Naifmvlog

Naifm vlog Gossip and News

කැරට් යුෂ වීදුරුවක් පානය කරොත් ඔබට ලැබෙන දේවල් මෙන්න.

කැරට් කියන්නේ අප සියලුදෙනා ආහාරයට ගන්න කැමති රසවත් එළවළුවක්. මෙහි පෝෂණ ගුණයන් රාශියක් ගැබ්ව පවතී. උදැසන කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම මගින් ඔබ නොසිතු සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් ඔබට ලබා ගත හැක. කැරට් කියන්නේ දම් පාට, කළු, රතු, සුදු සහ කහ වශයෙන් පැවතියද සාමාන්‍යයෙන් තැඹිලි පැහැයෙන් යුත් එළවළුවක්. ඒවා යුරෝපයේ සහ නිරිතදිග ආසියාවේ ස්වදේශික ගෘහාශ්‍රිත ආහාරයක්. මෙම ශාකය පර්සියාවේ ආරම්භ වූ අතර මුලින් වගා කරනු ලැබුවේ එහි කොළ සහ බීජ සඳහායි. නමුත් අද වෙනකොට කැරට් කියන්නේ අපි හැමෝම කැමති, වැඩි වශයෙන් පරිභෝජනය කරන ආහාරයක්. ඔබ දන්නවාද කැරට් වල ශක්තිය කැලරි 41.35, ප්‍රෝටීන් 930 mg , විටමින් k 13.2 mcg, විටමින් සී 5.9 mg අන්තර්ගතයි. කැරට් විශේෂයෙන්ම අක්‍ෂි, සම, දත් සහ ආහාර ජීර්ණ පද්ධතියට සුවදායක වනවා. කැරට් තුල සපිරි මේ සෞඛ්‍යය වාසි රැස නිසා විවිධ පාන වර්ග කැරට් භාවිතයෙන් සකස් කරනු ලබනවා. මේ කැරට් යුෂ දිනපතා පානය කිරීමෙන් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි කිහිපයක් පිළිබඳවයි. කැරට් විටමින් A වලින් පොහොසත් වනවා. කැරට් යුෂ අවුන්ස අටක් තුල ශරීරයට දිනකට අවශ්‍ය වන විටමින් A 80% පමණ අන්තර්ගත වනවා. අක්‍ෂි වල සෞඛ්‍යය සඳහා විටමින් A අත්‍යාවශ්‍ය වන බව ඔබ දැනටමත් දන්නා කරුණක්. විටමින් A සපිරි කැරට් යුෂ දිනපතා පානය කරන්න. ඔබේ අක්‍ෂි සෞඛ්‍යය වර්ධනය වන අතරවාරයේ අස්ථි වල පටක වලට අවශ්‍ය වර්ධනයත් වේගවත් වේවි. කැරට් විටමින් C වලිනුත් පොහොසත් වනවා. පිරිසිදු කැරට් යුෂ අවුන්ස අටක් පානය කිරීම මගින් ශරීරයට දිනකට අවශ්‍ය වනවිටමින් C 35% පමණ ලබා ගන්නට පුළුවන්.

විටමින් C නිසි පරිදි ලබා ගැනීම මගින් සමෙහි කොලේජන් නිර්මාණය වීම, දත්, අස්ථි සහ පටලයන් වල සෞඛ්‍යය වර්ධනය වීම සිදු වනවා. එමෙන්ම විටමින් C ඉතා උසස් ඝනයේ ප්‍රතිඔක්සිකාරකයක් වන නිසා ඔබ සකසා ගනු ලබන කැරට් යුෂ පානයට බේරී වර්ග, ලෙමන් හෝ දොඩම් වැනි විටමින් C සපිරි පළතුරකුත් එක්කර ගන්න. ශරීරයේ සෛල තුල විද්‍යුත් විච්චේද්‍යුය සහ තරලයන් නිසි ලෙස සමබර කිරීමට අත්‍යාවශ්‍ය ඛනිජයක් වන පොටෑසියම් කැරට් යුෂ සතු වනවා. මාංශ පේශී වල නිසි ක්‍රියාකාරීත්වයටත් පොටෑසියම් අවශ්‍ය වනවා. ශරීරය තුල පොටෑසියම් ඛනිජය නිසි පරිදි තිබෙනවා නම්, මාංශපේශී පෙරලීම, කුරුලෑ ඇතිවීම, වකුගඩු රෝග සහ සම වියළීම දුරු කර ගන්නට පුළුවන්. ඔබ බර පාලනයක් සිදු කරන අයෙක් නම් ඔබට කිසිම සිත්තැවුලකින් තොරව කැරට් යුෂ පානය කරන්නට පුළුවන්. කැරට් යුෂ අවුන්ස අටක් තුල කැලරි 80 හෝ ඊට අඩු ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මෙහි කැලරි අවම බව කිරි, පළතුරු යෝගට් හෝ අයිස් එක්කිරීම මගින් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් ඔබට කැලරි වැඩි කර ගන්නට අවශ්‍ය නැත්නම් මෙම පියවර මගහැරීමටද පුළුවන්. ඔබ උදෑසන පානය කරන කෝපි පානය වෙනුවට කැරට් යුෂ වීදුරුවක් පානය කරන්න. විටමින් වර්ග සහ ඛනිජ වර්ග රැසක් සපිරි කැරට් යුෂ පානය කිරීම මගින් ශරීරය පිරිසිදු කර ගැනීම ඇතුළු සෞඛ්‍යය වාසි රැසක් සලසා ගන්නට පුළුවන්. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.