Naifmvlog

Naifm vlog Gossip and News

හිසරදය නිට්ටාවට සුවකරගන්න හැටි.

අද සමාජයේ බොහෝ දෙන පිඩා විදින රෝගයක් තමයි හිසරදය. විවිද ප්‍රතිකාර ක්‍රම සිදුකලද හිසරදය සුව නොවන අවස්ථා ඇත. විවිද හේතුන් මත මෙම රෝගි තත්වය හට ගනී. මෙම රෝගී තත්වය හටගත්තොත් ඔබ කලයුතු දේ මෙයයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු වෙනවා. එම නිසා ශරීරයේ කුමන ස්‌ථානයක ඉන්ද්‍රිය දොෂයක්‌ හටගත්තත් එය මොළයට බලපෑම සිදු කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාව තමයි මෙම රදය හෙවත් හිසරදය ලෙස හැඳින්විය හැක්‌කේ. හිස කැක්‌කුමට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ සෙම කුපිත වීමයි. මෙලෙස හිස ආශ්‍රිත කලාපයේ සෙම බහුල වීම සඳහා බලපාන්නේ බොහෝ දෙනෙක්‌ එතරම් නොසිතන ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් ඇති කරන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි. විවිධ රෝග අවස්‌ථා නිසා හිසරදය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.

ඒ අනුව මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන දුර්වලතා, දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, විවිධ සමේ රෝග, වාතරක්‌ත වැනි රෝගාබාධ අවස්‌ථාවන්හිදී ද හිසරදය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. මීට අමතරව විවිධ මානසික පීඩනයන් නිසාද හිසරදය ඇතිවිය හැකියි.සෙම ඉවත් කිරීම සහ සෙම වියළීමට ප්‍රතිකාර කිරීම තුළින් උෂ්ණාධික බව තවත් වැඩි වී මොළය ආශ්‍රිත සියුම් සෛල තවත් විනාශ විය හැකියි. එම නිසා මොළය ආශ්‍රිත කලාපය සිසිලනය කිරීම සඳහා මුළු ශරීරයයේම උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි. එවිට රෝගියාගේ සම්පූර්ණ ශරීරයේම පවතින උෂ්ණ බව නැති වෙන අතර එවිට මොළයේ සිසිලනය ද සිදුවී හිසරදය සම්පූර්ණයෙන්ම සුව වීම සිදු වෙනවා. මීට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝගී තත්ත්වයේද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදු කළ යතුයි. වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක කරා ගොස්‌ නිවැරදි පරීක්‍ෂාවකින් පසු රෝගියාට වැළඳී ඇත්තේ කුමන රෝගයක්‌දැයි වටහාගෙන රෝග නිධානයට ප්‍රතිකාර ලබා දුන්නොත් හිසරදය නිට්‌ටාවටම සුව කළ හැකියි. වේදනා නාශක තුළින් හිසරදය සුවපත් කිරීමෙන් පසුකාලීනව වෙනත් බරපතළ රෝගාබාධ වැළඳීමද සිදුවිය හැකියි. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගියොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.