමුන් සමාජ ගත වීමේදී ඇති වන දුර්වලතා හැසිරීමේ අසාමාන්‍යතා මතක ශක්තිය සහ බුද්ධිය අඩු වීම, ළමුන්ට වැළදෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරී ආබාධය, වැනි අබාධ තත්වයන් ඇති විය හැකි බව සනාත වී ඇත. එවැනි ආබාධ සහිත දෙමවුපියන් තම දරුවන්ට ලබා දෙන කෘත්‍රීම වර්ණක සහිත ආහාර කපා හැරීමෙන් වෛද්‍ය ප්‍රතිකාර වලින් තොරවම මෙම ආබාධ තත්වයන් අවම කර ගන්නට හැකි වූ බවද වාර්තා වී ඇත. අධික සීනි පරිභෝජනය මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයටද බරපතල ‍ලෙස හානි කරන බව සනාථ වී ඇත. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කල හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැදි 4ක් 5ක් (ග්රෑම් 20) පමණ වුවද අපේ රටේ අම්මලා සීනි තේ හැදි දෙක තුනක් දමා දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්ම පොවන නිසාත්, සීනි දමා සකස් කළ ටොෆි, චොක්ලට්, කේක්, බනිස්,බිස්කට්, ජෙලි, කිරි පැකට්, අයිස් පැකට් වැනි ලටපට කෑම මහ ගොඩක් ඒ දරුවන් විසින් ආමාශ ගත කර ගන්නා නිසාත් අපේ රටේ දරුවකු දිනකට අනුභව කරන සීනි ප්‍රමාණය ග්රෑම් 100 ද ඉක්මවන බව අවධාරණය කල යුතුව ඇත. මන්ද මානසික වර්ධනය ස්නායු ආබාධ ඇතැම් පිළිකා වර්ග, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා සහ මදසරු භාවයටද හේතු විය හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. තම දරුවන් තුළ ඉගෙනීමේ අපහසුතා, මතකයේ සහ අවධානයේ යොමු කිරීමේ අඩු ලුහුඩු කම් සහ නොසන්සුන්කාරී ගති ලක්ෂන වර්ධනය වනවා නම් අධික සීනි සහ කෘත්‍රීම වර්ණක සහිත රසායනික ද්‍රව්‍ය වලින් පොහොසත් කෑම බීම වර්ග ලබා දීම අවම කිරීමටත්, ඒ වෙනුවට ස්වභාවික පළතුරු සහ එළවළු සහිත ආහාර වැඩි වැඩියෙන් ලබා දීම කෙරෙහිත් වැඩිහිටියන්ගේඅවධාණය යොමු කිරීම මැනවැයි පර්යේෂකයින් අවධාරණය කරයි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.