Naifmvlog

Naifm vlog Gossip and News

අංශභාග රෝගය සුවකර ගන්නේ මෙහෙමයි.

අපේ සිරුරට නිතර චලනයක්‌ අවශ්‍යය. බඩ පිරෙන්නට ආහාර ගන්නවා හා සමානව සිරුරට නිසි ආකාරයේ වාතයක්‌ ලබා ගත යුතුය. සිරුරේ පද්ධතීන් නිසි ලෙස චලනය වෙමින් ක්‍රියාකාරී වන්නේ ඒ අනුවය. සිරුර තුළ මෙම චලනයන් නිසියාකාරව සිදු නොවීම නිසා භයානක රෝග හටගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා හොඳම නිදසුන ලෙස අංශභාග රෝගය පෙන්වා දීමේ හැකියාව ඇත. කාර්ය බහුල යෑයි කියා ගනිමින්, කාර්ය බහුල ජීවිතයක නිරත වීම තුළ සිරුරට නිසි ව්‍යායාමයක්‌ අද නැත. හිසට තෙල් සාත්තුවක්‌ කරන පිරිස අද ඉතා අල්පය. හිසට දමන තෙල් මගින් මුළු සිරුරටම ලබාදෙන සුවය පිළිබඳ අද මිනිසුන්ට දැනීමක්‌ නැත. දැනීමක්‌ තිබුණ ද ඒ අනුව ක්‍රියා කිරීමට යොමුවීමක්‌ නොවන බවක්‌ පෙනෙන්නට ඇත. මොළය යනු යහසාර චක්‍රයයි. හිසේ චක්‍ර 7 ක්‌ ක්‍රියාත්මකය. හිස්‌ මුදුනට දමන තෙල මුළු සිරුරටම ගමන් කරන්නේ එහි ක්‍රියාකාරිත්වය අනුවයි. අංශභාගය, පොතු කබර, කුෂ්ට රෝග වැනි රෝගයන් ඇති නොවීමට නිසි ලෙස හිස තෙල් සාත්තුව හේතු වන බව පුරාණ හෙළ වෙද පොත්වල සටහන්ව තිබේ. අංශභාගය පිළිබඳ සලකා බැලීමේදී අධික මත්පැන් පානය, දුම් පානය, ආහාර රටාවේ වැරදි එනම් අධික තෙල්, මිරිස්‌ සහිත ආහාර අනුභවයට ගැනීම වැනි තත්ත්වයන් යටතේ ව්‍යායාම නොමැති වීම තුළ රෝගය ඇති වීමේ ප්‍රවණතාවක්‌ ඇත. අතීතයේදී අංශභාගය පිළිබඳ කතා බහ කිරීමේදී රෝගියෙක්‌ පිළිබඳ අසන්නට ලැබුණේ වයස අවුරුදු 60 – 70 වැනි වයස්‌ කාණ්‌ඩවලදී වුවත් අද වන විට එය වයස අවුරුදු 35 පසුවන වයසේදී ඇතිවන තත්ත්වයන් ලෙසින් දක්‌නට ඇත.

කාර්යබහුල යෑයි කියා ගන්නා ජීවිත තුළ තම ශරීරය ගැන නොසිතා මුදල් මතම කටයුතු කිරීමෙන් විවේකය අඩු වීම තුළ අධික රුධිර පීඩනය මෙන්ම අධික ආතතියකට මුහුණ දීම තුළ අවුරුදු 35 වැනි අඩු වයසකදී අංශභාගය ඇතිවීමට ප්‍රධාන වී ඇති කාරණා බවට සමාජය හමුවේ හඳුනාගත හැකිව තිබේ. මොළය වාම පාදය සහ දක්‍ෂිණ පාදය ලෙස අංශ දෙකකට බෙදීමේදී අංශභාගය මොළයේ වාමයට පැමිණියේ නම් සිරුරේ දකුණු අංශය පණ නැතිව යන අතර දක්‍ෂිණයට පැමිණියේ නම් පණ නැතිව යන්නේ සිරුරේ වම් අංශයයි. එලෙස අංශභාගය සිරුරේ කුමන හෝ පැත්තකට බලපාන අතර දෙපයටම බලපාන්නේ නැත. අංශභාගය මූලික අවස්‌ථාවේදී හඳුනාගත හැකි ක්‍රම කිහිපයක්‌ තිබේ. එනම් අතක හෝ පාදයක හිරිවැටීමක්‌ මතුවී සැණෙකින් නැතිව යා හැකිය. එම හිරිවැටීම සැරින් සැරේ මතුවීමට පුළුවන. තවත් විටෙක ඔළුවේ පැත්තක්‌ රිදෙන අයුරක්‌ ඇතිවන අතර එය හිරිවැටීමක්‌ ලෙසට ද ඇතිවන අවස්‌ථා ඇත. මේ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ නොමැතිව හිටි හැටියේම රෝගය ඇතිවන අවස්‌ථාද ඇත. රුධිර පීඩනය ඇති නම් එය නිසි ලෙස පාලනය කර නොගැනීම තුළ එක්‌වරම නහරයක්‌ පුපුරා රෝගී තත්ත්වයට පත්වන අය විරල නැත. එම නිසා අධික රුධිර පීඩනය ඇති නම් අධික රුධිර පීඩනය පාලනය කර ගැනීම වෙනුවෙන් වෙහෙස ගැනීමේ වගකීම හිතට ගත යුතුය. මෙවැනි වූ රෝග තත්ත්වයන් බහුල වීමට දේශීය ඖෂධීය ගුණයෙන් යුතු ආහාර පානයෙන් පලතුරු වර්ගවලින් ඈත්වීම හේතුවක්‌ වන බව පැහැදිලිව පෙනෙන්නට ඇත. බාගෙට පැසුණු කටු ආත්තා වෑංජනය ආහාරයට එක්‌කර ගත හැකි නම් මෙවැනි වූ බොහෝ රෝගවලින් වැළකීමේ හැකියාව ඇත. කටු ආත්තා වෑංජනය මෙන්ම කටු ආත්තා කොළ තම්බා බීමද හැකි නම් පොතු තම්බා බීමද යෝග්‍යය. මෙය අක්‌මාවට හිතෛෂීය. කටු ආත්තා හැඩයද අක්‌මාවක හැඩය මෙන්ය. ස්‌වභාව ධර්මයෙන්ම කටු අනෝදාවලට අක්‌මාවේ හැඩය ලබාදී තිබෙන්නේ එය අක්‌මාවට ගුණදායක නිසා වීමට පුළුවන.

මෙවැනි වූ දේ පිළිබඳ සලකා බැලීමේදී ගොටුකොළය මොළයේ හැඩය ගනී. මොළයට ගුණය. අඹ ගෙඩිය හෘදයේ හැඩැතිය. හෘදයට ගුණය. දොඩම්, බික්‌ වකුගඩු ආකාරයේය. වකුගඩුවලට ගුණය. ස්‌වභාව දහමින් පෙන්වා දී ඇති මෙවැනි වූ දේ ප්‍රතික්‌ෂේප කිරීම තුළ මිනිසා ලබාගෙන ඇති නරක බොහෝ බව පෙනෙන්නට ඇත. ස්‌වාභාවික ඖෂධීය ගුණ ඇති පලතුරු වර්ග ශ්‍රී ලංකාව තුළ බොහෝ තිබියදී ඒවායින් ඈත් වී ඇති පිරිසත් හොඳින්ම දක්‌නට ඇත. ගස්‌ලබු වෑංජනයට වකුගඩු, අක්‌මා, පෙනහලු ශක්‌තිමත් කරන අතර හම පැහැපත් කිරීමට උපකාරී වේ. ගස්‌ලබු වෑංජනය අතීත කෑම මේසයේ දක්‌නට ලැබුණත් අද එය ආහාරයට නොගන්නා තරම්ය. එහෙත් ගුණ දන්නෝ එය ආහාරයට එක්‌කර ගන්නා අවස්‌ථා ඇත. ඉතාම පැරණි හෙළ වෙද පොත්වල සටහන් වූ ඖෂධයක්‌, බතට මැල්ලුමක්‌ ලෙසට යොදා ගන්නා ආකාරය බලමු. තැඹිලි නොමේරූ ගෙඩියක ලාකඩ ටිකක්‌ සූරාගෙන පිහියකින් සිහින් තීරු කපා ගන්න. තිබ්බොටු ටිකක්‌ තම්බා ගන්න. මුරුංගා කොළ මිටක්‌ පසෙකින් තබා ගන්න. දැන් පොල් ටිකක්‌, උළුහාල්, සෝදා ගත් හාල් මිටක්‌, කොත්තමල්ලි, කරපිංචා, සූදුරු, මහදුරු, සුදුලූනු, කබලේ බැඳ අඹරා අවශ්‍ය පමණ ලුණු එකතු කර පොල් මැල්ලුම සාදා ගන්න. රතුලූනු ටිකක්‌ ඉතාම සිහින්ව කපා දමන්න. උම්බලකඩ කුඩු ටිකක්‌ කැමැති නම් එක්‌කර ගන්න. වළඳක්‌ ලිප තබා තම්බා ගත් තිබ්බොටු දමා රත්වන විට පොල් මැල්ලුම එකතුකර, ඉන්පසු මුරුංගා කොළ ටික සහ තැඹිලි ලාකඩ තීරු දමා කලවම් කර ළිපෙන් ඉවතට ගන්න. හැකි වේලාවට ආහාරයට එක්‌කර ගැනීමට උත්සාහ කර බලන්න. පුරාණ ආයුර්වේද පොත් පත්වල අංශභාග රෝගය පිළිබඳ හොඳ හැටි සටහන්ව ඇති අතර ඒ වෙනුවෙන් වූ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ක්‍රම සටහන්ව ඇත. තෙල් සාත්තුවට එහිදී මූලික තැනක්‌ දී ඇත්තේ එහි ප්‍රතිඵල පෙන්වා දෙන ගමන්ය. අංශභාග රෝගයේ භයානකකම වඩාත් හොඳින් හඳුනාගත හැකි වන්නේ එවැනි වූ රෝගියෙක්‌ නිවසේ සිටින විටය. එනිසාවෙන් රෝගයෙන් ගැලවී සිටීමට හැකිතාක්‌ නිවැරැදි පිළිවෙත් අනුගමනය කිරීමට උත්සාහ කර බලන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.